හැටන් රංජිත් රාජපක්ෂ
තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි ඉකුත් (01) දින ලිදුල පොලිසිය විසින් සොයාගත් අභිරහස් ලෙස මිය ගිය කාන්තා මළ සිරුර ඊයේ (22) ඇයගේ නිතියානුකුල සැමියා සහ ඥාතින් විසින් හඳුනා ගැනිමෙන් අනතුරුව නුවරඑලිය මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත සිරුර ඊයේ පස්වරුවේ ඥාතින් වෙත භාරදුන් බව ලිදුල පොලිසිය පැවසිය.
මෙම මරණය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරික්ෂණය පැවැත් වු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා සැක කිරීමත් සමගම ඒ සම්බන්ධ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි.
මෙසේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ අභිරහස් ලෙස මියගොස් සිටියේ තංගල්ල කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ජුනයිඩ් ක්‍රිෂාණි නැමති (36) හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවකි.
අභිරහස් ලෙස මියගොස් සිටි කාන්තාව නිතියානුකුල සැමියාගෙන් වෙන් වී වෙනත් පුද්ගලයන් සමග සමිප සම්බන්ධකම් පවත්වා ඇති බව විමර්ශනවලදි හෙළි වී ඇත.
මියගිය කාන්තාවගේ නිතියානුකුල විවාහයෙන් ඇයට දරුවන් තිදෙනෙකු සිටින බව ලිදුල පොලිසිය දැනට කරන ලද විමර්ෂණ වලදි අනාවරණය වී ඇත.

මියගිය කාන්තාවගේ සිරුර හඳුනාගැනිම සඳහා ලිඳුල පොලිසිය එම කාන්තාවගේ ඇඟිලි සලකුණු රැගෙන ඇගිලි සලකුණු පොලිස් දෙපාර්තුමේන්තුවේ ඇගිලි සලකුණු රෙජිස්ටාර් කාර්යාලය වෙත යොමු කළ බවත්, මියගිය කාන්තාවගේ ඇගිලි සලකුණු එම රෙජිස්ටාර් කාර්යාලයේ සටහන් වී තිබුණු බැවින් ඇයගේ ඥාතින් හඳුනාගැනිමට හැකි වු බවත් ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර පැවසුවේය.
එම කාන්තාවගේ වම් අතෙහි මදුසංඛ යනුවෙන් සටහන් කර තිබු පච්චයෙන් ඇයගේ සැමියා විසින් සිරුර හදුනාගත් බවත්, මියගිය කාන්තාව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුණට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනිම සඳහා ලිදුල පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු කරන බවත් පවසයි.
ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුණේ තිබි හමු වු ජුනයිඩ් ක්‍රිෂාණිගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත් වු නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මෙය ඝාතනයක් විය හැකි බවට වූ සැකය මත ශරිරයේ කොටස් කිහිපයක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇත