සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෘහ සේවය මගේ පුද්ගලික ජීවිතය… ඒත් මම අන්තර්ජාතික පදක්කමක සිහිනය අත්හැරලා නෑ… සචිනි ලෝකයට කියයි!

දිවා කල දරුවෙක් බලා ගන්නා සචිනි හවස තවමත් පුහුණුවීම්වල..

by editor
ජූලි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රිටි පැනීමේ ඉසව්වෙන් ජාතික වාර්තා පිහිටවූ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨම මලල ක්‍රීඩිකාවක වන සචිනි පෙරේරා ඩුබායි හි ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන ආකාරය දැන් රටම දන්නේය. ඇය සිය පවුල නඩත්තු කරමින් මහා ජීවන බරකට උර දී සිටින්නීය.

ඇය සිය කතාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  https://www.thenationalnews.com/ වෙබ් අඩවියට කියා තිබිණි.  ඇය සමග සම්මුඛ සාකච්ඡාවේ යෙදුනේ The National පුවත් සේවයේ මාධ්‍යවේදිනයක වූ Ramola Talwar Badam ය. ඉංග්‍රිසි බසින් සිය මුල්ම සාකච්ඡාව අන්තර්ජාතික මාධ්‍යයකට ලබා දුන් සචිනි තමන්ගේ මෙම තීන්දුව සම්බන්ධව වඩාත් ඒත්තු ගන්වන සුළු පිළිතුරු මාලාවක් ලෝකයට ලබා දී තිබිණි.

සචිනි The National    වෙත මෙසේ පැවසුවාය.

“ මට දැනෙනවා  මේක තමයි දැන් මගේ ලෝකය කියලා”   .

“නමුත් මම පියවරෙන් පියවර පියාසර කරනවා. එක පියවරක් – හරි… මම වැඩ කරන්නම්, නැවත පියාසර කිරීමේ සිහිනය සැබෑ කරගැනීම මගේ ඊළඟ පියවරයි”සචිනි දිනයේ දිවා කාලයේ ඩුබායි නිවසක කුඩා දරුවෙකු රැකබලා ගන්නීය. ඇය දිවා කාලයේ නිවසේ වැඩ කටයුතු කරන්නේ රැකියාවෙන් පසු ව්‍යායාම කිරීමට කාලය වෙන් කරමිනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

සේවයෙන් අනතුරුව ඇය ශාරීරික යෝග්‍යතා පවත්වාගෙන යෑම සඳහා පුහුණුවීම්වල යෙදෙන්නීය.  ශ්‍රී ලංකාවේ ඇයගේ පුහුණුකරු විසින් සතිපතා එවන   ශක්තිමත් පුහුණු කාලසටහනක් අනුගමනය කරන්නීය.

“මම ඩුබායි ආවේ මගේ පවුලෙ තියන ප්‍රශ්නවලට   විසඳුමක් හොයන්න. මගේ දෙමාපියන් මට මෙහෙම කියනවා, ‘ පුතේ ඔයා මලල ක්‍රීඩකාවක්, ඔයා ගෘහ සේවිකාවක් නොවේ. මේක ඔයාගේ    ක්‍රීඩා ජිවිතයෙන් බිඳි යෑමක්..” සචිනි කියන්නීය.

සචිනිට කවදත් අවශ්‍ය වී ඇත්තේ තම රට සහ ජනතාව නියෝජනය කරමින් ලෝක තලයේ පදක්කමක් දිනා ගැනීමය.

“මට අවශ්‍ය ශ්‍රී ලංකාවෙන් රිටි පැනීම සඳහා ජාත්‍යන්තර පදක්කමක් දිනන එකම ගැහැණු ළමයා වීමටයි….”

“ගෘහ සේවිකාවක් වීම මගේ රැකියාව… නමුත් මගේ රැකියාව මම නොවෙයි. මම ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්   සහ මළල ක්‍රීඩිකාවක්.”   සචිනි  The National වෙත පැහැදිලිව කීවාය.

The National අනුව, 24 හැවිරිදි සචිනි පෙරේරාට ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදය  හමුවේ  ඉහළ යන ජීවන වියදම සහ වෛද්‍ය වියදම් වෙනුවෙන්    දිගු කාලීන විසඳුමක්  අවශ්‍ය  වූ යේය. ඇයගේ මූලික අභිප්‍රාය වූයේ එක්තැන් වූ සිය මවට ප්‍රතිකාර කිරීමය.

ඇය ධාවන පථය, රිට  වෙනුවට මෝප් බ්‍රෂ් එක  සහ බාල්දිය  මාරු කර වසරකට වැඩි කාලයක් ගත වී තිබේ.  එහෙත් ශ්‍රී ලංකාවේ “රිටි පැනීමේ රැජන” ලෙස මාධ්‍ය විසින් හඳුන්වන සචිනි, යළි සිය රටට ගිය පසු  අන්තර්ජාතික රන් පදක්කමක් දිනීමේ සිහිනය  තවමත් දකිමින් සිටින බව The National කියන්නේය.

