බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සමාජ

19 දෙනෙකුට මරු කැඳවූ පසු කුලප්පු වූ රාජා ද ඝාතනය කළ 1959 දළදා පෙරහර අලි කුලප්පුව….

දළදා පෙරහර මංගල්‍යයේ අලි කලබල ඉතිහාසය...

by editor
අගෝස්තු 24, 2023
in සමාජ
Perahara

කුලප්පු වූ රාජා ඇතා වෙඩි තබා ඝාතනය කර සිටි අයුරු...

Share on FacebookShare on Twitter

බන්දුල ගුණරත්න –

මෙවර සෙංකඩගල ඇසළ පෙරහරේ දෙවන කුඹල් පෙරහර දින තවත් අලි කුලප්පුවක් සිදුවිණි. එය මෙරට ජනතාවට වැදගත් පුවතක් වුවද , එය රටේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යය වෙත නම් පුවතක් නොවීය.  කිසියම් අදිසි හස්තයකින් එම පුවත සහ ඡායාරූප පලකිරීම වලක්වා දමා තිබිණි. ‌‌  ඇතැම් ජනමාධ්‍ය අද වැටී තිබෙන තත්ත්වය එයය.  එය නොතකා එම පුවත පලකළ මාධ්‍ය කිහිපයක්ද විය.

මීට වසර හැටහතරකට පෙර 1959 සැප්තැම්බර් 1වැනිදා දිනමිණ ප්‍රධාන සිරස්තලය වූයේ , මහනුවර දළදා පෙරහරේ වූ අලිකුලප්පුවකි. ඒ ප්‍රධාන සිරසින් කියැවුණේ මෙවැන්නකි.

“ඊයේ රාත්‍රි , මහනුවර පෙරහරට ගෙන ආ ඇතෙක් කුලප්පු වී මහජනයා අතර ට පැන ඔබ මොබ දුවන්නට වීමෙන් දසදෙනෙක් පමණ මිය ගිය අතර සිය ගණනකට තුවාල සිදුවිය. කුලප්පු වූ ඇතා පසුව අල්ලා බඳිනු ලැබීය. එහෙත් ඌ කඩාගෙන පලා ගියේ යැයි කියති. “  ලෙසය.

ඒ  නුවර පෙරහරේ අවසාන දිනය විය. දිනය 1959 අගෝස්තු 18 වැනිදාය. වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කළ දිනයයි. එදින රාත්‍රි 9.10 ට යෙදුණු සුභ නැකතට පෙරහර වීථි සංචාරය ඇරඹුණේ කසකරුවන්ගේ කස පුපුරන සටපට හඬ සමගිනි.

පෙරහර ඇරඹී විනාඩි තිහක් පමණ ගතවූ පසුව කරඬුව රැගත් මංගල හස්ති රාජයා ගමන් කරමින් සිටියේ දළදා වීදියේ මැද භාගය පසුකරමිණි. අවසන් රන්දෝලි පෙරහරේ ගමන් මග යෙදී තිබුණේ , දළදා වීදියෙන් යටිනුවර වීථිය දෙසටය. එම වීථි දෙක අතර සංදිය සමීපයේදි එක් අලියෙකුගේ හැසිරීම දරුණු වන්නට පටන් ගත්තේය. බොහො දෙනාගේ මතය වූයේ , පන්දම් කරුවෙකු විසින් බිම හලන ලද කොප්පරා ගිනි පුපුරක් අලියාට පෑගෙන්නට ඇති බවය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඇත් ගොව්වන් කිහිප දෙනකු එක්වී අලියාගේ මේ හදිසි වෙනස් වීම මෙල්ල කිරීමට හෙණ්ඩුවලින් අනින්නට වූහ. එයින් කෝපයට පත් අලියා කුංචනාද කරමින් වීථි ය දිගේ දුව යන්නට විය. අලියා කලබල වූ නිසා දෙපස පෙරහර නරඹමින් සිටි ජනතාවද , පණ බේරා ගැනීමට හිස් ලූ ලූ අත දුවන්නට වුහ. කෙසේ වුවත් කලබල වූ අලියා යටිනුවර වීථියේ තිබු විදුලි පහන් කණුවකට අල්ලා බැද දමන්නට ඩිංගිරි බණ්ඩා ඇත් ගොව්වා සමත් වීය.

