බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන කතා නිමා කරමින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා චීන තානාපතිගේ මූණට කී කතාව…  

by editor
ඔක්තෝබර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ (25) සවස චීන තානාපති කාර්යාලයට ගිය අමාත්‍යවරු ඇතුළු නියෝජිත කණ්ඩායමට එක් වූ  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා  චීන තානාපතිවරයා අවසාන වරටත් යෝජනා කළ තුන්වන පාර්ශවයක් හරහා නැවත  මෙම පොහොර සාම්පල් පරීක්ෂා කළ යුතුය යන යෝජනාවට     ඍජුව සිය විරෝධය පළ කිරීමෙන් පසු සාකච්ඡාව තීරණයකින් තොරව නිමා වී ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධව ඊයේ හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ  අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරනු ලැබුවේ  චීන තානාපති කාර්යාලයෙන් මින් පෙර  අවස්ථා කීපයක දී මෙවැනි යෝජනා වාචිකව හා ලිඛිතව ඉල්ලා සිටියත්  රටේ වලංගු නෛතික රාමුවට එකඟ නොවූ  ඒ සියලුම ඉල්ලීම් තමන් විසින් ප්‍රතික්ෂේප කළ බවය.

“මා  ඒ හැම අවස්ථාවකම එක් ස්ථාවරයක හිටියා.  අපට  තියනවා ජාතික පැලෑටි සංරක්ෂණ පනත. 1999 අංක 35 දරන මේ පනතෙ විධි විධාන අනුව පර්යේෂණයට ලක් කළ යම් ද්‍රව්‍යයක්    ප්‍රතික්ෂේප වුනාම අපට ඒ හරහාම යෑමේ හැකියාවක් නෑ. “

චීන තානාපති කාර්යාලයට  මේ සාකච්ඡාව සඳහා චීන පොහොර ගෙන්වූ සමාගමේ නියෝජිතයන් ද එක් වී සිට ඇත. ඔවුන් යළි යළිත් චීන තානාපතිවරයා හරහා බලපෑම් කර ඇත්තේ දෙපාර්ශවය එකඟවන තුන්වන පාර්ශවයකින් යළිත් පොහොර සාම්පලය පරීක්ෂා කළ යුතු බවය. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා එහිදී ප්‍රකාශ තිබුණේ එවැනි අවශ්‍යතාවයක් කිසිසේත් පැන නොගින බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ පරීක්ෂණ අපේ රටේ දි කළ ක්‍රමවේදයේ අඩුපාඩුවක් තියනවා කියලා කියන එක මා ප්‍රතික්ෂේප කළා. අපි  ජාත්‍යන්තර ශාක ආරක්ෂණ සම්මුතියට අත්සන් කළ ජාතීන් 184න් එක් රටක්. අප එම සම්මුතියට බැඳුණු සාමාජිකයෙක්.  ජාතික ශාඛ නිරෝධායන ආයතනය  හරහා  තමයි අපි ඔවුන්ට සම්බන්ධ වෙන්නෙ.  අපට තියනවා ජාත්‍යාන්තරව පිළිගත් පදනමක්. “

“මා කිව්වා  රට තුළ අප  කළ මේ  පරීක්ෂණ අප පිළිගන්නවා බව. තුන්වන පාර්ශවයක පරීක්ෂණවලට යන්න  අවශ්‍ය නැති බව. “

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා එම වැඩසටහනේ දී කීවේය.

ඔහු එහි දී ප්‍රකාශ කළේ චීන පොහොර නැව ලංකාවේ මුහුදු සීමාවට පැමිණි බව තමන් නිල වශයෙන් දැනගත්තේ පොහොර සමාගම් නියෝජිතවරිය තමන් වෙත එවූ ලිපියෙන් බවය.

එම ලිපිය ලැබී පැය භාගයක් යනවිට ගතයුතු සියලු පියවර තමන් ගත් බවත් ඔහු කීවේය.  මේ පොහොර සම්බන්ධව තීන්දුවක් ගැනීමේ දී තමන්ට කිසිම බලපෑමක් සිදු වී නැති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. රටේ වලංගු නීතිය අනුව තමන්ගේ අනුමැතියකින් තොරව මෙම පොහොර තොගය කිසිසේත්ම ගොඩබෑමට නොහැකි බවත් ඒ සඳහා තමන්ගේ අත්සන යොදා අනුමැතිය නොදෙන බවට රටට සහතික විය හැකි බවත් ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුළං විදුලිය ගැන සොයා බලන්න රාජ්‍ය ඇමතිත් එක්ක අදානිලා මන්නාරම් ගිහින්…

Next Post

ඊළඟ ඡන්දයට අපේක්ෂකයන් තෝරන ශ්‍රීලනිප ඉන්ටර්වීව් බෝඩ් එක මෙන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.