සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලකයින් ලෙස අප අපේ වගකීම ඉටු කරන්නම්… කීර්තිමත් හමුදාවක බර උර මත දරාගත් තරුණ ඔබ ඔබේ වගකීම මාතෘ භූමිය වෙනුවෙන් ඉටු කරන්න… ජනපති නවක ගුවන් නිලධාරීන්ට කියයි!

by editor
ඔක්තෝබර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මාතෘ භූමියත්, ජනතාවත් පත්ව ඇති විශාල විනාශකාරිත්වයෙන් මුදා ගැනීමේ ක්‍රියාවලියේ දී දේශපාලන අධිකාරිය ලෙස තමන් වෙත පැවරී ඇති වගකීම නිසි අයුරින් ඉටු කරන බවට සහතික වන්නේ යැයි ද ගුවන් හමුදා නිලධාරීන් ලෙස අද අධිකාරියට පත්වන තරුණ නිලධාරින් ඔවුන් වෙත පැවරී ඇති වගකීම නිසි පරිදි ඉටු කරනු ඇතැයි ජනාධිපතිවරයා ලෙස තමන් දැඩි ලෙස විශ්වාස කරන්නේ යැයි ද ජනාධිපති අනුර කුමාර දිසානායක අද පැවසුවේය.

අද අධිකාරියට පත් තරුණ ගුවන් හමුදා නිලධාරීන් අමතමින් ජනාධිපතිවරයා මෙසේ කීවේය. ” ඔබ තවදුරටත් සාමාන්‍ය තරුණයෙක් නොවෙයි. ඔබ හමුදාවක කීර්තිය, ගෞරවය සහ වටිනාකම තමන්ගේ උර මත පවරා ගත් නිලධාරියෙක්.”

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ජනාධිපති වර්ණ ප්‍රදානය සහ කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම වෙනුවෙන් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුරේදී අද (18) පෙරවරුවේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

විසිර යාමේ පෙළපාළිය ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙසේ පැවසීය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අද කෙඩෙට් නිලධාරින් 66 දෙනෙකු ඉතා විනයානුකූල සහ අත්දැකීම් සහිත පුහුණුවකින් පසුව අධිකාරි ධුරයට පත් වෙනවා. එය එම නිලධාරීන්ගේ ජීවිතයේ ඉතාමත් සුවිශේෂි අවස්ථාවක්. ඔබට මේ ලැබෙන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉතාමත් දුලබ අවස්ථාවක්. ඒ නිසා පළමුවෙන්ම ඔබ පිළිබඳ අඩම්බර වෙන්නේ ඔබගේ දෙමාපියන්.සෑම දෙමාපියෙක් තුළම තමන්ගේ දරුවා ගෞරවනීය, වෘත්තිමය රැකියාවක නිරත වීම පිළිබඳව අපේක්ෂාවක් සහ සිහිනයක් තිබෙනවා.

අද ඔබ, ඔබගේ දෙමාපියන්ගේ බලාපොරොත්තු සහ අපේක්ෂා ඉටු කර තිබෙනවා. ඉතාමත් නිර්භීත තරුණ, ජව සම්පන්න කණ්ඩායමක් ලංකා මාතාව වෙනුවෙන් අපේ ගුවන් හමුදාවට එක් කිරීමට ඔවුන් දක්වන ලද දායකත්වය පිළිබඳ අපත් ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි.

ඒ වගේම අද ඔබ එක් වන්නේ ලංකාවේ ඉතාමත් කීර්තිමත්, ගෞරවනීය සහ ඉහළ වෘත්තීමයභාවයක් සහ නිපුණතාවක් සහිත හමුදාවකට. මා සිතනවා ඔබට පැවරෙන පළමු වගකීම වන්නේ මෙම කීර්තිය සහ ගෞරවය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීමයි. මොකද එක් නිලධාරියෙක් අතින් සිදු වන කවර හෝ අකටයුත්තකින් සමස්ත ගුවන් හමුදාව කෙරෙහි තිබෙන කීර්තියට බලපෑමක් ඇති වන බව ඔබ තේරුම්ගත යුතුයි.

