කීර්ති ප්‍රනාන්දු –
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම කොවිඩ් මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති කටාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.යූ.ටී .කුලතිලක පවසයි.
මේ වනවිට රෝග ලක්ෂණ පෙන්වන වැඩිහිටි රෝගීන් යොමු කිරීමට රෝහල් හෝ ප්‍රතිකාර මධ්‍යස්ථාන නොමැති බැවින් දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රෝගීන් යොමු කිරීම අරඹා ඇතැයි ඔහු ප්‍රකාශ කරයි.
චක්‍රලේඛ ප්‍රකාරව මෘදු රෝග ලක්ෂණ සහිත රෝගීන්ගෙන් සියයට අසූවක් නිවෙස්වලම රඳවා ඇති බව ඔහු කියයි.
“ එක්වරම රට විවෘත කළා. ඒ එක්කම මිනිස්සු මේ වසංගතයේ තියන ස්වරූපය අමතක කරමින් හැසිරුණා. රටපුරා ඇති වී තිබෙන උද්ඝොෂණ රැල්ල වගේම ප්‍රවාහන සේවාවන් පරිහරණයේ දී සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරගැනීමට නොහැකි වීම නිසා මේ තත්වය උඝ්ර වෙලා තියනවා. තව සතියක් යනකොට එක රැයට රෝගීන් තුන් හාර දහසක් ගම්පහ දී වාර්තා වීම ගැන පුදුම වෙන්න එපා.“ උප සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.