ශ්‍රීමති විජේරත්න –
ගල්ගමුව පාළු කඩවලවැවේ දියේ ගිලී ගැහැණු දරුවන් දෙදෙනෙකු අද (14) දහවල් මිය ගිය බව ගල්ගමුව පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රත්නපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක් වන චසුණි ඉමංසා සහ මදාරාගම , මීරිගම ලිපිනයේ පදිංචි අවුරුදු 12 ක් වයසැති දිනුලි අමන්දා යන දරුවන් දෙදෙනාය.
ඔවුන් මෙම ඛේදවාචකයට මුහුණපා ඇත්තේ ගල්ගමුව පාළුකඩවල ප්‍රදේශයේ තම ඥාති නිවසකට පැමිණි අවස්ථාවේදීය. අද දහවල් ඥාති නිවසේ පිරිස සමඟ දිය නෑමට ගිය අවස්ථාවේදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත.
ඥාතීන්ගේ කෑ ගැසීමත් සමග එම ශබ්දය ඇසි ඔවුන් බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් පැමිණි උත්සාහ කළද එය අසාර්ථක වී තිබේ.
ඒ වනවිටත් වයස අවුරුදු දොළහක් වන(12) දරුවා මිය ගොස් සිටි අතර, වයස අවුරුදු 17ක් දරුවා මියගියේ ගොඩ ගැනීමෙන් අනතුරුවය.
මියගිය දරුවන් දෙදෙනාගේ සිරුරු මේ වන විටත් ගල්ගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර , ගල්ගමුව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.







