බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චාමරගේ වංචාව ගොඩදාන්න රනිල් රටට බොරු කී හැටි අල්ලස් කොමිසම උසාවියට කියයි!

by editor
මැයි 16, 2025
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

චාමර සම්පත් දසනායක අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ ක්‍රියාවලියට මුල් වූ සිදුවීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවරා ඇති නඩුවේ දී චාමර සම්පත් දසනායක ගලවා ගැනීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අල්ලස් කොමිසමට පැමිණ අමූලික බොරු කී බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අනාවරණය කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පැවසුවේ තම කොමිසම ඉදිරියට පැමිණීමෙන් පසු ඔහු මාධ්‍ය හමුවේ දී එම බරපතල බොරුව ප්‍රකාශ කර සමාජයක් නොමග යැවූ බවය.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාලව චාමර සම්පත් දසනායකට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මහාධිකරණයේ නඩු පවරන බව ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ දී කීවේය.

ඌව පළාත් මහ ඇමතිවරයාව කටයුතු කරන වකවානුවේ දී රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය ඌව පළාත් සභාවට අයත් ස්ථිවර තැන්පතු ගිනුම් හයක් කල් පිරෙන්නට පෙර එම බැංකුවෙන් ඉවත් කරගැනීමෙන් රජයට ලක්ෂ 173ක මුදලක් පාඩු කර ඇතැයි චාමර සම්පත් දසනායකට චෝදනා එල්ල විය.

ඔහුට එරෙහිව පොදු දේපල පනත යටතේ පැනවූ මෙම නඩුවට අදාලව මන්ත්‍රීවරයා මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් පැවසුවේ අදාල ස්ථාවර තැන්පත් ඉවත් කර ගැනීමට තමන් එවක උපදෙස් දුන් බව පැවසුවේය. හිටපු ජනාධිපතිවරයා පැවසුවේ පළාත් සභා වෙත නිකුත් කරන මුදල් වර්ෂයක් තුළ වැය කිරීම කළ යුතු බවත්, වැය නොකළ මුදල් ආපසු භාණ්ඩාගාරය වෙත යොමු කළ යුතු බවත්ය. මුදල් ස්ථාවර තැන්පතුවල තබා ගැනීම නීති විරෝධී බව තමන් චාමර සම්පත් දසනායක ඇතුළු මහ ඇමතිවරුන් කීප දෙනෙකුට දන්වා ඊට අදාලව චක්‍ර ලේඛයක් ද නිකුත් කළ බවය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පසුගිය 28 වැනිදා හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව ඔහුව කැඳවා කරුණු විමසීමක් සිදු කළේය. මේ සම්බන්ධව අද අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් ප්‍රකාශ කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ චාමර සම්පත් දසනායකගේ බිරිය විසින් කළ ඉල්ලීමක් මත අදාල මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් ප්‍රශ්නගත සිද්ධිය පිළිබඳ ප්‍රකාශයක් කළේ යැයි තම කොමිසම ඉදිරියේ දී දැනුම් දුන් බවය.

අල්ලස් කොමිසම අධිකරණයට පැහැදිලි කළේ අදාල රාජ්‍ය බැංකුවේ ස්ථාවර ගිනුම් ඉවත් කර එම මුදල සංවර්ධන කටයුතු සඳහා යොදවන ලෙස චක්‍රලේඛය නිකුත් කර ඇත්තෙද් 2016 නොවැම්බර් මස 22 දින නමුත් චාමර සම්පත් ප්‍රශ්නගත ස්ථාවර තැන්පතු ගිනුම් ඉවත් කරගෙන ඇත්තේ එම චක්‍රලේඛය නිකුත් වීමට මාස 09කට පෙර එනම්, 2016 පෙබරවාරි 29 වැනිදා බවය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කියා සිටියේ සැකකරු අදාල ස්ථාවර තැන්පත් ඉවත් කරගන්න අවස්ථාව වනවිට රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන ආකාරයේ චක්‍රලේඛයක් නිකුත් කර තිබුණේ නැති බවය.

අල්ලස් කොමිසම තවදුරටත් අධිකරණයට දැන්වූයේ හිටපු ජනාධිපතිවරයා තමන් විසින්ම නිකුත් කළ බව කියන චක්‍රලේඛ සම්බන්ධව නිසි අවබෝධයකින් තොරව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා වැරදි තොරතුරු සමාජගත කරමින් අගතියක් සිදුකර ඇති ආකාරයය.

මේ වැරදි සගහත ප්‍රකාශ මගින් අල්ලස් කොමිසමේ කටයුතුවලට ද බාධාවක් වූ බව එම කොමිසම අධිකරණයට කීවේය. එමෙන්ම ඉදිරි නඩු දිනය වනවිට විමර්ශනය නිමා කර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බව ද විමර්ශන නිලධාරීහු පැවසූහ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිස්පති බලතල අවලමේ යැවූ දේශබන්දු 19 දා විමර්ශන කමිටුව ඉදිරියට!

Next Post

අපායට යන්න කලින් මහින්දානන්දට ආපු වරෙන්තුව…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.