ගල්කිස්ස උසාවි භූමියේ දී නීතිඥ ගුණරත්න වන්නිනායක සමග ගැටලුවක් ඇති කරගත් පොලිස් කොස්තාපල්වරයා බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව පැමිණි දින සිට මේ දක්වා සිය රාජකාරියට වාර්තා කර නැතැයි ආරංචි මාර්ග පවසයි.
ගල්කිස්ස පොලිසියේ සිට වහාම ක්‍රියාත්මකවන පරිදි ඔහුට පිළියන්දල පොලිසියට ස්ථාන මාරුවක් ලබා දී තිබිණි.
අසනීප නිවාඩු වාර්තා කරමින් ඔහු සේවයට වාර්තා කර නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ගල්කිස්ස පොලිසිය වෙත කැඳවා තිබේ.
කෙසේ වෙතත් අද දිනයේ ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණි නීතිඥ ගුණරත්න වන්නිනායක සහ ඔහුගේ පුත්‍රයා ප්‍රකාශයක් ලබා දී පිටත්ව ගොස් තිබිණි.