කුලප්පු වූ රාජා පහන් කණුවකට අල්ලා බැද දමන්නට ඩිංගිරි බණ්ඩා ඇත් ගොව්වා සමත් වූ අයුරු…

එහෙත් ඌ  දම්වැල් බිඳ දුවන්නට පටන් ගත්තේය. ඒ දක්වා ගරුගාම්භීරත්වයෙන් සහ බැතිමතුන්ගේ සාදු නාදයත් බෙර දවුල් හඩිනුත් ගිගුම් දුන් පෙරහර නිමේෂයකින් ඛේදවාචකයක් බවට පත් විය.  පෙරහර ඉදිරිපස කොටසේ අලි කලබලයක් හටගෙන තිබෙන බව දැනගත් බෙරකරුවන් ද නැට්ටුවෝද ඒ මේ අත දුවන්නට වූයෙන් පෙරහර නැවතිනි.  අනෙකුත් ඇත් ගොව්වන් තම තමන්ගේ අලි ඇත්තු දම්වැල් දමා අසල ගස්වල බැද දැමූහ.

මේ වන විට , දළදා කරඩුව රැගත් මංගල හස්ති රාජයා රැජිණ හෝටල ගොඩනැගිල්ලේ කෙළවරට පැමිණ සිටියේය. එතැනට පැමිණි දියවඩන නිළමේ කුඩාබණ්ඩාර නුගවෙල මහතා  කලබලය සංසිදෙන තුරු පෙරහර නතර කිරීමට උපදෙස් දුන්නේය. මේ අතර කුලප්පු වූ අලියා යටිනුවර වීථියේ , ෆැන්සිස් පෙරේරා සමාගම විසින් පවත්වාගෙන ගිය ඉන්දන පිරවුම්හල ට කඩා වැදීමෙන් එහි සිටි පිරිසක් තුවාල ලැබූහ. ඒ වන විට අලියා මත සිටි දෙදෙනකු හෝටලයක පියස්ස මතට පැන ගෙන දිවි ගලවා ගත්හ. අලියා එම පියස්සටද පහරදෙන්නට පටන් ගත්තේය.

පිලිස්සුම් තුවාලවලින් හා හෙණ්ඩු ප්‍රහාරවලින් වේදනාවටත් ජනතාවගේ මරලතෝනියටත් බියට පත් වූ අලියා ඉන්ධන පිරවුම් හල අසළ බෙනට් සොයිසා පටු මාවත වර්තමාන අලිමුඩුක්කුව දෙසට දිව යන්නට විය. එතැනදි තෙරපීමට ලක් වූ මවක් සහ දරුවෙක් එතැනම ජීවිතක්ෂයට පත්වූ බව පසුව වාර්තා විය.

රාජා ඝාතනය කිරීම… පෙරහරේ මරණ 19ක්…

ජනතා විලාපය මත අලිමුඩුක්කුවේ බිත්ති දෙකකට මැදි වූ අලියා දෙසට ආවේ මහනුවර පොලිසියේ විජේකෝන් මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා නම් සැරයන්වරයාය. ජනතාවගේ මරබිය සංසිදුවාලීම සඳහා ඔහු තම ගිනි අවියෙන් අලියාගේ කන අසළට වෙඩිල්ලක් තැබුවේය. වෙඩි සැරයෙන් යළි වියරු වැටුණු අලියා , ඉදිරියට එත්ම ඔහු යළි වෙඩිල්ලක් තැබුවේය. එය වැදුණේ අලියාගේ කුම්බස්තලය අසළටය. එම වෙඩි පහරින් අලියා ඇද වැටුණේ , අසළ තිබු ඕපල්රෙකාඩ් වර්ගයේ මෝටර් රථයක් මතටය. අලියා මිය නොගිය බැවින් උගේ වේදනාව සදහටම නතර කර දැමීමට සැරයන්වරයා තවත් වෙඩිපහර කිහිපයක් අලියාට එල්ල කර ඌ සදහටම නිසල කර දැමුවේය.

වෙඩි තබා මරා දැමූ රාජා මහමග වැටී සිටි අයුරු…

ඔසැරයන් බණ්ඩාගේ මේ ක්‍රියාව අගය කළ එකළ ඉහළ පොලිස් නිළධාරියෙකු පසුව ඔහුව උප පොලිස් පරික්ෂක තනතුරට උසස් කරනු ලැබුවේය.

කෙසේ වෙතත් මේ අලි කුලප්පුවෙන් මරණ දහනවයක් සිදු වූ බව වාර්තා විය. එම මරණ පරික්ෂණ පවත්වන ලද්දේ , මහනුවර එවකට ප්‍රධාන මහේස්ත්‍රාත් ව  සිටි ෆ්‍රෙඩ් අලස් මහතා විසිනි. කුලප්පු වූ අලියා රාජා නම් විය. වයස අවුරුදු පහේදි පමණ ඌ අල්ලාගෙන ඇත්තේ තමන්කඩුව වනාන්තරයෙනි. ඌ මිලදි ගෙන තිබුණේ , ගුණ්ණෑපානේ සිටි එච් බී උඩුරාවණ නිළමේතුමාය.

