රට පත්ව තිබෙන මහා විනාශයෙන් ගොඩගැනීම සඳහා පොදු වැඩපිළිවෙළක් යටතේ නිශ්චිත කාල සීමාවකට එක්ව කටයුතු කිරීමට දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන, වෘත්තීයවේදීන් ඇතුළු සමාජ ක්‍රියකාරීන් රැසක් එකඟතාවයකට පැමිණ තිබේ.
මේ සඳහාවන මූලික සාකච්ඡා වට කීපයක් පසුගිය කාලයේ පැවතිනි. එහි තීරණාත්මක සාකච්ඡාව පසුගිය 27 දා සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් ආරම්භ කරනු ලැබීය
එම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ, 43වන සේනාංකය ඇතුළු සුළු පක්ෂ රැසකගේ නියෝජිතයන් සහ සිවිල් සංවිධාන රැසක් සහභාගී වූහ.
මේ අයගේ මූලික අරමුණ වී ඇත්තේ වේගයෙන් විනාශය කරා ගමන් කරමින් සිටින රට නිශ්චිත කාලයකට ආරක්ෂා කරගැනීම සඳහා පොදු එකඟත්වයකට පැමිණීමය.
ඒ අනුව රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම පොදු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එම පොදු වැඩපිළිවෙළ සකස් කරගත යුතු බවත් ඔවුන්ගේ විශ්වාසයයි.
නිශ්චිත කාල සීමාවක් තුළ ක්‍රියාවට නන්වන මෙම වැඩපිළිවෙළ ජයග්‍රහණය කරවා රට ආරක්ෂා කරගැනීමෙන් පසු තම තමන්ගේ දේශපාලන ගමන යෑමට හැකි බව ද මේ සාකච්ඡාවේ දී එකඟ වී තිබේ.
මෙම වැඩපිළිවෙළ සමග එක්වීමට ආණ්ඩුවේ මැති ඇමතිවරු 22කට වැඩි පිරිසක් සාකච්ඡා කර තිබේ. පසුගියදා ඇමති ධුරවලින් ඉවත් කරන ලද පක්ෂ 10ක මන්ත්‍රීවරු සමග ද වෙනම සාකච්ඡා කරගෙන යන බවත් එම වැඩපිළිවෙළට නායකත්වය දෙන දේශපාලනඥයෙක් අද ලංකාසරට පැවසීය.
මෙම පොදු වැඩපිළිවෙළ වෙනුවෙන් ජාතික ජන බලවේගය සමග ද සාකච්ඡා පැවැත්වීම සඳහා ඉදිරි දින කීපය තුළ උත්සාහ කරන බව ද එම ආරංචි මාර්ග කීවේය.
මෙම වැඩපිළිවෙළ තුළ ආණ්ඩුවට විශ්වාසභංගයක් ගෙනවිත් පරාජය කිරීම සඳහා ද යෝජනා ඉදිරිපත් වී තිබේ.