සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෙදර ඉඳන් වැඩ කරන්න වීසා දෙන රටවල් රැල්ලක්

by Lanka Sara Editor
අගෝස්තු 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝලීයව පැතිර ඇති කොවිඩ් -19 වසංගතය තවම අවසන් වී නැතත්, විදේශයන්හි පදිංචි වී සිටිමින් දුරස්ථව වැඩ කිරීමට විදේශිකයන්ට ආරාධනා කරන නව වැඩසටහන් ලෝකයේ ඇතැම් රටවල ආරම්භ වෙමින් තිබේ. මෙම නව ප්‍රවණතාවෙන් පෙනීයන්නේ අප සැමට ඉක්මනින් ‘ඩිජිටල් සංක්‍රමණිකයන්’ බවට පත්විය හැකි කාලය වැඩි ඈතක නොවන බවයි.

මාර්තු මස මුල බාගයේදී මෑන්හැටන් හි පදිංචිව සිටි සෑඩි මිලාර්ඩ් බර්මියුඩාවේ සිටින තමන්ගේ පෙම්වතා හමුවට ගිය පසුව covid 19 වසංගතය හේතුවෙන් යළි නිව්යෝර්ක් වෙත යාමට නොහැකිව ඇය එහි සිරවිය.

ඇයට තමන්ගේ රැකියාව කරන්නට සිදුවුණේ ඔන්ලයින් ක්‍රමය ඔස්සේ බර්මියුඩාවේ සිටයි. කොරෝනා ලොක්ඩවුන් සමයේ ඇය එලෙස රැකියාව කළත් ක්‍රමයෙන් ඇයට තේරුම් ගියේ තවදුරටත් නිව්යෝක් වෙත ගොස් තම රැකියාව සදහා කාර්යාලයට වාර්තා කිරීම අනවශ්‍ය කටයුත්තක් බවයි. ඇය කළේ අගෝස්තු පළමුවැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන, බර්මියුඩාවේ සිට සේවය කිරීමේ පදනම යටතේ වසරක කාලයක් සඳහා පදිංචි සහතිකයක් ඉල්ලා සිටීමයි. මෙම වැඩසටහන යටතේ ඇයට දුරස්ථව බර්මියුඩාවේ සිට සේවය කිරීම සඳහා නිත්‍යානුකූලව දොළොස් වසරක පදිංචි වී සිටීමට හැකි අවසරය එමඟින් සැලසේ.

වසංගතයේ පළමු රැල්ල සාර්ථකව කළමනාකරණය කළ, ලොව රටවල් හා කලාප අතලොස්ස අතරට බර්මියුඩාව ද අයත් වේ. මේ හේතුව නිසාම වසරක් පුරාවට දුරස්ථ සේවක වීසා බලපත්‍රයක් ලබාදීමේ වැඩසටහනක් දියත් කිරීමට එරට රජය පියවර ගෙන තිබේ . මෙම නව වීසා බලපත්‍ර යෝජනා ක්‍රම ‘Digital Nomad’ ජීවන රටාවේ 2.0 අනුවාදය පෙන්නුම් කරන්නකි. මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම වෙනස් පිරිසක් ඉලක්ක කර ගත් එකකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොවිඩ් වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් වූයේ ලොව පුරා බොහෝ සමාගම් ආයතන තම සේවකයින් දුරස්ථව සේවය කිරීමට වඩා කැමැත්තක් දැක්වීම හා එහි ඵල ප්‍රයෝජනය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමයි. ඒ බව මනාව පෙනී ගියේ ලොව සුපතල සමීක්ෂණ සහ උපදේශන සමාගමක් වන gartner විසින් කරන ලද ගෝලීය මත විමසුමක දී ය. ඔවුන් දැවැන්ත සමාගම් ප්‍රධානීන් 127 දෙනෙකු යොදාගෙන කළ සමීක්ෂණයකදී ඉන් 80%කට වඩා වැඩි පිරිසක් පවසා තිබුණේ කොරෝනා වසන්ගතය අවසන් අදියරට පැමිණ සේවකයන් සේවයට පැමිණීමට තරම් ආරක්ෂිත තත්ත්වයක් මතු වූ පසුවත් ඔවුන්ට අර්ධකාලීනව හෝ නිවසේ සිට සේවය කිරීමට ඉඩ ලබාදීමට තමන් අදහස් කරන බව ය.

