මනම්පිටිය නිමල් ජයරත්න –
යුද හමුදා බුද්ධි අංශය ලද තොරතුරක් මත, පොළොන්නරුව කාලිංග ඇල පුදුර් ප්‍රදේශයේ සිදුකළ වැටලීමේදී මෙරට නිෂ්පාදිත ෂොට් ගන් වර්ගයේ ගිනි අවි දෙකක් සහ එම හිස් පතුරම් හතරක් සමග යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙක් ඇතුළු තිදෙනෙක් අද (31) අළුයම අත් අඩංගුවට ගත් බව අරලගංවිල විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයින් ජාතික වනෝද්‍යානවල නීති විරෝධී සත්ත්ව ඝාතන කරන දඩයම් කරුවන් බවය.
පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ කුලු ගවයින්, ඌරන්, ඇතුළු සතුන් ඔවුන්ගේ ඉලක්ක වී ඇති බවත් එම මස් රහසේ බෙදා හැරීමේ සංවිධිත ජාලයක් පවතින බවත් අනාවරණය වී ඇතැයි යුද හමුදා බුද්ධ අංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කාලිංග ඇල පුදුර් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 25,26, වයසේ පසුවන්නන්ය.
සැකකරුවන් පොළොන්නරුව පොලිසිය හා මගින් පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 31 ) ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද විශේෂ කාර්ය බළකාය පවසයි.







