දියවැල්වලට හසුවෙමින් පා වෙවී එන මිය ගිය කැස්බෑවන් 15කට ආසන්න සංඛ්‍යාවක් තමන් නිරීක්ෂණය කළ බව ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවරයන් පිරිසක් ලංකාසරට පැවසීය.
මෙම කැස්බෑවන් ගොඩට ගෙන ඒම සඳහා අවසර නොමැති බැවින් දකිමින් එන්නට සිදු වූ බව පවසන මේ ධීවරයින් පෙන්වා දෙන්නේ වෙරළට එක් කැස්බෑවෙක් ගොඩ ගසනවා නම් තවත් බොහෝ ගණනක් මියගොස් සිටින බව තමන්ගේ අත්දැකීම් ලෙස කිව හැකි බවය.
වනජීවි දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමක දී මේ වනවිට කැස්බෑවුන් මරණ තිස් පහකට වඩා සංඛ්‍යාවක් තමන්ට පමණක් වාර්තා වී ඇති බව කීවේය. මේ සතුන්ගේ දේහ පිළිබඳ මරණය සම්බන්ධව තවම නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බවත් මේ වනවිට ඔවුනගේ පශ්චාත් මරණ පරීක්ෂණ උඩවලව හා අත්තිඩිය මධ්‍යස්ථානවල සිදුකර වැඩි දුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකටත්, පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයටත් යවා ඇති බව කීවේය.
එම වාර්තාව පැමිණෙන තුරු නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි නමුත් වනජීවී ආරංචි මාර්ග තහවුරු කළේ මීට මාස 08කට පෙර නිවු ඩයමන්ඩ් නැව ගිනිගත් අවස්ථාවේදීත් මේ ආකාරයේ සත්ව මරණ වාර්තා වූ බවය.