බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

ගුවන් මගින් නොගොස් ලෝකයේ හැම රටකම සංචාරයට අවුරුදු 10ක් කැප කළ අපූරු මිනිසා….

"සෑම ආගන්තුකයෙක්ම මිතුරෙක්... ලෝකය කියන්නේ හරිම කාරුණික තැනක්..." ලෝකයේ සෑම රටකදීම මනුෂ්‍යත්වයේ ගැඹුර අත් විඳි මිනිසාගේ කතාව!

by editor
අගෝස්තු 5, 2023
in ජීවිතය, පුවත්
පෙඩර්සන් ශ්‍රී ලංකාවේ දී...

පෙඩර්සන් ශ්‍රී ලංකාවේ දී...

Share on FacebookShare on Twitter

ලලංක ජයකොඩි –

මිනිසුන්ට පුදුමාකාර ආශාවන් – බලාපොරොත්තු – සිහින තිබේ. එම සිහින සැබෑ කර ගත හැකි වන්නේ අතලොස්සකට වන්නට පුළුවන. ඩෙන්මාර්ක් ජාතික Torbjørn “Thor” Pedersen සිය පුදුමාකාර වූ වෙනස්ම වූ සිහිනයක් සැබෑ කර ගත් 44 හැවිරිදි පුද්ගලයෙකි.

පියාසර නොකර ලෝකයේ සෑම රටකම සංචාරය කිරීම පෙඩර්සන්ගේ සිහිනය විය. එසේම එක්සත් ජාතීන්ගේ ස්වෛරී රාජ්‍ය 195ක් ලෝකය පිළිගත්තත් පෙඩර්සන්ට අර්ධ වශයෙන් පිළිගත් රාජ්‍යයන් ද ඇතුළත් කළ සිතියමක් විය. ඔහුගේ සිතියමේ රටවල් 203ක් විය.

ඔහු සැතපුම් 223,000 තරණය කළේය, නැතහොත් පෘථිවිය වටා ගමන් නවයකට සමාන ගමනක් ගියේය.

2013 ඔක්තෝම්බර් 10 වෙනිදා, පෙඩර්සන්  ඔහුගේ රැකියාව, පෙම්වතිය සහ පවුලේ අය හැරදා සිය සිහින ලෝකය කරා ගිය අතර වසර 10කට ආසන්න සංචාරයකින් පසුව එම සිහිනය සම්පූර්ණ කර ගැනීමට 2023 වසරේ මැයි 24 වැනදා වන විට පෙඩර්සන්ට හැකි විය.   203 වැනි සහ අවසාන රට ලෙස මාලදිවයිනට සාර්ථකව සංචාරය කළ ඔහු ඔහුගේ මව් රට වන ඩෙන්මාර්කය බලා පිටත් විය.

ඩෙන්මාර්කය බලා යෑමට මාලදිවයින් ගමනින් පසු  ඔහු ශ්‍රී ලංකාව හරහා මැලේසියාවට ආපසු ගොස් දින 33 සංචාරය සඳහා අඩි 1,310 ක් දිග හෝ පාපන්දු ක්‍රීඩාංගණ 3.6 ක් පමණ විශාල බහාලුම් නෞකාවක් වන MV මිලාන් මාර්ස්ක් නෞකාවට ගොඩ විය.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

පසුගිව ජූලි 26 වෙනිදා පෙඩර්සන් ඩෙන්මාර්කයේ නැඟෙනහිර වෙරළ තීරයේ අර්හස් වරායෙන් ඩෙන්මාර්කයට පය තබන විට ඔහු පිළිගැනීමට 150 දෙනකු පමණ බලා සිටියහ.

ඔහුගේ බිරිඳ ලී (Le) පියා, සහෝදර සහෝදරියන්, මිතුරන්, ව්‍යාපෘති හවුල්කරුවන් සහ ඔහුගේ බ්ලොග් අඩවිය වන Ones Upon a Saga  බ්ලොග් අඩවිය බලන කරන   ආධාරකරුවන් ද විය.

2013 දී ගුවන්ගත වීමට පෙර, පෙඩර්සන් නැව්ගත කිරීමේ සහ සැපයුම් කටයුතුවල නිරත වූ අතර, එය සංකීර්ණ මාර්ගය සැලසුම් කිරීමේදී සහ මාර්ගයේ අනුවර්තනය වීමේදී මිල කළ නොහැකි විශේෂඥතාවක් විය.

