ජාතික ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ඉහළම දූෂණ විරෝධි අධිකාරියේ විනය පරීක්‍ෂණ සහ අධීක්ෂණ කාර්යාලයේ හිටපු ප්‍රධානී ලියු යැන්පිං (Liu Yanping), විනය සහ නීතිය පිළිබඳ සැක සහිත උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව සිටින බව වාර්තා වේ.
කොමියුනිස්ට් පක්ෂයේ විනය පරීක්‍ෂණ සඳහා වූ මධ්‍යම කොමිසම සහ ජාතික අධීක්ෂණ කොමිෂන් සභාව විසින් මෙම පරීක්ෂණය පවත්වනු ලබන බව ෂින්හුවා ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලන උපදේශකයෙකුට ද අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් චීන අධිකරණයක් විසින් පසුගිය මාසයේදී ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරනු ලැබීය.
මහජන චීන සමූහාණ්ඩුවේ ස්වයං පාලන කලාපයක් වන Inner Mongolia හි උප සභාපතිවරයා වූ මා මින්ග් (Ma Ming) යුවාන් මිලියන 150 කට වඩා වැඩි ධනයක් රැස් කර ඇති බව අධිකරණය හමුවේ අනාවරණය වීමෙන් පසු ඔහුට මෙළෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.