කඩිනම් ගාස්තු සංශෝධනයක් සදහා රජය ප්‍රතිපත්ති තීන්දුවක් ගතයුතු බව දුම්රිය සාමන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර අද (15) ප්‍රකාශ කළේය.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඉහල යන ඉන්ධන මිල දෙපාර්තමේන්තුවට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
මේ වන විට සියයට 20කින් දුම්රිය මගීන්ගේ වැඩිවීමක් සිදුවුවද දුම්රිය දෙපාර්තමේන්තුවේ අදායමේ ඉහල යාමක් සිදුවී නොමැති බවත් ඔහු සදහන් කළේය.
මේ අතර මගී ජනතාවට සහන සැලසීමේ අභිලාෂයෙන් කැලණිවැලි සහ ප්‍රධාන මාර්ගයේ නව දුම්රිය ගමන්වාර කිහිපයක් ආරම්භ කළ බව ද දුම්රිය සාමන්‍යාධිකාරීවරයා කීවේය.