සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගල් අඟුරු ටෙන්ඩරය ප්‍රමාද වීම විදුලිබල ඇමතිගේ ගේමක් ද?. පෙරටුගාමීහු ප්‍රශ්න කරති.

by editor
අගෝස්තු 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • රටේ ගල් අඟුරු හිඟයක් ඇතිවීමට නියමිතයි… මේ ටෙන්ඩර ප්‍රමාදය රුවන් ප්‍රනාන්දුගේ සමාගමට ටෙන්ඩරය දෙන්න චෝදනාවට ලක් වුන විදුලිබල සහ බලශක්ති ඇමති ඇතුළු හතර දෙනාගේ කල්ලියේ සැලසුමක් දැයි පුබුදු ජයගොඩ අසයි…

ගල් අඟුරු රටට ගෙන්වීමට සඳහා ටෙන්ඩර් කැඳවීමේ දී අක්‍රමිකතා ඇති වීමේ ඉතාම ඉහළ ඉඩක් සහිතව ප්‍රසම්පාදන ක්‍රමය ක්‍රියාත්මක වී ඇති බවත්  නිශ්චිත සමාගමකට ටෙන්ඩරය ප්‍රදානය කිරීම සඳහා මාලිමා ආණ්ඩුවේ ප්‍රශ්නගත ඇමති කුමාර ජයකොඩි ඇතුළු සිවු දෙනෙකුගේ කල්ලියක් මේ ටෙන්ඩර ප්‍රදානය කල් දැමීම පසුපස සිටින්නේ දැයි සාධාරණ සැකයක් මතුවන බවත්  පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධව පාර්ලිමේන්තුවේ දී ඩී.වී චානක මන්ත්‍රීවරයාත්, අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ ආණඩුව බරපතල ටෙන්ඩර් මගඩියක් සඳහා සූදානම් වෙමින් සිටින බවය. මේ දූෂණ වංචා දරාගත නොහැකිව හිටපු සභාපතිවරයා ඉල්ලා අස් වූ බවය.

ඒ පිළිබඳ ඊයේ (23) නුගේගොඩ දී  පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවත්වන ලද මාධය හමුවකදී පුබුදු ජයගොඩ සිද්ධිය මෙසේ පැහැදිලි  කළේය.

අපි දැක්කා මේක ගැන විපක්ෂය ගොඩාක් කියනවා. එකක් ඔය කරුණක් විදිහට ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා ඉල්ලා අස් වුණේ එයා වංචාවට සම්බන්ධ නෑ… වංචාවකට විරුද්ධව එයා ඉල්ලා අස්වුනා වගේ  කියලා විපක්ෂයේ කට්ටිය කියන එක ගැන අපට බරපතල ප්‍රශ්නයක් තියනවා. නමුත් අපි හිතනවා ඉල්ලා අස් වුණා කියලා ඔහුට වගකීමෙන් නිදහස් වෙන්න බෑ.  ඒ නිසා අනිවාරෙන් ඔහුට විරුද්ධදත් පරීක්ෂණ දියත් වෙන්න ඕන.

මේකේ වෙච්චි දේ හරි පැහැදිලියි.  ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව   ගල් අඟුරු වගේ  ටෙන්ඩරයක් කැඳවීමේදී ඒ ටෙන්ඩරයට ඉල්ලුම් කිරීම සඳහා සති හයක කාලයක් දෙන්න ඕන. නමුත් මේ ටෙන්ඩරය සඳහා දීලා තියෙන්නේ සති තුනක කලයක්. මෙහෙම අඩු කාලයක් දුන්නම වෙන්නේ මෙතන වංචා සිද්ධ වීමේ ඉඩකඩ වැඩියි. එකක් තමයි කලින්ම සූදානම් වීමක් සහිත කෙනෙකුට මේ ටෙන්ඩරය හිමිවීමේ ඉඩකඩ වැඩියි.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

