අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චම්පික ගමනක…. බංකොලොත් රටට වැඩපිළිවෙළක් අරන් මහ නා හිමිවරුන් බැහැ දකියි

by editor
දෙසැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

වර්තමානයේ අප රට මුහුණ පා ඇති දැඩි ආර්ථික බංකොලොත් භාවයෙන් ගලවාගෙන එක්ව ඉදිරියට යාහැකි වැඩපිළිවෙළක් ලබන වසරේ මුල රටට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පක රණවක  අද (26)  මහනුවර දී ප්‍රකාශ කළේය. ඔහු මේ බව කීවේ මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක එම වැඩපිළිවෙළ ගැන දැනුම්වත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.  

එහදී මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.                                                                                 

“මේ රට ඉතා ඉක්මනින් මුල්‍යම  වශයෙන් බංකොලොත් වීමේ දැඩි අවදානමකට මුහුණ පා තිබෙනවා. එහෙම වුනොත් ඒ රට දශක ගණනාවක් යන තුරු නැවතත් යථා තත්වයට පත්කර ගැනීමේ හැකියාවක් නෑ. නමුත් මුදල් ඇමතිලා, මහා  බැංකු අධිපතිලා , රාජ්‍ය නායකයෝ අද මේ බව මහජනතාවගෙන් වසන් කරගෙන හීන කතා කියමින් සුරංගනා ලෝක මවමින් ගමනක් යන්න උත්සාහ කරනවා.“ 

“මේක ඉතාමත් භයානක තත්ත්වයක්. අපි ලබන ජනවාරි මස ඇතුළත මේ රට ණය බරින් ගලවාගෙන ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් රටට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ණය උගුලෙන් ගැලවී ලා රට ගොඩනගන හැටි මෙහි පැහැදිලිවම සඳහන් වෙනවා. පාට පක්ෂ භේදයකින් තොරව සාමූහිකව සියලු දෙනාම එක්ව ඉදිරියට යා හැකි වැඩපිළිවෙළක් තමයි අපි ගෙන එන්නේ.“                                                                                                       

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අද අපේ රට මුහුණ පා සිටින මූල්‍ය අර්බුදය ඉතාමත් බරපතලයි. ඉදිරි මාස තුන ඇතුළත මේ රට පූර්ණ වශයෙන් බංකොලොත් වීමේ බරපතළ අවදානමක් උද්ගතව තිබෙනවා. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා කියලත් මේ තත්ත්වය වළක්වන්න බෑ. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවානම් අඩුම තරමින් 2000 වසරේවත් ඒක කරන්න තිබුණා. දැන් පමා වැඩියි.“

“මහ බැංකු අධිපති කියන සුරංගනා කතා මේ රටේ ජනතාව පිළිගත්තත් ඒක ජාත්‍යන්තරය පිළිගන්නේ නෑ. මේ අය කියන විදියට යුගදනව් බලාගාර ගිවිසුමෙන් තවම මේ රටට එක ඩොලරයක් වත් ඇවිල්ලා නෑ. ඇමරිකාවේ බංකොලොත් සමාගමත් එක්ක තමයි මේ ගිවිසුම අත්සන් කරන්නේ. මේකෙන් වෙන්නේ මේ රටේ තියන අන්තිම ඩොලර් ටිකත් එලියට යන එකයි. මෙමඟින් වෙන්නේ අපේ රටේ ඉන්ධන හා ගෑස් බලාධිකාරිය ඇමරිකාව සතු වෙන එකයි. මේක අපේ රටේ ජාතික ආරක්ෂාවටත් බලවත් තර්ජනයක්. “

“අද ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ බසිමින් තිබෙනවා. ඉන්ධන මිල පහල යන අවස්ථාවේ මිල ඉහළ දැමූ එකම රට වශයෙන් ලංකාව ඉතිහාස ගත වෙනවා. අද වන විට රජය ඉන්ධන ලීටරයකින් රුපියල් 89 ක් අයුතු ලාභයක් ලබනවා. අද විදුලිබල මණ්ඩලයට පවා ඉන්ධන ලබා ගැනීමේ අර්බුදයක් තියෙනවා. ඉදිරියේදී වැස්ස නැත්නම් අනිවාර්යෙන්ම විදුලිය කැපීමක් කරනවා. මේ වනවිටත් ජනතාවට නොදැනෙන්න දවසකට විනාඩි 45 ක් විදුලිය කපනවා.“                                

“මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියන සුරංගනා කතා වැඩි කාලයක් කියන්න වෙන්නේ නෑ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියන්නේ පාලකයන්ව නොමඟ යවලා රටම අමාරුවෙ දාන පුද්ගලයෙක්. කබ්රාල් කියන්නේ ඒ වගේ වැඩ වලට කප් ගහපු පුද්ගලයෙක්.ග්‍රීක බොන්ඩ්, හෙජින් ගනුදෙනුව, බැඳුම්කර හොරකම් වගේ දේවල් වලට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන සුදුකරපටි හොරෙක් තමයි කබ්රාල් කියන්නේ.“                                                                                                                  

“ඉතා නුදුරු කාලයේදීම මේ අයට මේ කරන අපරාධ වලට වගකියන්න වෙයි. අද මේ රටේ ජනතාව සෑම අතකින්ම තැලිලා මිරිකිලා දරන්න පුළුවන් අන්තිම ආර්ථික ගැටලු රැසකට මැදි වෙලා ඉන්නේ.  එහෙම තිබියදී මේ රටේ පාලකයෝ ඇතුළු රජයේ මැති ඇමතිවරු තියෙන ඩොලර් ටිකත් වියදම් කරමින් පිටරට සැපගන්න සවාරි යනවා. අඩුම වශයෙන් ද මේ රටේ ජනතාවට අවශ්‍ය ඖෂධ ටික ගන්නවත් ඩොලර් නැහැ. අත්‍යවශ්‍ය ආහාර පාන දන්න ඩොලර් නැහැ. නමුත් සවාරි යන්න ඩොලර් තියෙනවා.මේ රටේ මහජනතාවගේ ප්‍රකම්පනය මුදාහරින දවස වැඩි ඈතක නෙවෙයි කියලා අපිට කියන්න පුළුවන්.“

   

Tags: නවතම
Share69Tweet43
Previous Post

එකින් එක හෙළිවෙමින් ඇති තිරුක්කෝවිල් සිද්ධියේ මුල මැද අග…

Next Post

විදේශිකයෙක් හා විවාහ වෙන්න නම්  විදේශිකයාගෙන් ආරක්ෂක නිශ්කාශන වාර්තාවක් ඉල්ලන චක්‍ර ලේඛයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.