ගුරුවරු කියන්නේ අදටත් පාරෙ දුටුවත් තමන් දෙපා නැමද නමස්කාරය කරන පිරිසක් බවත් පසුගියදා ගුරුවරුන් උද්ඝෝෂණය කරද්දි ඔවුන්ට කිසිම ආකාරයකින් අතවත් නොතබන ලෙස පොලිසියට උපදෙස් දුන්නේ ඒ නිසා බවත් මහජන ආරක්ෂක අමාත්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා අද පැවසීය. අමාතයවරයා එසේ පැවසුවේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභා අරමුදලෙන් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කරන අපරික්ෂාකාරී රියදුරන් හඳුනා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කට්ටල මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10ක මුදලක් පිරිනැමීමේ උත්සවයේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යවරයා
“ අද අපි ආර්ථික ගැටළුවකට මුහුණපාලා තියෙනවා. විදේශික සංචාරකයෝ එන එක සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙනවා. විදේශ වල සේවය කළ බොහෝ පිරිසකට රැකියා අහිමි වෙලා ලංකාවට ඇවිත් ඉන්නවා. සෞඛ්‍ය අංශයට නොසිතු ලෙස මුදල් වැය කරන්න වෙලා . ඉල්ලීම් සාධාරණ වුණත් අසාධාරණ වුණත් ජනරාශීන් උද්ඝෝෂණ රැලි සාධාරණය කරන්න බැහැ. මේ වෙලාවේ රෝග ව්‍යාප්තිය නැවැත්වීම සඳහා අපි කටයුතු කළ යුතු යි.“‘ යයි පැවසීය.
මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍ය ගාමීණී ලොකුගේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් ප්‍රවාහන අමාතංශයේ ලේකම් එන්.බී.එම්.රණතුංග මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති ඇන්ටන් ද මෙන්ස් සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රියංගි අමරබන්දු යන මහත්ම මහත්මීන් සහභාගී විය.