චීන විදේශ අමාත්‍ය වැන්ග් යි පසුගිය සිකුරාදා රාත්‍රියේ ශ්‍රි ලංකාවට පැමිණි අතර ඔහු ඇතුළු චීන රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස පිළිගන්නට ගිය අමාත්‍ය නාමල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.
විදේශ අමාත්‍යවරයා ශ්‍රි ලංකාවට පැමිණියේ සිකුරාදා රාත්‍රියේ විශේෂ ගුවන් යානයකිනි. මෙම කටුනායක ගුවන් තොටුපලේ දී ගොඩ බෑමෙන් පසුව චීන විදේශ අමාත්‍යවරයාට හැඩරුවින් සමාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ගුවන් යානයෙන් බිමට බැස තිබේ. ඔහු මුහුණු ආවරණය කර තිබූ බැවින් නිශ්චිතව හඳුනා ගැනීමද චීන තානාපති කාර්යාල නිලධාරීන්ට පවා අපහසු වී ඇත.
ඔහු නිල වශයෙන් පිළිගැනීමට රජයේ පාර්ශ්වයෙන් සහභාගී වූයේ අමාත්‍ය නාමල් රාජපක්ෂ ය. ඔහුටද ගුවන් යානයෙන් පළමුව බැස එන පුද්ගලයා පිළිගන්නා ලෙස එතැනදී ඉඟියක් ලැබී ඇති බව සඳහන් වේ. ඒ අනුව මෙම නිලධාරියා හරසරින් පිළිගෙන විශේෂ අමුත්තන්ගේ කලාපය වෙත රැගෙන යාමට කටයුතු කර තිබේ. ඔහු පිටත් කර හැරීම සඳහා වාහන පෙළ පවා සූදානම් කර තිබු අතර හදිසියේම ශ්‍රි ලංකාවේ චීන තානාපතිවරයා සිදුව ඇති වැරැද්ද තේරුම් ගෙන පිළිගෙන ඇත්තේ චීන විදේශ අමාත්‍යවරයා නොවන බව පවසා ඇත.
එයින් පසුව යළිත් පිරිස ගුවන් යානය අසළට ගොස් විදේශ අමාත්‍යවරයා නිල වශයෙන් පිළිගෙන කැඳවාගෙන විත් තිබෙන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
චීන ආරක්ෂක උපක්‍රමයක් ලෙස මෙය ක්‍රියාත්මක කළ බවට ද මේ වනවිට මත පලවෙමින් තිබේ.