තරගකරුවො විශාල පිරිසක් ඉදිරිපත්වීමට තියන ඉඩකඩට වඩා පොඩි දෙනෙකුට තමයි මේකෙ ඉදිරිපත් වෙන්න  වෙන්නේ. මොකද සාමාන්‍යයෙන් සති තුනක කාලයක් ඇතුළෙ ඒ සඳහා වූ කොන්දේසි ටික සපුරන්න බැ. මේ සමාගම ලියාපදිංචි වෙලා තියෙන්න ඕන, ලියාපදිංචිය මාස තුනක් විතර පරණ වෙන්න ඕන, පවර් ඔෆ් ඇටර්නි එකක් ලියලා තියන්න ඕන, ලොකු ගානක බිඩ් බොන්ඩ් එකක් ඉදිරිපත් කරන්න ඕන.. මේ ක්‍රියාවලිය සති තුනකින් සාමාන්‍ය සමාගමකට කරන්න බෑ.  ඒ නිසා කලින් සමාගමකට පණිවිඩය දීලා ඒ සමාගමට මේ ගල් අඟුරු ටෙන්ඩරය ලබා ගැනීමේ අවස්ථාව හිමි වෙනවා.   ඉන් වෙන්නේ මිල අඩුවෙන් ගල් අඟුරු සමාගමකින් මිලදී  ගන්න හැකියාව තියෙද්දි ඒකෙන් ගන්නේ නැතිව එක සමාගමකින් වැඩි මිලක් ගෙවලා ගන්න සිද්ධ වෙනවා. පස්සේ ඇහුවොත් කියයි ටෙන්ඩරය  මේ ගොල්ල විතරයි ඉල්ලුවෙ. ඉල්ලපු අයට විතරයි දෙන්න උනේ කියලා කියයි.

දැන් රජය පැත්තෙන් කරන පැහැදිලි කිරීම තමයි හදිසි අවස්ථාවක් නිසා ටෙන්ඩර් කාලසීමාව අඩු කරන්න වුනා කියන එක. නමුත් ඒ හදිසි තත්වය මොකක් ද කියලා පැහැදිලි කරලා නෑ.

මෙතන ප්‍රශ්නය වුනේ අපට නිශ්චිත සාක්ෂියක් නෑ ආණ්ඩුව වංචාවක් කළාම කියලා. නමුත් වංචාවක් කිරීම සඳහා ඉඩකඩ මේකෙන් විවෘත වෙලා තියනවා.

අපි දන්නවා සාමාන්‍යෙන් ලංකාවේ ගල් අඟුරු සඳහා ටෙන්ඩර් කැඳවීම පෙබරවාරි මාර්තු අතර පටන් අරගෙන අප්‍රේල් මැයි අතර කාලයකදි අවසන් වෙනවා.   ජූලි මාසේ වගේ වෙද්දී තමයි මෙහෙම ඉල්ලුම් කරන ටෙන්ඩර් අතරින් සමාගමක් තෝරගැනීම කරන්නේ.  සැප්තැම්බර් මුල වගේ පළමු වගේ පළමු  ගල් අඟුරු තොගය ලංකාවට ගෙන්නනවා. නමුත්     මේ සැරේ ටෙන්ඩරය නිකුත් කරලා තියෙන්නේම අගෝස්තු මාසේ 18 වැනිදා. සති තුන තිබ්බට පස්සෙත් මේක අවසන් වෙන්නේ සැප්තැම්බර් මාසේ  8 වැනිදා වගේ. එතන ඉඳලා මාසයක්වත් යනවා සුදුසුකම් තිබෙන අඩුම ලංසුව දුන්න කෙනා බලලා ටෙන්ඩරය ප්‍රදානය කරන්න සාමාන්‍යයෙන් ඔක්තොම්බර් වෙනවා.

දැන් මේ යන විදිහට සමස්ත ටෙන්ඩර් ක්‍රියාවලිය අවසන් කරකා පළමු ගල් අඟුරු තොගය ගොඩබාන්න වෙන්නේ නොවැම්බර් මාසේ විතර. මේ තත්වය නිසා ඉදිරියේදී ගල් අඟුරු හිඟයක් ඇති වෙන්න පුලුවන්.

දැන් මේක නිසා ජනතාවට ප්‍රශ්න දෙකකට මුහුණ දෙන්න වෙනවා. එකක් තමයි වැඩි හදිසියේ ගල් අඟුරු මිලදී ගැනීමේදී වැඩි මිලට ගන්න වුනොත් ඒකෙ වන්දිය නැවත ගෙවන්න වෙන්නේ මේ රටේ විදුලි පාරිභෝගිකයන්ට. ඒ කියන්නේ නවත විදුලි බිල වැඩි වීමක් වෙන්න පුලුවන්. දෙවෙනි එක තමයි ගල් අඟුරු හිඟයක් එක්ක ඔක්තෝබර් නොවැම්බර් වෙද්දි වැස්සත් අඩු වුණොත් විදුලි කප්පාදුවක් ඇති වෙන්න තියෙන ඉඩත් වැඩියි. අපට ආණ්ඩුවෙන් අහන්නේ එක දෙයයි. වංචාවට වඩා අප උනන්දු ඒක ගැන.  ඇයි මේ ටෙන්ඩර් ක්‍රියාවලිය මෙච්චර අසාමාන්‍ය ලෙස ප්‍රමාද කළේ. වෙනදා පෙබරවාරි මාර්තු වගේ කරන එකකට ඇයි මේ අගෝස්තු මාසේ වෙනකම් පොල් ගෑව ද?. මොකක්ද කළේ. ඒ සම්බන්ධව ආණඩුව පැහැදිලි කරන්න ඕන.