ඔහු ලෝකයේ ප්‍රවේශ වීමට අපහසුම රටවලින් එකක් වන Equatorial Guinea නොසලකා හැරියේය. නමුත් මාස හතරක් සහ අසාර්ථක උත්සාහයන් ගණනාවකට පසු, පේඩර්සන් අවසානයේ වීසා බලපත්‍රයක් ලබා ගත්තේය.

එකල ගොඩබිම් මායිම් වසා තිබුණද, සමක ගිනියාවේ සේවය කළ ආගන්තුකයෙකු සමඟ අහම්බෙන් හමුවීමක් සහ ඔහුට සවාරියක් පිරිනැමීම හේතුවෙන් ඔහුට එහි යෑමට හැකි විය.

ඉන්පසුව මොංගෝලියාවේ දේශසීමාවේ චීන වීසා බලපත්‍රයක් ලබාගෙන පසුව පකිස්ථානයට යා හැකි බව ඔහු සිතුවත් දිගු සැකසුම් කාලය හේතුවෙන් ඔහුට ඔහුගේ වීසා කාලය අවසන් වීමට පෙර පකිස්ථානයට යාමට රටවල් කිහිපයක් හරහා සැතපුම් 7,500 කට ආසන්න දුරක් පසුපසට යාමට සිදු විය.

රටවල් 203කට ළඟා වීමට වසර හතරක් ගතවනු ඇතැයි ඔහු මුලින් අපේක්ෂා කර ඇත. ඔහු පාරේ ගිය වසරවලදී,  සිරියාව, ඉරානය, නාඌරූ සහ ඇන්ගෝලාව වැනි ස්ථානවල මාස ගණනාවක් වීසා ප්‍රමාදයන් විඳදරා ගත්තේය.

ඝානාවේ දරුණු මස්තිෂ්ක මැලේරියාවෙන් ද ඔහු ජය ගත්තේය. අයිස්ලන්තයේ සිට කැනඩාව දක්වා අත්ලාන්තික් සාගරය තරණය කිරීමේදී දින හතරක කුණාටුවකින් බේරී, ගැටුම් කලාපවල වසා දැමූ ගොඩබිම් මායිම් සැරිසැරූ අතර, නැව් කැඩී යාම හෝ අබලන්වීම    හේතුවෙන් බොහෝ යාත්‍රා නැවත අලුත්වැඩියා  කිරීමට සිදු විය.

පෙඩසර්න්ට අතිවිශාලම ප්‍රමාදය වූයේ COVID-19 වසංගත සමයේ දි ය. 2020 මුලදී නිර්භීත සංචාරකයා හදිසියේම රටවල් නවයක් පමණක් ඉතිරිව තිබියදී වසර දෙකක් තිස්සේ හොංකොං හි සිරවී සිටියේය.

“මම හොංකොං දෙස ආපසු හැරී බලනවා, එය ටිකක් විරුද්ධාභාසයක්. එහි ගතකළේ  කෙසේ හෝ මගේ ජීවිතයේ නරකම කාලය සහ මගේ ජීවිතයේ හොඳම කාලයයි. මට තත්වය සමඟ සාර්ථකව කටයුතු කිරීමට සිදු වුණා – මම මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට රටවල් නවයකට යා යුතුයි. එසේ  නොමැති නම් මෙම ව්‍යාපෘතිය අත්හැරිය යුතුයි. එය අරගලයක් වුනා.”  පෙඩර්සන් සිහිපත් කරයි.

ලෝකය විවෘත වන තෙක් බලා සිටින අතරතුර හොංකොං හිදී බොහෝ විශේෂ සබඳතා ගොඩනඟාගත් බව ඔහු කියන්නේය.

පෙඩර්සන් මිතුරන් සමඟ රාත්‍රී ආහාරය පිසීම, නගරයේ බොහෝ මංපෙත් තරණය කිරීම, රතු කුරුස සංවිධානය සමඟ වැඩ කිරීම, අභිප්‍රේරණ දේශන පැවැත්වීම සහ ඩෙන්මාර්ක නාවිකයින්ගේ පල්ලියේ වැඩ කිරීමෙන්  සන්සුන්ව  සිටියේය.

රැකියා වීසා බලපත්‍රයක් සහ හොංකොං පදිංචිය ලබා ගැනීමෙන් පසු, පෙඩර්සන් එක්සත් ජනපදය පදනම් කරගත් අතථ්‍ය මංගල සේවාවක් හරහා ඩෙන්මාර්කයට ආපසු පැමිණි ඔහුගේ පෙම්වතිය වූ ලී සමඟ විවාහ විය.

