අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ලොකුම මැණික් පොකුර බොරුවක් නෙවෙයි වටිනා එකක්”

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති කියයි

by Lanka Sara Editor
අගෝස්තු 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රත්නපුර දිස්ත්‍රික්කයෙන් හමුවූ ලොව විශාලතම නිල් ආරනූල් මැණික් පොකුර බොරු ගලක් නොව වසර මිලියන ගණනක් සැදුණු වටිනාකමක් සහිත මැණික් පොකුරක් බවට, දශක ගණනාවක් තිස්සේ එකතු කරගත් තමාගේ මැණික් පිළිබඳ දැනුමෙන් හා අත්දැකීමෙන් තමා විශ්වාස කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලත් වීරසිංහ මහතා පවසයි.

එමෙන්ම එහි මිල පිළිබඳ තක්සේරුව කරන ලද්දේ එහි හිමිකරු විසින්ම බවත් මැණික් ගල්වල මිල තක්සේරු කිරීමේ කිසිදු අයිතියක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නොමැති බවත් එහි සභාපතිවරයා කීය.

ඩොලර් මිලියන 2000ක් පමණ එය වටිනාකමක් වනු ඇතැයි පවසන ලද්දේ හිමිකාර ගමගේ මහතා බවත් අධිකාරියට බලයය ඇත්තේ ගලහෙි ස්වභාවය, වර්ගය, බර ආදිය පිළිබද වාර්තාවක් නිකුත් කිරීම පමණක් බව ඔහු අවධාරණය කරයි.

‘තෘත් විත් චමුදිත’ යූ ටියුබ් නාළිකාව ඔස්සේ මෙම මැණික් පොකුර සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක නිරත වෙමින් හෙතෙම මේ බව කීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මැණික් ගලක තක්සේරු කරන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට කොහෙත්ම අයිතියක් නෑ. හිමිකරු කිව්වා මට අඩුම ගානේ ඩොලර් මිලියන 100 ක්වත් දෙනවා නම් මම මේ ගල විකුණනවා කියලා. ඔහුගේ පුතා තමයි මාධ්‍ය වෙත කිව්වේ ළිඳකින් හමුවුණා කියලා. මෙය හමුවුණේ හිමිකරුගේ පතලකින්. ඔහු මගේ මිත්‍රයෙක් නිසයි මේක හමුවුණාම මාස 6කට විතර කලින් මට කිව්වේ. එය හමුවී මාස 8ක් පමණ වනවා. මට වසර 40කට අධික කාලයක් ‍මැණික් ව්‍යාපාරය පිළිබද ඉතිහාසයක් දැනුමක් තියෙනවා. ඒ නිසයි මාව මේ තනතුරට පත්කලෙත්. ඉතින් එහෙම දැනුම තියෙන කෙනෙක් මැණික් අධිකාරියේ සභාපති වුණාම මට මේ දේ ඔහු කිව්වේ මේ ගලට අධිකාරිය ඔස්සේ ප්‍රචාරයකුත් ලැබුණොත් තවත් වැඩි ඉල්ලුමක් ගැන අපේක්ෂාවෙන්. මමයි කිව්වේ කොවිඩ් නිසා එය හමුවූ වෙලාවේ හෙළිකරන්න එපා කියලා. මොකද ඒ වෙලාවේ කොවිඩ් එක්ක මිනිසුන්ට තිබුණේ මැණික් ගන්න නෙවෙයි ජීවත් වෙන්නේ කෛාහොමද කියලා ප්‍රශ්නයක්. නමුුත් දැන් ලෝකය එන්නත් කරලා එහෙම යම් තැනකට ඇවිත් තියෙන්නේ. ඒ නිසයි මේක තමයි වෙලාව කියලාා හිතලා මුලින්ම බීබීසී මාධ්‍යයට කිව්වේ. කළු සල්ලි සුදුකරන කතාවක් මේකේ නෑ. මට ගිහින් කෙනකුට මේක කරන්න කියන්න බෑනේ. ගොඩක් අයට විවේචන තියෙන්න පුළුවන්. මම කෙලිින් වැඩකරන කෙනෙක්. මම ගොඩක් ව්‍යාපෘති කරනවා. මැණික් හා ස්වර්ණාබරණ ව්‍යාපෘති ගොඩක් කරනවා. ඒවාට විරුද්ධ අය ඉන්නවා. මැණික්වලත් මාෆියාවක් තියෙනවා. ඒක මෙහෙයවන්නෙත් ඒ ව්‍යාපාරිකයොම තමයි. මම ඒකට විරුද්ධව කෙලින් වැඩ කරනවා. ඒක තමයි මේ ගල වටින්නේ නැති බව නිකම් ඔහේ මාධ්‍ය වෙත ඇවිත් කියන්නේ. මේක 100%ක්ම ක්වන්ටම් ගලක්. මේ වගේ පොඩි පොඩි ඒවා තියෙන්න පුළුවන් නමුත් කිලෝ 510ක එකක් නෑ. ඒකයි මේක විශේෂ. මේ ගල වෙන්දේසියක් විදියට ගියොත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2.5%ක් ගෙවන්න ඕනේ. මේක rough එකේ අපනයනය කළොත් 25%ක බද්දක් රජයට අයවෙනවා. ඒ අනුව රජයට විශාල මුදලක් ලැබෙනවා. දැනටත් හිමිකරුට මේ ගල පිළිබද ඇනවුම් ගණනාවක් තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති මහින්දානන්දටත් කොවිඩ්

Next Post

ගම්පහ සියලුම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝගීන්ගෙන් පිරෙයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.