ඒ අතර මෙහෙම ප්‍රශ්නයක් තියනවා.  රටේ ගල් අඟුරු හිඟයක් ඇති වුනොත් ඩීසල්වලින් ක්‍රියාත්මක වෙන පෞද්ගලික විදුලිබලාගාර හිමියන්ගේ කල්ල මරේ. එතකොට පුද්ගලික බලාගාරවල  සාක්කු පුරවන්නද මේක කළේ.       මොකද මේ නිශ්චිත ඇමති  කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධව කලිනුත් ප්‍රශ්න ගොඩක් ඇවිත් තියෙන්නේ. එයා පොහොර සංස්ථාවේ ඉන්නකොටත් ප්‍රශ්න තිබුනා. දැනුත් ප්‍රශ්න මතුවෙමින් තිබෙනවා.

අපි ඕන්නම් අපි දන්න කරුණක් විදිහට කියන්නම් අනාවැකියක් ලෙස කියතහැකි අන්තිමට මේ ගල් අඟුරු ටෙන්ඩරය හම්බවෙන්නේ කාටද කියලා. මේ ගල් අඟුරු ටෙන්ඩරය එක්කෙනෙකුට දිම ඉලක්ක කරගෙන තමයි මේ මුළු ක්‍රියාවලිය යන්නේ. ඒ ඇවැල්ලා   Panacape කියලා සමාගමක්. මේ සමාගම රුවන් ප්‍රනාන්දුට අයිති සමාගමක්. මේ ආණ්ඩුව ආවට පස්සේ රුවන් ප්‍රනාන්දුව තමයි හිල්ටන් එකේ සභාපති කළේ. රුවන් ප්‍රනාන්දුයි ලංකා කෝල් එකේ හිටිය සභාපති ශ්‍රීමත් ඩයස් පෙරේරායි, ඒ වගේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් මුදිත නානායක්කාරයි එක්ක කුමාර ජයකොඩි එකතු වෙලා ඒ හතරදෙනාගේ කල්ලියෙන් තමයි මේ ඔක්කොම ටික යන්නේ.  විදුලිබල මණ්ඩලයේ කතාව ගියෙත් ඔය හතර දෙනා එකතු වෙලා. පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ප්‍රශ්නය ඇති කරන්න යන්නෙත් ඒ හතර දෙනා එකතු වෙලා.  දැන් ගල් අඟුරු කතාව ඇති වෙලා තියෙන්නෙත් ඒ ගොල්ල එකතු වෙලා.

ප්‍රශ්නේ තියන්නේ රුවන් ප්‍රනාන්දු කියන්නේ කවුද. රුවන් ප්‍රනාන්දුයි කනනාදනුයි එකතු වෙලා බිස්නස් පාර්ට්නස්ලා විදිහට මේල් ඉන් කියන සමාගමක් හැදුවේ. ඒ මේලින් සමාගම තමයි අර උගන්ඩාවට සල්ලි යැව්වා කියලා කියපු ප්ලේන් එක ස්පොන්සර් කළේ මේලින් එක. ඒ කියන්නේ රුවන් ප්‍රනාන්දුලා. තව තේරෙන භාෂාවෙන් කියනවා නම් NPP අය කිව්වා රාජපක්ෂලා උගන්ඩාවට සල්ලි යැව්වා කියලා ප්ලේන් එකක. ඒ ප්ලේන් එකට ස්පොන්සර් කරපු කෙනාව    ගජ මිතුරා කරගෙන එයාට දැන් ගල් අඟුරු ටෙන්ඩරයකුත් දෙන්න යනව ද?. ඕක තමයි අපි ඉස්සරහා තියන ප්‍රශ්නය.

පුබුදු ජයගොඩ කීවේය. ඔහු පැවසුවේ කලින්ම වංචාවක් වෙලා ඇති බවට පූර්ව නිගමයන්වෙත එන්නේ නැති බවය. නමුත් රජය මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රමාද වීම සම්බන්ධව ස්වකීය පැහැදිලි කිරීම කළ යුතු බව ඔහු ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගොඩනැගෙන තත්ත්වය සම්බන්ධව  සාලිය පීරිස් තැබූ විශේෂ සටහන…

Next Post

අර්ජුන් මහෙන්ද්‍රන්ට නොතිසී…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.