බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගැහැනු දරුවන්ගේ කැමැත්ත මත ලිංගික එක්වීමේ වයස අවුරුදු 14 කර ස්ත්‍රී දූෂණය අපරධය ලිහිල් කිරීමට පාර්ලිමේන්තුව තුළින්ම විරෝධය!

by editor
මාර්තු 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දණ්ඩ නීති සංග්‍රහයේ “ස්ත්‍රී දූෂණ සඳහා දඬුවම්”, ගැහැණු ළමයින්ගේ කැමැත්ත දැක්වීමේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීම සහ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය සඳහා දඬුවම් අවම කිරීම සදහා වන සංශෝධනවලට ළමුන්, කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ විරුද්ධත්වය පලවී තිබේ.

ෙළමා, කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2024.03.20 බදාදා දින පාර්ලිමේන්තුවේදී  තලතා අතුකෝරලගේ සභාපතීත්වයෙන් රැස්වී තිබිණි.

2024.03.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (19 වැනි පරිච්ඡේදයේ 363 සහ 364 වගන්ති) සංශෝධන පනත් කෙටුම්පතට අදාළ වැදගත් කරුණු මෙම රැස්වීමේදී සාකච්ඡා වී ඇත.

ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සිද්ධීන්වලදී ගැහැණු ළමයින්ගේ කැමැත්ත දැක්වීමේ වයස අඩු කිරීමට සහ දඬුවම් අවම කිරීමට අදහස් කරන ‘‘ස්ත්‍රී දූෂණ සඳහා දඬුවම්’’ සම්බන්ධයෙන් අදාළ වන 364 වගන්තියේ යෝජිත සංශෝධනයක් පනත් කෙටුම්පතට ඇතුළත් වේ.

ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සඳහා යෝජිත ලිහිල් කරන ලද දණ්ඩනය මගින් වැඩිහිටි පිරිමින්ට අවුරුදු 22 දක්වා අත්හිටවූ සිරදඬුවම් ලබාදීමට සහ ගැහැණු ළමයින්ගේ කැමැත්ත දැක්වීමේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

වයස අවුරුදු දාහතරක තරුණ ගැහැණු ළමයින් සහ වැඩිහිටි පිරිමි සහ අතර පවතින බල අසමතුලිතතාවය, බාලවයස්කරුවන්ට ඔවුන්ගේ තීරණවල ප්‍රතිවිපාක සම්පූර්ණයෙන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය පරිණතභාවයක් නොමැති බව සලකනු ලබන අතර එමඟින් නීතිමය ආරක්ෂාව අඩාල වීම පිළිබඳව අවධානය යොමු විය.

එසේම බාලවයස්කරුවන් ලිංගික සූරාකෑම සහ අපයෝජනයන්ට ලක්වීම, කායික, චිත්තවේගීය සහ මානසික ගැටලු, විශේෂයෙන් නව යොවුන් වියේ ගැබ් ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන, පාසල් හැර යාම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත සිදුවන ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැඩිවීම යනාදී කරුණු හේතුවෙන් මෙම සංශෝධනවලට කාරක සභාවේ විරෝධය පළ විය.

තවද, පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීමට කමිටුව තීරණය කළේය.

  1. දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ අභිමතය ක්‍රියාත්මක කළ යුත්තේ වයස අවුරුදු 18 හෝ ඊට අඩු වැරදිකරුවන් සම්බන්ධයෙන් පමණි – එනම් වයස අවුරුදු 18 ට වැඩි වැරදිකරුවන්ට අත්හිටවූ සිරදඬුවම් හෝ වසර 10 ට අඩු අවම සිර දඬුවමක් ලබා නොදීම.
  2. ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් කැමැත්ත පළ කිරීමේ වයස නොවෙනස්ව තැබිය යුතුය – එනම් අවුරුදු 16 කි.
  3. ‘කැමැත්ත’ නිර්වචනය කිරීම සඳහා පැහැදිලි මාර්ගෝපදේශ සැපයීම.
  4. පිරිමි ළමුන් දූෂණය කිරීමේ වරද අපරාධයක් බවට පත් කෙරෙන වෙනම වගන්තියක් හඳුන්වා දීම.
  5. දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා නව පනතක් කෙටුම්පත් කරන්නේ නම් (363 සහ 364 වගන්තිය – 19 පරිච්ඡේදය) සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙතින් අදහස් ලබා ගැනීම

තවද, පාසල්වල ලිංගිකත්ව හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳව කමිටුව අවධානය යොමු කළ අතර පවුල් සැලසුම් වැනි ආරක්ෂණ ක්‍රම පිළිබඳ නිසි අවබෝධයක් පාසල් දරුවන් අතර නොමැති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් මේ සම්බන්ධයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය කෙරිණි.

කාරක සභාවේ සාමාජිකයින් වන රෝහිණී කුමාරි විජේරත්න, හරිනි අමරසූරිය සහ චන්දිම වීරක්කොඩි මෙම අවස්ථාවට සහභාගි වූහ. එසේම පවුල් සෞඛ්‍ය කාර්යාංශය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA),  යන ආයතන නියෝජිතයෝ ද ළමා මනෝවිද්‍යාව පිළිබඳ විශේෂඥයින්, සමාජ ක්‍රියාකාරී කණ්ඩායම් සහ තරුණ නියෝජිතයෝ ද මෙම රැස්වීමට සහභාගී වූහ.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැහැනු යට ඇඳුම්වලින් ආතල් ගන්නා ඊශ්‍රයාල සොල්දාදුවෝ! මේ යට ඇඳුම් හිමි කාන්තාවන් එක්කො අවතැන් වෙලා… නැතිනම් මිහිදන් වෙලා…

Next Post

කළුතර සිසුවියන් ලෙඩ කළ ගලපටල එන්නතේ කිසිම ගැටලුවක් නෑ… අනියත බිය එපා… සෞඛ්‍ය අංශ කියයි!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.