සචිනි ගැන The National  ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්ට කතා කරයි

සචිනිගේ තත්ත්වය සම්බන්ධව ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකාවක් විසින් හෙළිදරව් කිරීමත් සමඟ ඇය පිළිබඳ දඩි අවධානයක් එල්ල විය.  ක්‍රීඩා කුසලතා පිරුණු ජාතික තලයේ ක්‍රීඩිකාවක්වත් ක්‍රීඩාව තුළ රඳවා ගැනීමට වැඩ පිළිවෙළක් නැති ක්‍රීඩා බලධාරීන් සම්බන්ධව  සමාජයෙන් දැඩි විවේචන එල්ල වූයේය.

ඒ සමගම   The National  ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර සමඟ සචිනි පිළිබඳව කතා කළේය.  ඇයට එමිරේට්හි ක්‍රීඩාවට සම්බන්ධ රැකියාවක් සොයා ගැනීමට උත්සාහ කරමින් සිටින බව අලෙක්සි ගුණසේකර The National වෙත පවසා තිබිණි.

ඔහු බදාදා සචිනි සමඟ   ඩුබායිහි ක්‍රීඩා බලධාරීන් හා පැවති රැස්වීමකට ගියේය. ඒ ඇයට පුහුණුවීම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ හැකි විකල්ප රැකියා අවස්ථාවක්  සොයා ගැනීමේ අවස්ථාව සොයා බැලීමටය.  ඒ පිළිබඳ විස්තර සකස් කරමින් පවතින බවද  කොන්සාල් ජනරාල්වරයා  The National  වෙත පවසා තිබිණි.

2018 සිට අපරාජිතයි

සචිනි පෙරේරා 2018 වසරේ සිට අපරාජිතව සිටින ලංකාවේ රිටි පැනීමේ ශූරිය ය. ඇය පසුගිය වසරේ පිහිටුවා තිබූ රිටි පැනීමේ ජාතික වාර්තාව මීටර් 3.71කි.   ලෝක මලල ක්‍රීඩා වලට අනුව, මෙතෙක් කලාපීය වාර්තාව මීටර් 4.72 කි.  එය 2019 දී චීනයේ ලී ලින්ග් විසින් පිහිටුවන ලදී.

යොවුන් වියේදී සචිනිගේ අතිශය කැමැත්ත වූයේ  ජිම්නාස්ටික් ක්‍රීඩාවටය. ඇය 2014 ග්ලාස්ගෝ හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර ඉසව් සඳහා තම රට නියෝජනය කළාය.

ජිම්නාස්ටික් පුහුණුවීම්වල දැඩි බව නිසා 2017 වසරේදී ඇය හමුදාවට බැඳීමෙන් පසු ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් රිටි පැනීමේ ඉසව්ව තොරා ගත්තාය. මෙමඟින් රිටි පැනීම සඳහා සන්නද්ධ හමුදා පහසුකම් යටතේ  පුහුණුවීම් සඳහා අවස්ථාව විවර වූ අතර එතැන් සිට ඇය ඉක්මනින්ම වාර්තා බිඳ දැමීමට පටන් ගත්තාය.

කෙසේ වෙතත්, ඇගේ මව අර්ධ වශයෙන් අංශභාගයට පත් කළ ආඝාතයකට ගොදුරු වූ විට, සචිනිට ඇගේ සිහිනවලට විරාමයක් තැබීමට සිදුවිය.

“මට මගේ අම්මයි තාත්තයි නැතිව කිසි  දෙයක් අවශ්‍ය නෑ..   මගේ අම්මා ඇඳ මත එක්තැන් වෙලා ඉන්න විට    මම මගේ පවුල රැකබලා නොගෙන ඉන්නේ කොහොම ද? ” ඇය පැවසුවාය.

“මම ඩුබායි හි රැකියාවක් සොයා ගැනීමට තීරණය කළා.   එවිට මට අම්මගේ ප්‍රතිකාර සඳහා වියදම් කළ  හැකියි.”

සචිනි ඇයගේ මාසික වැටුපෙන් වැඩි කොටසක් නිවසට යවන්නේ ඇගේ අම්මාගේ රැකවරණය සඳහාය.   ඇයට දැන් කිසිවෙකුගේ උදව්වෙන් පියවර කිහිපයක් ඇවිද යා හැකිය.

ගෙදරින් යන්න බල කළ පසුබිම – උපහාස කරන අයට සචිනිගෙන් උත්තරයක්

1948 නිදහසෙන් පසු ප්‍රථම වතාවට ජාතිය විදේශ ණය පැහැර හැරියේය. රුපියලේ අගය බිඳ වැටීමත් සමඟ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුනේය. ඉන්ධන, ආහාර සහ විදුලි මිල ඉහළ ගියේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්තවලට අනුව    311,000 කට වැඩි පිරිසක් විදේශ රැකියා සොයා පිටත්ව ගොස් ඇත. එ ප්‍රධාන වශයෙන් ගල්ෆ් රටවලයට. මේ වසරේත් එපමණම සංඛ්‍යාවක් විදේශගත වනු ඇතැයි    අපේක්ෂා කෙරේ.

