මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් බොරතෙල් රැගෙන මෙරටට පැමිණ ඇති නෞකාවක් දින 32කට ආසන්න කාලයක් කොළඹ වරාය ආසන්නයේ නැංගුරම් ලා ඇතැයි වාර්තා වේ.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, මෙම නෞකාව බොරතෙල් රැගෙන මෙරටට ළඟා වූයේ පසුගිය 10 වැනි දින බවය..
රුසියාවෙන් ආනයනය කර ඇති එක්ස්ටෝ නම් වූ මෙම බොරතෙල් මගින් ඩීසල් හා පෙට්‍රල් නිපදවීම වැඩි වශයෙන් කළ හැකි බවත් රැගෙන පැමිණ ඇති බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 100,000ක් බවත් බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එමෙන්ම මෙරටට ළඟා වූ මෙට්‍රික් ටොන් 36,000ක් රැගත් පෙට්‍රල් නෞකාවට මුදල් ගෙවීමෙන් අනතුරුව මේ වනවිට එහි තොග ගොඩබෑමේ ක්‍රියාවලිය ද ආරම්භ වී තිබෙනවා.