 වෙඩි වැදි මිය ගිය රාජා අලියාගේ සිරුර පසුදින වීථියෙන් ඉවත් කිරීම සදහා කියත් සහ පොරෝ උපකාරයෙන් කපා ඉවත් කිරීමට සිදුවිය. නගරයේ ස්ථාන කිහිපයක ඇදුම් පාවහන් හිස් වැසුම් කාන්තා බෑග් මුදල් පසුම්බි ගොඩගසා තිබෙනු දක්නා ලැබිණි. අලියා විසින් බිද හෙළු විදුලි කණුව යළි ස්ථාන ගත නොකෙරුණු අතර ඊලඟ වසරේ සිට පෙරහරේ ගමන්කරන සෑම හස්තියෙකුටම විලංගු දැමීම නීතිගත කෙරිණි. මහජන ආරක්ෂාව සදහා නිර්වින්දන තුවක්කු රැගත් පොලිස් කණ්ඩායමක් පෙරහර පසුපස යන්නට නිර්දේශ වූයේත් මෙම අලි කුලප්පුවෙන් පසුවය.

1993 අලි කුලප්පුව

1959දි මේ වූ මෙම අලිකුලප්පුවෙන් පසු නැවත මෙවන් අලි කුලප්පුවක් සිදු වුයේ 1993 දි නෙරංජන් විජේරත්න නිළමේවරයා දියවඩන නිළමේ ධුරය දැරූ සමයේය. එම වසරේ ඇසළ පෙරහරේ දෙවැනි කුඹල් පෙරහර දා දළදා කරඩුව වැඩම වීමට සුදානම් කෙරුණේ , රත්නපුර දේවාලයේ ඇතාය. සුභ මොහොතින් දළදා කරඩුව ඇතා ගේ පිට මත තැන්පත් කළ පසුව පෙරහර ආරම්භ කෙරිණි. එහෙත් ටික වේලාවකට පසුව කරඩුව සහිත ඇතා දෑලේ සිටි ඇතුන්ට පහර දෙන්නට පටන් ගත්තේය. ඇත් ගොව්වන්ටද පහර දෙන්නට උත්සාහ කළේය. ඇතා මෙල්ල කර ගැනීමට අපහසු බව ඊට පිටුපසින් සිටි දියවඩන නිළමේතුමාට දැක ගන්නට ලැබිණි. ඔහු කලේ වහාම නිර්වින්දන වෛද්‍යවරුන් මාළිගාවේ දිය අගල අසලට කැදවීමය. එහෙත් දිය අගල අසලදි ඇතා නිර්වින්දනය කලහොත් සිදුවන හානිය ගැන තක්සේරු කොට උපක්‍රමශිලිව මගුල් ඇතා මහමළුව දක්වා කැදවාගෙන ගොස් නිර්වින්දනය කරනු ලැබීය. සුළු වේලාවකට පසුව ඇතා ක්‍රමයෙන් පහත් වෙද්දී ඇතු පිට මත තිබූ කරඩුව දියවඩන නිළමේ සුරක්ෂිතව දෝතට ගත්තේය. ඉන්පසුව වෙනත් ඇතකු හැකි ඉක්මනින් සූදානම් කොට කරඩුව ඒ ඇතා මත හොවා පෙරහර පවත්වනු ලැබීය.

අලි ඇතුන් එලෙස පෙරහර මාර්ගයේදි නොසන්සුන් වූ විට , උන් මෙල්ල කර ආරක්ෂිත ස්ථානයකට ගෙන යාම ඉන් පසුවද සිදු විය. එවැනි සිදුවීම් එම ස්ථානයේ සිටි අය හැර පොදු ජනතාවට හෝ එදින පෙරහර නැරඹූ පිරිසට පවා නොදැනීම එදා ආරක්ෂක තත්ත්වය පිළිබද හොදම සහතිකය නමුදු ගිය වසරේත් මේ වසරේත් දෙවැනි කුඹල් පෙරහර ගමන් කරද්දී , මෙලෙස අලින් කුලප්පු වී වීථි දිගේ දිව යාමට හේතු කුමක්දැයි හරිහැටි සොයා බැලීම නිරීක්ෂකයන්ගේත් පරික්ෂකයන්ගේත් අවධානයට ලක්විය යුතුව තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අසරණයින්ට දාන පොලිස් පාට්වලට වැට බඳින්න පොලිස් කොමිසමෙන් ගැසට් නිවේදනයක්!

Next Post

ගිලන් වූ පුංචි හදවත් සුවපත් කරන්න එක්වන බවට පොරොන්දුවක් අරන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ළමා රෝහලට යති…

Related Posts

සමාජ

ඉතාලි අගමැතිනිය ඉලක්ක කරගත් ට්‍රම්ප්ගේ පුරුදු අශිෂ්ඨත්වය ඉතාලි – ඇමෙරිකා රාජ්‍ය තාන්ත්‍රික බැඳීම් කුඩු කළ හැටි…

ජූනි 20, 2026
පුවත්

අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

ජූනි 19, 2026
homuz
සමාජ

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.