ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු 2024 ජුලි මාසයේ ලෝකයේ හොඳම ක්‍රීඩිකාවට පිරිනමන ICC කාන්තා ක්‍රීඩිකාව සම්මානය දිනා ගෙන තිබේ.
ඇය ලෝකයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ICC ය විසින් තෝරා ගනු ලබන්නේ තුන්වැනි වරටය. මින් පෙර ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඈෂ්ලෙයිහ් ගාර්ඩ්නර් අවස්ථා හතරක ICC ලෝකයේ දක්ෂතම ක්‍රීඩිකාව වූවාය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකා හේළි මැතිව්ස් අවස්ථා තුනකදී ICC ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වී සිටින්නීය. දැන් චමරී අතපත්තු හේලී මැතිව්ස් හා සමය. ඇය මේ තත්ත්වය අත් කරගත් ලෝකයේ දෙවැනි ක්‍රීඩිකාව ය.

ජූලි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ඇය තේරෙන්නේ ඉන්දියාවේ තරු ආරම්භක පිතිකාරණියවන ස්ම්‍රිටි මන්ධානා සහ ඉන්දියානු ක්‍රීඩිකා ෂෆාලි වර්මා අභිබවා යමිනි.
පිට පිට හත් වරක් ආසියානු ශූරියන් වූ ඉන්දියාව පරදා අතපත්තුගේ නායකත්වයෙන් 2024 ආසියානු කුලසානය මුල්ම වරට ශ්‍රි ලංකාවට දිනා ගත හැකි වූයේය.
“මාසයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස තෙවැනි වරටත් තේරී පත්වීම ගැන මම සතුටු වෙනවා. ඒ ගෞරවය මගේ කණ්ඩායමේ සගයන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහයෝගයෙන් ලබා ගත් එකක්. ක්‍රිකට් ලෝකය විසින් මගේ උත්සාහය අඛණ්ඩව ඇගයීමට ලක්වීම සතුටට කරුණක්. ” ඇය පැවසුවාය.







