සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාසා තීරයේ යුද්ධය නිමා කරමින් ඊශ්‍රයාලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමකට නිල වශයෙන් එකඟ වෙයි…

by editor
ඔක්තෝබර් 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වසර දෙකක් පුරා පැවති අතිශය ම්ලේච්ඡ යුද ගැටුමකින් අනතුරුව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය  ගැටුම අවසන් කළ හැකි සාම ගිවිසුමක පළමු අදියර සඳහා නිල වශයෙන් එකඟ වී තිබේ.

මෙම ගිවිසුම එක්සත් ජනපදය ප්‍රමුඛ කලාපීය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුගේ මැදිහත්වීමෙන්  ඉදිරිපත්වන යෝජනාවක් වටා සකස් කරන ලද්දකි. මෙම ගිවිසුම ජනාධිපති ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරන ලද පුළුල් කරුණු 20ක සාම සැලැස්මක කොටසක් ලෙසින් එළි දක්වා තිබේ.

මෙම ගිවිසුමට සටන් විරාමයක්, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ කලින් තීරණය කළ රේඛාවකට ඊශ්‍රායල හමුදා ඉවත් කර ගැනීම ඇතුළත් වේ.

ගිවිසුමේ ප්‍රධාන විධි විධාන අනුව ගිවිසුම අනුමත කර පැය 72ක් තුළ හමාස් සංවිධානය දැනට ඔවුන් භාරයේ සිටින ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කරනු ඇත.

මෙම සටන් විරාම ප්‍රවේශයට ඊශ්‍රයාලයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දුන් පසු පැය 24ක් ඇතුළත ගාසා තීරය තුළ එකඟ වූ රේඛාවකට තම හමුදා ඉවත් කරගනු ඇත.

RelatedPosts

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

එමෙන්ම  දිගු සිර දඬුවම් විඳිමින් සිටින පලස්තීන ජාතිකයින් ඇතුළු    පලස්තීන සිරකරුවන් විශාල සංඛ්‍යාවක් ඊශ්‍රායලය නිදහස් කිරීමට නියමිතව තිබේ.

මේ වනවිට ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම ගිවිසුම  ඊශ්‍රයාලයට විශිෂ්ට දිනයක් ලෙස නම් කර ඇති අතර ගිවිසුම අනුමත කිරීම සඳහා ඔහුගේ කැබිට් මණ්ඩලය අද (09) රැස්වන බව ද නිවේදනය කර තිබේ.

හමාස් සංවිධානය ද   ගිවිසුමට එකඟවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම   ඊශ්‍රායලය කොන්දේසිවලට අනුකූල වන බව සහතික කරන ලෙස   ඊජිප්තුව, කටාර් සහ එක්සත් ජනපදය ඇතුළු මැදහත්කරුවන්ගෙන් හමාස් සංවිධානය ඉල්ලා තිබේ.

මේ වනවිට    එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මෙම සාම ගිවිසුම පිළිගෙන තිබේ.  ඒ සදමා පූර්ණ  සහයෝගය පල කරන එම සංවිධානයේ මහ ලේකම්  අන්තෝනියො ගුටරෙස් දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටින්නේ  සියලුම කොන්දේසි සම්පූර්ණයෙන්ම සහ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කරන ලෙස ය.

මෙම ගිවිසුමේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කලාපයේ සාමය, ස්ථාවරත්වය සහ සංහිඳියාව තීන්දු කරනු ඇතැයි ජාත්‍යාන්තර විචාරකයෝ පවසති.

පැවති යුද්ධයෙන් ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් 67,000ක් මිය ගොස් ඇත. තවත් ගණනය නොකළ දහස් ගණනක් සුන්බුන් යට සිටිති. ඝාතනය වූ ජන ගහණය යුද්ධයට පෙර පලස්තීනයේ ජනගහණයෙන් සියයට 3කි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි…

Next Post

රිය අනතුරු මරණ වැඩිවෙන ලකුණු… ඉදිරි මාස 03 තුළ පමණක් රටේ පාරවල් මත මිනිස්සු 750ක් මැරී වැටෙන්න නියමිතයි…

Related Posts

HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.