<h4><strong>කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, 2 නවගම්පුර ප්‍රදේශයෙන් සිකුරාදා (25) පස්වරුවේ ආයුධයකින් සිදු කළ පහරදීමක් නිසා සිදු වූ ඝාතනයක් වාර්තා වී තිබේ.</strong> පහරකෑමට ලක්වූ පුද්ගලයා බරපතළ තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ නවගම්පුර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි. කලක සිට පැවති ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු ත්‍රිරෝද රථයකින් පැමිණ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි. සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි</h4>