බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවන්න මාලිමාව සහ විපක්ෂ කණ්ඩායම් අතර තරගය ඇරඹෙයි!

by editor
මැයි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • ගාල්ල මහනගර සභාවේ කොට්ඨාස 21න් කොට්ඨාස 17කම ජාතික ජන බලවේගය දිනුවත් විපක්ෂය කියන්නේ ජනතාව බලය දිලා තියෙන්නේ විපක්ෂයට බලය පිහිටුවන්නලු… ප්‍රතිපත්ති පැත්තකට දමා පොහොට්ටුවත් එකතු කරන් අනෙක් කණ්ඩායම් සියල්ලත් එක්ක ගාල්ල මහ නගර සභාවේ බලය පිහිටුවන්න සජබ සැරසෙයි…

ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවිම සදහා ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් අනිකුත් පක්ෂවල සභිකයින් දිනා ගැනිම සදහා සාකච්ඡා ආරම්භකොට ඇති බැව් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ජනබලවේගය විසින් මන්ත්‍රිධුර 17ක් දිනාගනිමින් ගාල්ල මහනගරසභාවේ බහුතර මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගනු ලැබුවද සමගිජනබලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් මන්ත්‍රිධුර 19ක් හිමිකරගැනිම නිසා නගර සභාවේ බලය පිහිටුවිමේ දි බල පොරයක් නිර්මාණය වි ඇත.

මෙවැනි පසුබිමක් තුළ ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවිම සඳහා ජාතික ජනබලවේගය , සමගි ජනබලවේගය හා එජාපය විසින් විවිධ උපාය උපක්‍රම අනුගමනය කරමින් සිටින බවද දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

තනතුරු බේදාගැනිම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ අතර මත ගැටුම් නිර්මාණය වි ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

කෙසේ වෙතත් මෙවර පළාත් පාලන මැතිවරණයේ දි ගාල්ල මහනගර සභාවේ කොට්ඨාස 21න් කොට්ඨාස 17කම ජය ජාතික ජනබලවේගයට හිමිවිය.

RelatedPosts

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

එජාපය විසින් කොට්ඨාස දෙකක් ජයග්‍රහණය කළ අතර සමගිජනබලවේගය විසින් කොට්ඨාස දෙකක ජයතහවුරුකරනු ලැබිය. ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවීම සම්බන්දයෙන් වෘත්තිය අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නලින් හෙවගේ ගෙන් අප කළ විමසුමකදි මෙසේ කිවේය.

“ගාල්ල මහනගර සභාවේ බහුතර මන්ත්‍රිධුර සංඛ්‍යාවක් දිනාගෙන තියෙන්නේ ජාතික ජන බලවේගය. ජනතා කැමැත්ත තියෙන්නේ අපිට. ඒ නිසා ජාතික ජනබලවේගය ගාල්ල මහනගර සභාවේ බලය අනිවාර්යෙන්ම ස්ථාපිත කරණවා.

“ගාල්ල මහනගර සභාව පමණක් නෙවෙයි ගාල්ල දිස්ත්‍රික්කයේ අනිකුත් පළාත් පාලන ආයතනවලද ජනතා කැමැත්ත ඉහලින්ම ලබාදිලා තියෙන්නේ ජාතික ජනබලවේගයට. තනිපක්ෂයක් වශයෙන් වැඩිම මන්ත්‍රිධුර සංඛ්‍යාවක් ලැබි තියෙන්නේ අපිට. ඒ සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට අපි කටයුතු කරනවා.”

“විපක්ෂයේ අනිකුත් දේශපාලන පක්ෂ අතර තනතුරු බේදාගැනිම සඳහා විශාල කුලල්කා ගැනිමක් තියෙනවා. ඇතැම් විපක්ෂයේ මන්ත්‍රිවරු අපේ වැඩපිළිවෙළ අනුමත කරමින් අපිට සහයෝගය ලබාදෙන බවට කැමැත්ත ප්‍රකාශකොට තියෙනවා. ඒ නිසා පළාත් පාලන ආයතන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් ඇතිවන්නේ නෑ…” නියෝජ්‍ය ඇමතිවරයා සදහන් කළේය.

ගාල්ල ආසනයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලලාල් බණ්ඩාරිගොඩ මෙසේ කිවේය.

“ගාල්ල මහනගර සභාවේ බලය විපක්ෂයට පිහිටුවන්න කියලා තමයි ජනතා කැමැත්ත ලබාදිලා තියෙන්නේ. ජනතා මතය අනුව අපි කටයුතු කරණවා. නගර සභාවේ බලය තහවුරුකරගැනීම සදහා මේ වනවිට එජාපය ඇතුළු අනිකුත් පක්ෂ සමග සාකච්ඡා ආරම්භකොට තිබෙනවා.” බන්දුලලාල් බණ්ඩාරිගොඩ සදහන් කළේය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු පවසන්නේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ගනු ලබන තින්දුව අනුව කටයුතු කරණ බවය.

ගාල්ල මහනගර සභාවේ හිටපු විපක්ෂනායක මෙවර පළාත් පාලන මැතිවරණයේ දි මාගාල්ල කොට්ඨාසයේ ජය තහවුරුකරගත් ජිලිත් නිශාන්ත ( එ.ජා.ප) මෙසේ කිවේය.

“ගාල්ල මහනගර සභාවේ විපක්ෂයට මන්ත්‍රිධුර 19ක් තියෙනවා. සමගිජනබලවේගයට තියෙන්නේ මන්ත්‍රිධුර 17යි. විපක්ෂයේ සියලුම කණ්ඩායම් එකතුවෙලා අපි නගර සභාවේ බලය පිහිටුවනවා. පක්ෂනායක මට්ටමින් සාකච්ඡා ආරම්භකොට තියෙනවා. ඒ සාකච්ඡා සාර්ථක වි තියෙනවා. එජාපය හා සමගිජනබලවේගය නගර සභාවේ ප්‍රධාන තනතුරු බේදාගෙන අනිකුත් විපක්ෂයේ පක්ෂවල සහයෝගය ඇතිව අනිවාර්යෙන්ම නගරසභාවේ බලය අපි ලබාගන්නවා.” ජිලිත් නිශාන්ත සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලය  ආශ්‍රිතව වැඩසටහන් රැසක්!

Next Post

Bell 212 – ගුවන් යානයක් පමණක් නොවූ ජාතියක මානුෂික සංකේතය ගැන කතාවක්!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.