ලලිත් චාමින්ද –
බුස්ස කදුරුපේ මිදගල ප්‍රදේශයේ නිවසක කාන්තාවන් පිරිසක් විසින් පවත්වාගෙන ගිය බුරුවා පිටියක් වටලා බුරුවා ගසමින් සිටි කාන්තාවන් 05 දෙනෙකු ඊයේ (13) රාත්‍රි අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් කදුරුපේ බුස්ස යන ප්‍රදේශවල පදිංචිකාරියෝ වෙති. මෙම කාන්තාවන් වයස අවුරුදු 45ට වඩා වැඩි විවාහක තැනැත්තියන් බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
පොලිසිය විසින් මෙම බුරුවා පිටිය වටලන අවස්ථාවේ එහි කාන්තාවන් 07 දෙනෙකු පමණ මුදල් ඔට්ටුවට බුරුවා ගසමින් සිටි ඇති බව පොලිසිය පවසයි. මෙම කාන්තාවන් තැන් තැන්වලට ගොස් බුරුවා ගැසීමේ නිරතව ඇති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් කාන්තාවන් ධිවර කාර්මිකයින්ගේ බිරින්දෑවරුන් බවද පොලිසිය පවසයි. සැකකාරියන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කුමර ද සිල්වාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක මදුසංක, උ පො.ප සුනිල්, උ පො ප ජයසිංහ, පො සැ 59228 සුනිල්, පො සැ 13413 ප්‍රියන්ත, පො කො 95129 විතාරණ යන නිලධාරින් විසින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන ඇත.