ඒ නිසා ඔබ තවදුරටත් සාමාන්‍ය තරුණයෙක් නොවෙයි. ඔබ හමුදාවක කීර්තිය, ගෞරවය සහ වටිනාකම තමන්ගේ උර මත පවරා ගත් නිලධාරියෙක්. එම හමුදාවේ ගෞරවය සහ කීර්තිය ආරක්ෂා කර ගැනීම වගේම අපේ මාතෘ භූමියේ ආරක්ෂාව සහ අනාගතය පිළිබඳවත් ඔබට අත්හළ නොහැකි වගකීමක් පැවරී තිබෙනවා.

අපි දන්නවා අපේ මාතෘ භූමියේ ගුවනේ ආරක්ෂාව රඳා පවතින්නේ ඔබ අතයි. එය සුවිශේෂී සහ අත්හළ නොහැකි වගකීමක්. අපේ මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබට පැවරී තිබෙන, ඔබ දෙවුර මත දරා සිටින එම උත්තුංග වගකීම ඔබ නිසි ලෙස ඉටු කරයි කියන විශ්වාසය සහ බැඳීම අපට තිබෙනවා.

ඒ වගේම අපගේ මුහුදු තීරයේ ආරක්ෂාව සහ අවේක්ෂණ කටයුතු සඳහා ඔබ සහාය ලබා දෙනවා. මා විශ්වාස කරනවා වර්තමානයේදී අපිට පැවරී තිබෙන විශාල වගකීම් අතර රාජ්‍යයක් ලෙස අපේ මුහුදු තීරයේ සීමාවන් අවේක්ෂණ කටයුතු සිදු කිරීමත්, එහි ආරක්ෂාව තහවුරු කිරීමත් ඉතා වැදගත්. ඒ මොකද අපේ මුහුදු සීමාව විශේෂයෙන් නීති විරෝධී සංක්‍රමණිකයන්, ඒ වගේම නීති විරෝධී භාණ්ඩ ප්‍රවාහනය, මත් කුඩු සහ මෑත කාලයේ අවි ආයුධ පවා රටට ඇතුළු වූ අවස්ථා අපි දැක තිබෙනවා. ඒ නිසා මුහුදු තීරය ආරක්ෂා කිරීම මවුබිමෙත්, මවුබිමේ වෙසෙන ජනතාවගේත් අපේක්ෂාව සහ බලාපොරොත්තුවයි. එම අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඔබ නිසි පරිදි ඉටු කරනු ඇතැ’යි අපිට විශාල විශ්වාසයක් තිබෙනවා.

විශේෂයෙන් වර්තමානයේ මත්ද්‍රව්‍ය, ඒ හා බැදුණු අපරාධ සහ ඒ අපරාධ හා සම්බන්ධ වූ දේශපාලනය සහ රාජ්‍ය යාන්ත්‍රණය තිබෙන බව අපි තේරුම් ගෙන තිබෙනවා. එහි ගැඹුර සහ විශාලත්වය අපට මැන ගත හැකියි. එය හුදු මත්ද්‍රව්‍ය ජාවාරමක්, හුදු අපරාධ කල්ලිවල ක්‍රියාකාරිත්වයක් නොවෙයි. එය දේශපාලනය සහ එකට බැඳී තිබෙනවා. රාජ්‍ය යාන්ත්‍රණයේ ඇතැම් කොටස් සෘජුව සහ වක්‍රව ඊට දායක වී තිබෙනවා. අපේ ගම් බිම් කරා එම ව්‍යසනය පැතිරෙමින් තිබෙනවා. ඒ නිසා එම ව්‍යසනය වැළැක්වීමේදී මුහුදේ අවේක්ෂණ කටයුතු ඉතා වැදගත් වෙනවා. ඒ නිසා ඔබ වෙත පැවරෙන්නේ ඒ අවේක්ෂණ කටයුතු නිවැරදිව ඉටු කරමින් මවුබිමේත්, ජනතාවගේත් ආරක්ෂාව සහ සමෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමයි.

