කීර්ති ප්‍රනාන්දු –
කොවිඩ් එන්නතේ කිසිදු මාත්‍රාවක් ලබා නොගත් වයස අවුරුදු 60 වැඩි වැඩිහිටියන් සහ ගර්භණී මවු වරුන් වෙනුවෙන් එන්නත් කරණය සඳහා සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල විවෘතව ඇති බවත් මේ දින දහයක ට වසා දැමූ කාලය තුළ අනිවාර්යයෙන් පැමිණ එම එන්නත ලබා ගෙන මරණීය අවදානමෙන් ගැලවෙන ලෙසත් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.
ගම්පහ දිස්ත්‍රික්කය තුළ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මේ කටයුත්ත වෙනුවෙන් සූදානම් කර ඇති බව කියන සෞඛ්‍ය අංශ වැඩිහිටියන් වෙනුවෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නත ද ගැබිණි මව්වුරුන් වෙනුවෙන් සයිනොෆාම් එන්නත ද ලබා දීමට කටයුතු කරමින් ඇති බවද දන්වයි.
“ කොවිෂීල්ඩ් එන්නතේ එක ඇසුරුමක එන්නත් 12ක් තියනවා. මේ එන්නත් 12ක කට්ටලයක් විවෘත කරන්න වැඩිහිටියන් 12 දෙනෙක් සොයා ගත යුතුයි. එය ඉතාම අසීරු කටයුත්තක් වෙලා. අපි අද දවස පුරාම වැඩිහිටියො 64ක ලයිස්තුවක් හොයාගෙන මිනුවන්ගොඩ ඇවිදලා එන්නත ලබා දෙන්න පුලුවන් වුනේ 12 දෙනෙකුට පමණයි.“ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ ප්‍රධානියෙක් ලංකාසරට පැවසීය.
මේ තත්වය වටහාගෙන හැකි ඉක්මනින් පැමිණ මෙම එන්නත්කරණයට එක් වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී.