බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු බාලයි… ආණ්ඩුවට විරුද්ධව ජනතාව පාරට බස්සවන හැටි සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
පෙබරවාරි 20, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

බාල ගල් අඟුරු වංචාව සම්බන්ධව පැහැදිලි පරීක්ෂණයක් නොකර මේ හරහා සිදුවන පාඩුවක් වේ නම් එය ජනතාවගෙන් අය කරගැනීමට රජය කටයුතු කළහොත් රජයට එරෙහිව ජනතාව මහ පාරට බස්සවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (20)  පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

අද පාර්ලිමේන්තුවේ දී පැවැත්වුන ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධ විවාදයට එක් වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මේ රජය බරපතල දූෂණයක් සිදුකර ඇති බවය.

විපක්ෂ නායකවරයා මෙසේ ද කීවේය.

“මේ අවස්ථාවේ දී ගල් අඟුරු දූෂණය ගල් අඟුරු වංචාව ගල් අඟුරු ඛේදවාචකය ගැන සභාව කතා කරන අවස්ථාවේ දී කිව යුතුයි. දළ වශයෙන් රටට  වාර්ෂිකව ගල් අඟුරු නැවු 37ක් ඕන. දැනට ගල් අඟුරු 11ක් ඇවිත් තියනවා. ඒවා රුසියානු ගල් අඟුරු. රුසියානු ගල් අඟුරුවල ප්‍රමිතියේ ගැටලුවක් සිදු වෙලා නෑ.”

“නමුත් අලුත් ටෙන්ඩරය හරහා ගෙනාපු දකුණු අප්‍රිකානු ගල් අඟුරු පිළිබඳව ගැටලුව තිබෙන්නේ. “

RelatedPosts

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

“අලුත් ටෙන්ඩරය හරහා නැවු 25ක් ඇනවුම් කරලා තියනවා කියලා දැනගන්න ලැබුණා.  සැප්තැම්බර් සිට අප්‍රේල් දක්වා කාලයේ දී පමණයි ගල් අඟුරු රටට ගෙන්වන්න පුලුවන්. ඒ නිසා අප්‍රේල් මාසයේ ටෙන්ඩරයේ වැඩ කටයුතු අවසන් කරනවා. නව ටෙන්ඩරය යටතේ මෙතෙක් බාපු නැව් 08ම තියෙන්නේ බාල ගල් අඟුරු.”

“බාල ගල් අඟුරු නිසා බලාපොරොත්තු වුනාට වඩා වැඩි ගල්අඟුරු ප්‍රමාණයක් ඇනවුම් කරන්න වෙනවා. හිඟයක් ඇති වෙනවා තවත් පැත්තකින්. එක්කෝ වැඩිපුර ගල් අඟුරු ගෙන්වන්න සිද්ධ වෙනවා. නැතිනම් ඩීසල් වලින් විදුලිය නිපදවන්න ගිහින් ඩීසල් බලාගාර මාෆියාවට යට වෙන්න සිද්ධ වෙනවා.”

“අවසානයේ පාරිභෝගිකයාට මේ මිල ගෙවන්න සිද්ධ වෙන්නෙ. අප්‍රේල් මාසයේ විදුලි බිල වැඩි කළ යුතුයි කියන යෝජනාවක් මේ රජය ගෙනත් තියනවා. අප්‍රේල් මාසයේ පමණක් නොවෙයි, පැහැදිලිවම කියන්න ඕන ඊට පසුවත් තවත් වතාවක් විදුලි බිල වැඩි වෙනවා කියලා මේ සංඛ්‍යාලේඛණවලින් පෙන්වනවා.”

“බාල ගල් අඟුරුවලින් උපකරණවලටත් අනිවාර්යයෙන් හානි වෙනවා.   පැහැදිලිවම බාල ගල් අඟුරු ගෙන්නලා තියෙන්නේ. මේක ඔප්පු කළේ විද්‍යාත්මක දත්තවලින්. රවට්ටන්න බැරි රියල් ටයිම් දත්තවලින්.  ඒ නිසා පැහැදිලිවම අපි රජයෙන් ඉල්ලීමක් කරනවා මේ ගල් අඟුරු කේන්ද්‍රීයව සිදුවන දූෂණය සම්බන්ධව පැහැදිලි පරීක්ෂණයක් පවත්වන්න කටයුතු කරන්න. “

“අනිවාර්යයෙන් අපි කිසි ලෙසකට මේ ගල් අඟුරු දූෂණය හරහා සිදුවුන පාඩුව පාරිභෝගිකයාගෙන් අය කරගන්න ඉඩ තබන්නේ නෑ.  අපි මේ රටේ විදුලි පාරිභෝගිකයින්ව මහ පාරට බස්සලා පාරිභෝගිකයාට සිදුවුන අවාසිය, හානිය අමාත්‍යවරයා ප්‍රමුඛ රජයෙන් ලබා ගන්න කටයුතු කරනවා.

විපක්ෂ නායකවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක්  සොයා ගන්න පොලිසිය මහජන සහාය පතයි…

Next Post

ලක්ෂ 127ක වංචාවක් සම්බන්ධ නඩුවකට බන්ධනාගාරගත වුන ජලසම්පාදන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී ඇතුළු තිදෙනෙකුට ඇප!

Related Posts

පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.