කීර්ති ප්‍රනාන්දු –
ගම්පොල සිට කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ 10000ක් ලොරි රථ දෙකක් සමග අත්අඩංගුවට ගැනීමට අද උදේ විශේෂ කර්ය බලකාය සමත් විය.
විශේෂ කාර්ය බලකායේ බුද්ධි ඒකකයට ලද තොරතුරක් අනුව යක්කල නගරයේ දී කළ මෙම වැටලීමෙන් පසු ලොරි රථ දෙකක් සමග පුද්ගලයින් දෙදෙනෙක් යක්කල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මූලික විමර්ශන ආරම්භ කර තිබේ
මේ වනවිට අදාල පුද්ගලයන්ගෙන් කට උත්තර ලබා ගැනීම ආරම්භ කර ඇති බව යක්කල පොලිස් ආරංචි මාර්ග පවසයි.






