ඔක්තෝම්බර් 25 වෙනිදාට පෙර ගල් අඟුරු ලබා ගැනීමට නොහැකි වුවහොත් මෙගෝවොට් 900ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරයි.
දැනට පවතින ගල අඟුරු සංචිතය ප්‍රමාණවත් වනුයේ ලබන ඔක්තෝම්බර් 25 වන දින වන තෙක් පමණක් යැයිද ගල් අඟුරු නොලැබුණහොත් බලාගාර තුනම වසා දැමීමට සිදුවනු ඇතැයිද හෙතෙම පැවසීය.
නියමිත කාලයට ගල් අඟුරු නොලැබුණහොත් පැය 12ක් වැනි දීර්ඝකාලීන විදුලි කප්පාදුවකට යාමට සිදුවනු බවද සභාපතිවරයා අනතුරු ඇඟවීය.
ි







