බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙවුණු සතියේ කොවිඩ් ආසාදිතයන් 12%කින් ඉහළ ගිහින් – මරණ 9%කින් ඉහළට

by Lanka Sara Editor
නොවැම්බර් 1, 2021
in පුවත්
විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

Share on FacebookShare on Twitter

රට තුළ පෙර සතියට සාපේක්ෂව ‍ගෙවුණු සතියේදී කොවිඩ් මරණවල 9%ක වැඩිවීමක් සිදුවී ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසයි.

ඇය පෙන්වා දෙන්නේ එම කාලය තුළ කොවිඩ් ආසාදිතයින්ගේ 12.2% වැඩිවීමක් වාර්තා වී ඇති බවයි. ජනතාව මේ වනවිට කොවිඩ් අවසන් වූ ආකාරයට නිදහසේ හැසිරෙන බවත් මෙමය අවදානමක් තත්ත්වයක් බවත් ඇය අද පැවැති මාධ්‍ය හමුවකදී ‍පැවසුවාය.

“අපිට පේනවා ජනතාව ඉතා සැහැල්ලුවෙන් කොවිඩ් ඉවර වුනා වගේ හැසිරෙනවා අපි මතක් කරන්න ඕන ‍කොවිඩ් ඉවර නෑ. පසුගිය සතිය තුළ මෙරට තුළ හමුවූ කොවිඩ් රෝගීන් ඊට පෙර සතියට සාපේක්ෂව 12.2%ක වැඩිවීමක් වෙලා තියනවා. එමෙන්ම පසුගිය සතියේ කොවිඩ් මරණ 132ක් වාර්තා වෙලා තියෙනවා. ඒක ඊට පෙර සතියේ දී 121ක් ලෙස වාර්තා වී තිබෙනවා. ඒ කියන්නේ පෙර සතියට සාපේක්ෂව කොවිඩ් මරණ වල මේ සතියේ 9% ක වැඩිවීමක්. මේක රෝගය පාලනය කරන්න ඉඩ දීලා රටේ සෞඛ්‍යයට වෙන්න ආර්ථිකයට උදව් කරන්න කියලා ජනතාවට දැනුම් දෙනවා. තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රමවේද වලට අනුගත විය යුතු බවට අපි යළිත් අවධාරණය කරනවා. රකිනවා මුව ආවරණ නැතුව දුරස්ථභාවය තබා ගන්නේ නැතුව කටයුතු කරනවා. එන්නත් දෙකම ලබා ගත්ත අය වුණත් රෝගය ගෙදර ගෙනියන්න පුළුවන්. එහෙම ගිහින් ප්‍රතිශක්තිකරණය හීන වෙලා ඉන්න තමන්ගේ පවුලේ අනිකුත් සාමාජිකයන්ට මේ රෝගය දීලා ඒ ගෙදරින් එළියට එන්නෙ නැති අනිත් පුද්ගලයා රෝගයට ගොදුරක් වෙන්න පුළුවන්. ඒ නිසා ගෙදරින් එළියට එන හැමෝම රෝගය සම්බන්ධව ගත යුතු වැළැක්වීමේ පියවර 100%ක්ම කළ යුතුයි. අපගේ රෝහල්වලට එන ඕ පී ඩී රෝගීන් හෙවත් බාහිර රෝගීන් මේ රෝගය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා කිරීම කළ යුතුයි.” යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙහිදී එන්නත්කරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, රිජ්වේ ආර්‍යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය ශාමන් රාජේන්ද්‍රජිත් මහතා මෙම කරුණු ඉදිරිපත් කළේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ළමා රෝග විශේෂඥ වෛද්‍ය, ශාමන් රාජේන්ද්‍රජිත්

