සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චාවකච්චේරිය රෝහල වැසෙයි… රෝගීන් වෙනත් රෝහල්වලට…  නීතිය අයාලේ යනවිට සිදුවන දේ මෙයයි!

by editor
ජූලි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • චාවකච්චේරිය රෝහලේ  වෛද්‍ය අධිකාරීවරයාට පහර දුන් පිටින් පැමිණි  මැර දොස්තරලා අත් අඩංගුවට නොගැනීම නිසා ව්‍යසනයක් වන ලකුණු… රෝහල අසල උද්ඝෝෂණ වැඩි වෙයි…

  • චාවකච්චේරි වෙළෙඳ සංගය හෙට කඩ වසා හර්තාල් ව්‍යාපාරයක්  ඇරඹීමට සැලසුම් කරයි.

යාපනය චාවාකච්චේරී රෝහලේ සියලු කාර්ය මණ්ඩලය විසින් දියත් කොට ඇති වර්ජනය හේතුවෙන් රෝහලේ වැඩ කටයුතු සියල්ල අඩපණ වීම නිසා එම රෝහලේ වාට්ටු වසා දමා නේවාසික රෝගීන් වෙනත් රෝහල් වෙත 6 දා  මාරු කොට යවා ඇත.

පාලුවට ගිය චාවකච්චේරි රෝහල..

එම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුර ඉගෙනීමේ කටයුතු සඳහා විදෙස් ගත වීමත් සමගම අලුතෙන් නියෝජ්‍ය වෛද්‍ය අධිකාරිවරයෙකු පත් කොට තිබේ.

 ඔහු රෝහලට පැමිණි දිනයේම සියලු කාර්ය මණ්ඩල සමග සාකච්ඡා කොට රෝහලේ උන්නතිය වෙනුවෙන් පියවර රැසක් ගෙන ඇති අතර ඔහු උතුරේ සෞඛ්‍ය බලධාරීන් හා ඉහළ පෙළේ වෛද්‍යවරුන් විසින් කරගෙන යන දූෂණ හා වංචනික ක්‍රියා සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත යවා ඇත.

මේ ගැන කිපුණු යාපනයේ වෛද්‍යවරු පිරිසක් එම වීඩියෝව ඉවත් කර ගන්නා මෙන් බල කොට ඇති අතර ඔහු එම වීඩියෝව ඉවත් කිරීම වෙණුවට තවත් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත යොමු කොට තිබේ.

මේ හේතුව මත යාපනයේ සිට පැමිණි වෛද්‍යවරුන් පිරිසක් ඔහුගේ ජංගම දුරකතනය උදුරා ගෙන ඔහුට පහර දී ඇත.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

නියෝජ්‍ය වෛද්‍ය අධිකාරීවරයාට පහරදීමට විරෝධය පලකිරීම පිණිස රෝහලේ සියලුම කාර්ය මණ්ඩල වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබේ.

මේ අතර රෝහලේ ප්‍රශ්න විසඳා මහජනතාවට නිසි සේවයක් ලබා දෙන ලෙස ඉල්ලා පළාතේ වැසියන් පිරිසක් රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කොට තිබූ අතර එම උද්ඝෝෂණය තීව්‍ර වීම නිසා පොලීසිය උද්ඝෝෂණ කරුවන් ඉවත් කිරීමට පියවර ගත්තේය. ඒ  අවස්ථාවේදී පොලීසිය සමග ගැටුමක් ඇතිකර ගත් චාවකච්චේරී මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන එස්. ක්‍රිෂෝර් නැමැත්තා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පසුව ඔහුව ඇප මත නිදහස් කිරීමට චාවාකච්චේරී පොලීසිය පියවර ගෙන තිබේ. 

රෝහලේ කටයුතු යථා තත්ත්වයට පත් කර ගැනීමේ අරමුණින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ද උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාද ලේකම්වරයාද තවත් ඉහළ පෙළේ නිලධාරීන් රැසක්ද චාවකච්චේරී රෝහල වෙත පැමිණ ඇතත් මේ දක්වා ප්‍රශ්නය විසඳා ගැනීමට නොහැකි වී තිබේ. 

මේ අතරවාරයේ චාවාකච්චේරී එක්සත් වෙළඳ සංගමය හා තවත් සංවිධාන කීපයක් එක්ව චාවාකච්චේරී රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට පහර දුන් වෛද්‍යවරු අත් අඩංගුවට ගන්නා ලෙසත් රෝහලේ කටයුතු  යථා තත්ත්වයට පත් කරණ ලෙසත් ඉල්ලමින්  ජූලි මස 8 වෙනිදා සිය නගරයේ සියලුම වෙළද සැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට කටයුතු කොට තිබේ.  

ඒ සම්බන්ධයෙන් පත්‍රිකා බෙදීමක්ද මේ වන විට සිදු කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නුදුන් මන්ත්‍රීවරු 100ක ගේ නාම ලේඛනයක් පාර්ලිමේන්තුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට භාර දීලා…

Next Post

කරතරගම පෙරහරේ අලි කුලප්පුවක්… 3ක් රෝහලේ… පටන් ගත් දිනයේම පෙරහර අවුල් වෙයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.