ඒ වගේම අපේ රටේ සිදු වන හදිසි ආපදාවලදී ඔබට පැවරෙන්නේ අත්හළ නොහැකි වගකීමක්. මා දන්නවා පසුගිය දා ඇල්ලේ සිදු වූ ඛේදවාචකයේදී ඔබ සිදු කළ මැදිහත්වීම රටම පිළිගෙන තිබෙනවා. ඔබගේ ක්‍රියාකාරිත්වය වැදගත් ක්‍රියාකාරිත්වයක් බව අපි තේරුම්ගෙන තිබෙනවා. ඒ නිසා හදිසි ආපදාවලදී ගුවනින් ලබා දිය යුතු සහාය පැවරී තිබෙන්නේ ඔබ අතයි. එය ඉතා කාර්යක්ෂමව ඉටු කරනු ඇතැ’යි යන බලාපොරොත්තුව අපි තුළ තිබෙනවා.

ඒ වගේම අපේ රටට අවශ්‍ය ගුවන් නියමුවන්, තාක්ෂණික ශිල්පීන් පුහුණු කිරීමේ වගකීම සහ ඉදිරියට පවත්වාගෙන යාමේ වගකීම ඔබට පැවරී තිබෙනවා. ඒ නිසා අද ඔබ ප්‍රවිශ්ට වෙන්නේ අපේ රටේ අනාගතයේ ආරක්ෂකයන් සහ වගකීම් දරන්නන් ලෙසයි.

අද මේ රටේ සියලු වෘත්තීන්වලට වෘත්තීමයභාවයක් අවශ්‍ය වී තිබෙනවා. අද අපේ රටේ බොහෝ වෘත්තීන්වලට අත් වී තිබෙන ඉරණම එතරම් සුබවාදී තත්ත්වයක් නොවෙයි. වෘත්තිය පැවරී තිබෙන්නේ එහි ආරක්ෂාව වෙනුවෙන්. හැබැයි එය ඉටු කරමින් තිබෙන්නේ එහි අනාරක්ෂිතභාවය වෙනුවෙන්. රාජ්‍ය ආයතනවලට නිශ්චිත වගකීමක් පැවරී තිබෙනවා. එම වගකීම පිළිබඳව පුරවැසියන්ගේ බලාපොරොත්තුවක් තිබෙනවා. පුරවැසියන්ගේ බදු මුදල්වලින් ඔවුන්ට වැටුප් සහ වරදාන ලබා දෙමින් තිබෙනවා. එහෙත් ඔවුන් අතර, වෘත්තිය එම ජනතාවට එරෙහිව මෙහෙය වන අතළොස්සක් සිටින බව අපි දන්නවා. ඒ නිසා අද අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන වෘත්තීමයභාවය සැලකිය යුතු ප්‍රමාණයකින් බිද වැටී තිබෙනවා. එහෙත් අපිට ආඩම්බරයෙන් සහ වගකීමෙන් කිව හැකියි අපේ ගුවන් හමුදාව ඉතාමත් ශක්තිමත්ව තමන්ගේ වෘත්තීමයභාවය ආරක්ෂා කරගෙන තිබෙනවා.

ඒ නිසා සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවයක් සහ නිපුණතාවක් හා ඒ හා බැඳුණු විනයක් සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් අපිට අවශ්‍යයි. ඒ නිසා ඔබට පැවරී තිබෙන්නේ ඉතාමත් වෘත්තීමයභාවයෙන් යුතු වගකීමක්. ඒ වගකීම නිසි පරිදි ඉටු කරනු ඇතැ’යි යන බලාපොරොත්තුවක් අපි තුළ තිබෙනවා. ඔබට පැවරී තිබෙන්නේ ඉතා ඉහළ වගකීමක්. ඔබ දෙස ඔබේ ජ්‍යෙෂ්ඨයින් බලා සිටිනවා. ඔවුන් වෘත්තීමයභාවයට, ගෞරවයට සහ කීර්තියට භාජනය කරන ලද මෙම සේවාව ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යනු ඇතැයි දැඩි විශ්වාසයක් ඔවුන් තුළ තිබෙනවා. ඒ වගේම ඔබේ දෙමාපියන්, ඥාතීන් ඔබ කෙරෙහි විශාල බලාපොරොත්තුවකින් සිටිනවා. ඒ වගේම මේ රටේ පොදු මහජනතාව ඔබට පැවරී තිබෙන මෙම වගකීම දැඩි කැපවීමකින් ඉටු කරයි කියන බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ සියල්ල හා සමාන ලෙස මමද ජනාධිපතිවරයා ලෙස ඔබ කෙරෙහි ඉතාමත් විශ්වාසයෙන් සහ ගෞරවයෙන් බලා සිටිනවා.