“ආබාධ සහිත දරුවන්ගේ එන්නත්කරනය බොහෝ දුරට දැන් ඉවරයි. ළමුන් 22000කට අධික ආබාධ සහිත දරුවන්ට අපි පළමු එන්නත ලබාදීලා තියෙනවා. අපට කිසිදු ප්‍රබල අතුරු ආබාධ තත්ත්වයක් වාර්තා වුණේ නැහැ. ගිය සතියේ දෙවැනි එන්නත ලබාදීම ඇරඹුනා. 3000කට පමණ මේ වන විට දෙවැනි එන්නත ලබා දීලා තියෙනවා. ෆයිසර්‌ එන්නතෙන් දෙවන මාත්‍රාව ලබා දීමේදී තමයි අපි මයෝකාඩයිටීස් වගේ ගැටළු ඇති වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. නමුත් කියන්න සතුටුයි මේ වන විට ඒ වගේ කිසිම ගැටලුවකින් තොරව එන්නත්කරන වැඩපිළිවෙල ඉදිරියට යනවා. අපේ ගණනය කිරීම් වල තිබුනේ ආබාධිත සහිත දරුවන් තිස් දහසක් පමණ එන්නත්කරණය එන්නත්කරනයට ලක් කරන්නට ඇති කියලා. මේ වනවිට 22000ක් එන්නත් ලබලා තියෙනවා. අතුරු ආබාධ සහිත දරුවන් තවත් ඉන්න පුළුවන් එන්නත් නොගත් අය මගේ ඉල්ලීම වන්නේ ඔවුන් සුරැකීම සඳහා උනන්දු කරන්නයි. ඔබගේ ආබාධ සහිත දරුවා එන්නත ලබාගෙන නැත්නම් හැකි ඉක්මනින් එය එන්නත ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා. පළමු එන්නත ලබාදී මාසයකින් පසුව අප දෙවැනි එන්නත ලබා දෙනවා. මේ වැඩපිළිවෙළට ඔබගේ සහයෝගය අපි ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. දැන් පාසල පටන් අරන් අධ්‍යාපනයේ ඉදිරියට ගෙන යන්න උත්සාහ කරන අවස්ථාවක් නිසා මේක වැදගත්.

අවුරුදු 15-19 දක්වා සති අන්තය වන විට 726000කට එන්නත්කරනය කරලා තියෙනවා. එහිදීත් අපිට මේ වන තෙක් බරපතළ අතුරු ආබාධ වාර්තා වුණේ නෑ. එතනදිත් අපේ ගණනය කිරීම වුණේ මිලියන 1.2 කට වගේ පාසල් ළමුන්ට මේ එන්නත්කරණය යුතුයි කියලා. නමුත් එය කාණ්ඩ වශයෙන් සංවිධානාත්මකව සිද්ධවෙන්නේ. එය ඉතා කල්පනාකාරීව සැලසුම් කර තිබෙන්නේ මම හිතනවා මේ මාසයේ මැද වන විට ඉතුරු ලක්ෂ 6ත් එන්නත් කරලා ඒ වැඩපිළිවෙළත් පළමු එන්ඩද දීලා අවසන් කරන්න පුළුවන් වෙයි කියලා. ඔවුන්ට දෙවැනි එන්නත ලබාදීම මාස තුනක් තුළ වගේ විශේෂඥ වාර්තා අධ්‍යයනය කරලා දෙන්න පුළුවන් වේවි. අවුරුදු 12ත් -15ත් අතර දරුවන්ට මේ වනවිට එන්නත්කරණය පිළිබඳ වාර්තාව අපි අවසන් කරමින් පවතිනවා එහි අවසන් වාර්තාව නොබෝ දිනකින් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දෙන්න පුළුවන්. ඒ ඒ පිළිබඳ තාම අවසන් තීරණයකට එළඹිලා නැහැ. පිටරට වල වාර්තා අනුව නම් අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට එන්නත ලබා දිය හැකි නමුත් අපි ඉතා කල්පනාකාරීව කළ යුතු නිසා අධ්‍යයන කරමින් පවතිනවා.

එන්නත් කරණයත් පාසල් ආරම්භ කිරීමත් අතර සබඳතාවක් සබඳතාවක් ඇති කර ගන්න අවශ්‍ය නැහැ. මොකද ලෝකයේ අනිත් රටවල් අත් එන්නත් කිරීමෙන් තොරව පාසල් පටන් ගත්තා. අපි එන්නත් කලේ එක කොටසකට. පාසල් යවන්නේ තව කොටසක්. අපි එන්නත්කරණයේදී ඉතාම ඉදිරියෙන් සිටිනවා. එන්නත ලබාගන්නා තෙක් ළමුන් ගෙදර තියන්න බැහැ එම නිසා නිවැරදි සෞඛ්‍ය පුරුදු හැම විටම අනුගමනය කරන්න.” යැයි ද ඔහු කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක විද්‍යා ඇකඩැමියේ “ෆයාස් අල් කරාෆි“ සම්මානය මහාචාර්ය මෙත්තිකා විතානගේ ට…

Next Post

රග්බි නංවන්න උපදේශක කමිටුවක්

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.