පසුගිය දශක හතර පුරාවටම සමාගම් ප්‍රධානීන්ගෙන් බොහෝ දෙනා කළ ඉල්ලීම වූයේ නිවසේ සිට වැඩ කිරීමට හැකි වාතාවරණයක් සැකසිය හැකිද යන්නයි. වසංගතයක් ලෝකයම ගිල ගනිමින් එම වාතාවරණය සැකසීමට පදනම දැමූ නමුත් කම්කරු සංගම් විසින් ඉල්ලා සිටියේ නම් තවත් දශක ගණනාවක් ගතවන තුරු වත් එම ඉල්ලීම ඉටු කරගත නොහැකි වනු ඇති බව ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නාමිකවාදය පිළිබඳ විශේෂඥ, මානව විද්‍යා මහාචාර්යවරයකු වූ ඩේව් කුක් පවසා තිබේ.

බර්මියුඩාව යනු දුරස්ථ සේවය කිරීම සඳහා වීසා පහසුකම් සපිරි මේ වැඩසටහනක් දියත් කරන එක් රටක් පමණි. කැරිබියානු දූපතක් වන බාබඩෝස් ජූලි 24 වන දින එවැනිම මාස 12 ක Welcome stamp plan වැඩසටහනක් ක්‍රියාත්මක කළේය. එහිදී බර්මියුඩාවේ යෝජනා ක්‍රමයට වඩා වැඩි ගාස්තුවක් (පුද්ගලයන් සඳහා ඩොලර් 2,000 ක් හෝ පවුල් සඳහා ඩොලර් 3,000 ක්) සහ ඇතුළුවීම සඳහා යම් යම් කොන්දේසි ඇතුළත් කර ඇත (අයදුම්කරුවන් අවම වශයෙන් ඩොලර් 50,000 ක වාර්ෂික ආදායමක් උපයා ගත යුතුය). සංචාරක ව්‍යාපාරය මත රඳා පවතින තවත් රටක් වන ජෝර්ජියාව, ඩිජිටල් නාමිකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා සමාන ව්‍යාපෘතියක් ජූලි මාසයේදී ප්‍රකාශයට පත් කර ඇත. එස්තෝනියාව ද මෙම Digital nomad visa වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පටන් ගෙන ඇත්තේ එරට ආර්ථියෙන් 8% ක ආදායමක් සංචාරක ව්‍යාපාරය මත රැඳී තිබීම නිසයි. චෙච් ජනරජය, මෙක්සිකෝව, පෘතුගාලය ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පෙළගැසී සිටී.

මෙම නව වැඩසටහන බොහෝ රටවල් තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් වන සූදානම්වන නැගී එන ක්‍රමවේදයක් බවට පෙනෙමින් තිබේ. ඊට හේතු වී ඇත්තේ සංචාරක ව්‍යාපාරයෙන් වසංගතය නිසා අඩපණ වූ රටවලට දීර්ඝකාලීනව සංචාරකයන් රට තුළ ආදායමක් උපයමින් රඳවා තබා ගැනීමේ හැකියාව මෙමගින් හිමිවීමයි. එපමණක් නොව වසංගතය පැතිර වීමකින් තොරව ඔවුන් ලොක්ඩවුන් කර තබා ගනිමින් ම රටකට ආදායම උපයා ගත හැකි වීම තවත් වාසියකි. මන්දයත් වැඩසටහන යටතේ වන කොන්දේසි තුළ රජයේ නීති රෙගුලාසිවලට ඔවුන් යටත් විය යුතු බැවිනි.

ඩිජිටල් නාමිකයන් එසේ නැතහොත් ඩිජිටල් සංක්‍රමණිකයන් බවට පත්වී ලොව අලුත් උප සංස්කෘතියක් ඇතකිරීමට කොරෝනා වසන්ගතය ඉවහල් වූ බව ද ඩේව් කුක් වැඩිදුරටත් පවසා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩිවූ ජීවන බර කෙටි කාලයක් ඉවසන්න

Next Post

අනුරුද්ධ සම්පායෝගේ සැප වාහන – මාසික ලීසිං වාරික ලක්ෂ 10ත් පනී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.