ජනප්‍රිය ගායිකාවක් හා රංගන ශිල්පිනියක්වන සංජීවනී වීරසිංහට ඇමරිකාවේ ලෝස් ඇන්ජලීස් නුවර පැවැත්වුණු විරෝධතාවයක දී විරෝධතාකරුවන් විසින් හූ තියා පලවා හැර තිබේ.
ලංකාවේ ආර්ථිකය බිඳ දැමූ පාලනයට එරෙහිව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කළ විරෝධතාවයට එක්වීමට පැමිණි සංජීවනී වීරසිංහට එම ශ්‍රී ලාංකිකයින් විරෝධය එල්ල කර ඇත.
ඇය කලාව පසෙක තබා රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙන ඒමට දියත් කළ දේශපාලන ව්‍යාපාරය පිළිකුල් සහගත බව කියමින් ඇයට ප්‍රතික්ෂේප කරන්නට විරෝධතාකරුවන් කටයුතු කර ඇත.