ගෘහ සේවිකාවකගේ රැකියාවක් ලබාගෙන ශ්‍රී ලංකාව පිළිබඳ “නිෂේධාත්මක” නිරූපණයක් ලබා දීම සම්බන්ධයෙන් ඇයව සමච්චලයට ලක් කරන සමාජ මාධ්‍ය විවේචකයන් ඇමතීමටත් සචිනි මෙය අවස්ථාවක් කරගෙන තිබිණි.

“මම ඩුබායි ඇවිත් ගෘහ සේවිකාවක් විදිහට වැඩ කරනවා… ඔව්… නමුත් ඒක    මගේ පෞද්ගලික ජීවිතය” ඇය පැවසුවාය.

“මම යනකොට කවුරුත් මගේ මලල ක්‍රීඩා ජීවිතය ගැන සැලකිල්ලක් දැක්වූයේ නෑ… ඉතින්  මගේ පවුල බලාගන්න මට යන්න වුණා. දැන් අහනවා ඇයි ගෘහ සේවිකාවක් විදියට යන්නේ, ඔවුන් කියනවා මට ආපහු එන්න කියලා.”

“ශ්‍රී ලංකාව ගැන දුක්බර පුවත් මවන්නේ ඇයි කියා මිනිසුන් අහයි.  නමුත් මම කතා කළේ මම මගේ අම්මා  සහ මගේ පවුල රැකබලා ගන්නා බව කීමටයි.”

පුහුණුව සඳහා සහාය

මේ වනවිට ශ්‍රී ලංකා රජය ඇයගේ කතාව සැලකිල්ලට ගෙන ඇත. එනම් සචිනිට සතුටුදායක අවසානයක් තිබිය හැකිය.

“ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් දරන්නෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ ගෘහ සේවිකාවක් ලෙස සේවය කරන බවට අපට ආරංචි වූ විට කොන්සියුලර් නිලධාරීන් ලෙස අපට ක්‍රියා කිරීමට සිදු වුනා,” ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ඇලෙක්සී ගුණසේකර   පැවසීය.

“අපි උත්සාහ කරන්නේ ඩුබායි ක්‍රීඩා බලධාරීන්ගේ සහයෝගය ඇතිව කළ හැක්කේ කුමක්ද කියලා බලන්න.”

“ඇයට පුහුණු වීමට කාලය අවශ්‍යයයි වගේම  ඇයගේ මව රැකබලා ගැනීමටත් අවශ්‍යයයි. ඒ  නිසා ඇයට මේ අවස්ථා දෙකම සම්පූර්ණ කරන   රැකියා අවස්ථාවක් අවශ්‍ය වෙනවා.”

ඇලෙක්සි ගුණසේකර  පැවසුවේ ක්‍රිකට් වැනි ජනප්‍රිය ක්‍රීඩා වලදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් තම පවුලේ වෛද්‍ය වියදම් දරා ගැනීමට ප්‍රමාණවත් මුදලක් උපයා ගන්නා  නමුත් අනෙකුත් ක්‍රීඩකයින්ට ගාස්තු පියවා ගැනීමට නොහැකි විය හැකි බවය.

“සචිනිට දක්ෂතා තියනවා. ඇය අධිෂ්ඨානශීලීයි. ඇයගේ සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා ඇයට වැඩ කළ හැකි  ක්‍රීඩා   සමාජයක්   හෝ ක්‍රීඩා පාසලක එක්සත් අරාබි එමිර් රාජ්‍යය තුළ ඇතැයි  මා විශ්වාස කරනවා,” ඇලෙක්ස් ගුණසේකර කීවේය. .

ඇයගේ ඇයගේ පුහුණු වීම් සඳහා  ජිම්,  පිහිණුම් තටාක පහසුකම් භාවිතා කිරීමට ඉඩදීම මෙන්ම සෑම සතියකම පුහුණුව සඳහා ඇයට වෙරළට සහ සෆා උද්‍යානයට  යාමට කාලය ලබා දෙන ඇගේ වර්තමාන සේවා යෝජකයන්ට ස්තූතිවන්ත වන බව සචිනි  පැවසුවාය.

“ඔවුන් මට ඉතා හොඳින් සලකනවා,” ඇය  කීවාය.

“ඔවුන් නිසා  මා මගේ ජීවිතයේ නරක කාලයක්    පසුකර ගියා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්තානයේ පිරිමි ළමුන්ට සිදුවන අපචාරවල ඉහළයාමක්

Next Post

ජනාධිපතිගේ පැතුම ගැන ඉන්දියන් සංචාරයෙන් පසු සබ්‍රි කියයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.