ශ්‍රියානි විජේසිංහ –
රිජ්වේ ආර්යා රෝහලේ “Little Hearts ” ව්‍යාපෘතිය සඳහා ලංකාවට පැමිණෙන විදේශීය ක්‍රිකට් කණ්ඩායම්වල සහය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එකඟ වූ බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජේ.විජේසූරිය සඳහන් කරයි.
අද රෝහලට පැමිණි ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක සහ දිමුත් කරුණාරත්න ප්‍රමුඛ පිරිස ළමා රොහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය සහ “Little Hearts” ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය දුමින්ද සමරසිංහ ජාතික ක්‍රීඩකයින් පිළිගනු ලැබූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පැවසුවේ ජාතික ක්‍රීඩකයින්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් කළමනාකාරීත්වය මෙම සංචාරයට සහභාගී වූ බවය.
හෘද රෝගි දරුවන් ප්‍රතිකාර ලබන වාට්ටු දෙකක නිරික්ෂණය කරමින් ශ්‍රී ලංකා නායකයන් දෙපළ ඇතුළු ක්‍රීඩක පිරිස ප්‍රතිකාර ලබන දරුවනගේ මව්වරුන් සමග සුහද කථා බහක යෙදුනු බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම ලිට්ලි හාර්ට් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලයන 100ක මුදලක් පරිත්‍යාග කිරීම මීට පෙර සිදුකරන ලද අතර ලබන වසරේදී මෙම ව්‍යාපෘතිය අවසන් කිරිම සඳහා කළ හැකි උපකාරයන් කිරිමටද මෙහිදි එකඟ වි ඇත.
මෙම ව්‍යාපෘතිය නිම කිරිම සදහා තවත් රුපියල් මිලියන 2000ක මුදලක් අවශ්‍ය බවද අධ්‍යක්ෂවරයා පවසා සිටියි.