පෙඩර්සන් ඔහුගේ පෙම්වතියට 2016 දී කෙන්යාවේ කඳු මුදුනේදී විවාහ යෝජනාව  කර තිබිණි. එ අනුව ඔවුන් 2021 දී විවාහ වූහ.

“අපි එකට දින 100ක් ගත කළා, ඒක හරිම අපූරුයි,” ඔහු සිහිපත් කරයි, 2013 දී පෙඩර්සන් ඩෙන්මාර්කයෙන් පිටව ගිය පසු ඔවුන් එකට ගත කළ දීර්ඝතම කාලය එය බව ඔහු සිහිපත් කරයි.

“ඇයට මගේ මිතුරන් හමුවීමට සහ මගේ ජීවිතය තේරුම් ගැනීමට හැකි වුණා”  යනුවෙන් ඔහු කීවේය.

2022 ජනවාරි 5 වෙනිදා, පෙඩර්සන්ට අවසානයේ හොංකොං හැර පැසිෆික් සාගරය හරහා යාමට හැකි විය. ඔහුගේ පළමු නැවතුම පලාවු ය. ඒ ඔහුට බහාලුම් නෞකාවක් හරහා පැමිණීමට ඉඩ දීමට පලාවු රජය සමඟ සාකච්ඡා කර මාස හයක් ගත වූ බව ඔහු පවසයි.

දින 15 ක් මුහුදේ ගත කිරීමෙන් පසු, පෙඩර්සන් සිය දින 14 න් අටක්ම පලාවු හි ගත කළේ හෝටල් නිරෝධායනයක ය. ඊළඟට දින 16 ක ගමනක් නැවත හොංකොං වෙත පැමිණි අතර එහිදී ඔහු තවත් සති දෙකක හෝටල් නිරෝධායනයකට පැමිණියේය.

මාසයකට පමණ පසු, ඔහු දිගටම ඕස්ට්‍රේලියාව, පසුව නවසීලන්තය, සැමෝවා සහ ටොංගා වෙත ගියේය.

කොවිඩ් වසංගතය නිසා “සෑම රජයකින්ම පාහේ ඔහුට කන්නලව් කිරීමට සිදු වූ බව ඔහු සිහිපත් කළේය.

ටොංගාවෙන් පසු, පෙඩර්සන් වනුවාටු වෙත ගිය අතර, එහිදී   විවාහ වීමට ලී නැවතත් ඔහු හා එක් විය. තල් කොළ වලින් ඇදහිය නොහැකි තරම් සැරසිලි කර, වැලිවල සිප්පි කටුවලින් සැරූ මනරම් සැරසිල්ලක් ඔවුන්ගේ මංගල උත්සවය අලංකාර කළේය.

පෙඩර්සන් පැසිෆික් සාගරයේ අවසාන රට වන ටුවාලු වෙත පිටත් වූයේ සැපයුම් ගැන කල්පනාකාරීව ය. දූපත් නවයක සහ මිනිසුන් 11,600ක නිවහනක් වන ටුවාලු යනු ලොව කුඩාම සහ දුරස්ථ ජාතීන්ගෙන් එකකි, එබැවින් බෝට්ටු සඳහා අමතර කොටස් ලබා ගැනීම දුෂ්කර විය හැකිය.

“එය අලංකාරයි. සැරිසැරීම පුදුම සහගතයි, අහස ලස්සනයි, මිනිසුන් ඉතා කාරුණිකයි” ඔහු කියයි.

ඔහුට ආපසු පැමිණීමට තිබූ  නැව දිගින් දිගටම කාර්මික දෝෂයනට ලක් වුන බැවින් ඔහු වෙනත් නැවකට නැඟීමට උත්සාහ කළත් එය එම නැව පිටත් නොවුණි.

අවසානයේ ටග් බෝට්ටුවකින් ෆීජි වෙත ආපසු යාමට පෙඩර්සන් සමත් විය. එතැන් සිට දින 24 ක කන්ටේනර් නෞකාවක ගමනක් ඔහුව සිංගප්පූරුවට ගෙන ගිය අතර, එහි පදික වෙළඳ මධ්‍යස්ථානවල ආහාර

අනුභව කිරීමට, ජාතික කෞතුකාගාරය ගවේෂණය කිරීමට, මැක්‍රිචී නේචර් ට්‍රේල් නැඟීමට සහ සිංගප්පූරු ගඟ දිගේ  යාමට ඔහුගේ බිරිඳ ලී  ඔහු සමඟ එක් විය.

