ලලිත් චාමින්ද –
පාර්ලිමේන්තු මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන සදහා ඡන්දපෙට්ටි නිකුත් කිරිම අද (13) පෙවරුවේ දි සිදුකරණු ලැබිය.
ඡන්දමධ්‍යස්ථාන භාර නිලධාරින් සදහා ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ දි ඡන්ද පෙට්ටි නිකුත් කිරිම සිදුකරණු ලැබිය. ඡන්ද විමසීම සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 715ක් ස්ථාපිත කොට ඇත.
මැතිවරණ කටයුතු සදහා නිලධාරින් 13500කට ආසන්න පිරිසක් මෙන්ම ,පොලිස් නිලධාරීන් 3500ක පමණ පිරිසක් යොදවා ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි ඩබ්ලිව්.ඒ ධර්මසිරි පවසයි. පාර්ලිමේන්තු
මැතිවරණයේ ඡන්ද ගණන්කිරිමේ මධ්‍යස්ථාන ලෙස ගාල්ල සවුත්ලන්ඩ්ස් සහ ගාන්ත අලොසියස් විද්‍යාලය සුදානම්කොට ඇත. මෙහි ඡන්ද ගණන්කිරිමේ මධ්‍යස්ථාන 125ක් ස්ථාපිත කොට ඇති අතර .ප්‍රතිඵල නිකුත් කිරීම ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලයේ දි සිදුකෙරේ.