අපේ මාතෘ භූමියත්, ජනතාවත් මේ පත්ව තිබෙන විශාල විනාශකාරිත්වයෙන් මුදා ගැනීමට අපිට අවශ්‍යයි. එහිදී දේශපාලන අධිකාරිය ලෙස අපිට පැවරී තිබෙන වගකීම අපි නිසි පරිදි ඉටු කරනවා. ඒ වගේම ගුවන් හමුදා නිලධාරීන් ලෙස ඔබට පැවරී ඇති වගකීමත් නිසි පරිදි ඉටු කරනු ඇතැ’යි යන දැඩි විශ්වාසය අපිට තිබෙනවා. ඒ නිසා ඔබ ප්‍රවිශ්ට වන මේ අවස්ථාව මහඟු අවස්ථාවක්. ඔබගේ වෘත්තීමය ජීවිතයේ මෙන්ම අනාගතයේ ඉතාමත් වැදගත් කඩඉමක්. මෙම වටිනා අවස්ථාව මඟහරවා ගන්නේ නැතිව තමන්ගේ අනාගතයත්, මාතෘ භූමියේ ආරක්ෂාවත්, පොදු ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙනුත් තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි ඉටු කරනු ඇතැ’යි යන දැඩි බලාපොරොත්තුවෙන් යුතුව මා ඔබට සුබ පතනවා.

‘සුරකිමු ලකඹර’ තේමාව මුල් කර ගනිමින් ශ්‍රී ලාංකේය නිල් ගුවන සුරකින ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 03 සමුද්‍රීය බලගණය මාතෘ භූමියේ ආරක්ෂාව සහ උන්නතිය වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවාව, ක්‍රියාන්විත විශිෂ්ටත්වය සහ මවුබිම ආරක්ෂා කිරීම පිළිබඳ අඛණ්ඩ කැපවීම අගය කරමින් ජනාධිපති වර්ණ ප්‍රදානය සිදු කෙරිණි.

ලාංකේය ගුවන සුරකිමින් දේශයේ ස්වෛරීත්වය ආරක්ෂා කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයෙකු සාමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක් වූ අංක 66, 67 සහ 68 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව සහ 20 වන කෙඩෙට් නිලධාරිනී පාඨමාලාව හැදැරූ නිලධාරීන් නිලධාරිනියන් අධිකාරියට පත් කිරීම මෙන්ම අංක 103 වන පියාසර කෙඩෙට් නිලධාරි පාඨාමාලව හැදෑරූ නිලධාරීන් හට පියසාර නිල ලාංඡන පැලඳ වීම මෙහිදී සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

පාඨමාලාවේ සුවිශේෂී දක්ෂතා දැක් වූ කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන් හට විශේෂ සම්මාන ප්‍රදානය කිරීමටද ජනාධිපතිවරයා එක් විය.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, Marshal of the Air Force රොෂාන් ගුණතිලක ද, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ ඇතුළු ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සෙසු නිලයෝද, ආධුනික කෙඩෙට් නිලධාරීන් සහ නිලධාරිනියන්ගේ දෙමාපියන් ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගල්කිස්ස උසාවියේ දී ගැටලුවකට මුහුණ දුන් කොස්තාපල්වරයා තවම රාජකාරියට වාර්තා කර නෑ…

Next Post

අගමැතිනී හරිනිගේ ඉන්දීය සංචාරය තුළ සිදුවූයේ කුමක් ද?

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.