ඔහුගේ බිරිඳ ඩෙන්මාර්කය වෙත ආපසු ගිය පසු, පෙඩර්සන් ගොඩබිම් සීමාව හරහා මැලේසියාවට ගොස් අවසන් රට වන මාලදිවයිනට යාත්‍රා කිරීමට පෙර ශ්‍රී ලංකාවට ඒමට නැවක් අල්ලා ගත්තේය.

Pedersen මාලදිවයෙිනේ අගනුවර මාලේ වරායට පැමිණි විට, ඔහුගේ අනුග්‍රාහකයෙකු වන Ross Energy සහ සෑම රටකටම සංචාරය කළ පළමු පුද්ගලයා ලෙස වාර්තා තැබූ නෝර්වීජියානු සංචාරකයෙකු වන Gunnar Garfors සහ මිතුරන් ඔහු පිළිගැනීමට පැමිණ සිටියහ.

ඔහු මේ ගමන ආරම්භ කළේ, ‘ආගන්තුකයෙකු යනු ඔබට මින් පෙර කිසිදා නොදුටු මිතුරෙකි’ යන ආදර්ශ පාඨයෙනි. මෙය සත්‍ය බව නැවත නැවතත් පෙන්වා දී ඇති බව  ඔහු පවසයි. පෙඩර්සන් පවසන්නේ ඔහුට ලොව පුරා උණුසුම්, මිත්‍රශීලී, ප්‍රයෝජනවත් පුද්ගලයින් හමු වූ බවයි.

පෙඩර්සන්ගේ චාරිකාව කිහිප වතාවකදීම අත්හැරීමට ආසන්න අවස්ථා පැමිණි නමුත් ඔහු උත්සාහය කිසිසේත්ම අත්හැරියේ නැත. නොපසුබට උත්සාහය නිසා MV මිලාන් මාර්ස්ක් නෞකාව ඔහුගේ අවසන් යාත්‍රාව ලෙස ඉන්දියානු සාගරය හරහා රතු මුහුද

දක්වා, සූවස් ඇළ හරහා, මධ්‍යධරණී මුහුදට, ඉංග්‍රීසි ඔඩ්යට ඉහළින්, ජර්මනියට සහ අවසානයේ ඩෙන්මාර්කය දක්වා ගමන් කළේය.

දින 3,576, බහාලුම් නැව් 37, දුම්රිය 158, බස් 351, කුලී රථ 219, බෝට්ටු 33 සහ රික්ෂෝ 43 පෙඩර්සන් මේ ගමන ගියේය.

අත්නොහරින ලද උත්සාහය   පෙඩර්සන්ගේ ගමනෙන් ලැබෙන වටිනාම පණිවිඩයක් වන්නේය.

මිනිසුන්ගේ කරුණාව- මිත්‍රශීලිබව ගැනද පණිවිඩයක් ඉන් කියවෙන්නේය.

එසේම, අපේ රටේ බොහෝ දෙනෙක් එදා වේල කුස පුරවා ගැනීම ගැන සිහින දකිද්දී මුළු ලෝකය පුරාම සංචාරයේ යෙදෙන්නට තරම් සිහින දැකිය හැකි ඒ සිහින සැබෑ කර ගත හැකි තත්ත්වයන් සම්පූර්ණ වූ රටවල්  තිබෙන බවද මෙනයින් සිහිපත් කරන්නේය.

ලෝකේ පුරා සංචාරය කරන ජනතාව කෙසේ වෙතත් මේ කුඩා දූපතේ මිනිසුන්ගෙන් අති බහුතරයක් කුස පිරී, මුහුණෙහි සිනහව පිරී සිටින ජාතියක් බවට පත් වීම සිහිනයක් නොවී සැබෑවක් වන්නේ කවදාදැයි දන්නෝ  කවරහුද?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැලිවේරියේ වෙඩි තැබීමක්… වෙඩික්කරුවෝ  තමන් පැමිණි යතුරුපැදිය අත්හැර ලොරි රථයකින් පලා යති….

Next Post

එක් පාසල් සිසුවෙකුට දිනකට ජලය ලීටර 20ක් පමණයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.