සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගන්නෝරුව පශු පර්යේෂණ ආයතනයේ මුදල් අයකැමිවරිය එක් කෝටි පනස් ලක්ෂයක් හොරකම් කරලා…  CID ට  පැමිණිල්ලක් !

by editor
ජූලි 27, 2023
in පුවත්
Gannoruwa-
Share on FacebookShare on Twitter

ඉදුනිල් කහටපිටිය –

සත්ත්ව සාම්පලවල තත්ත්ව පර්යේෂණයන්ට අය කරන මුදලින් රුපියල් මිලියන පහළොවක් වංචාකළ බවට සැකපිට එහි මුදල් අයකැමිවරිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ද අභ්‍යන්තර පරීක්ෂණය ක් ආරම්භ කරමින් මේ වන විට ඇය වැඩ තහනමකටද  ලක් කොට තිබේ.

ගන්නෝරුව පශු පර්යේෂණ ආයතනයේ මුදල් අයකැමි වරිය විසින් මෙම වංචාව  සිදුකර ඇති බවට සැක මතු වීමත් සමග එම දෙපාර්තමේන්තුව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

වසර  2018 සිට ඇය මෙම වංචාව සිදු කොට ඇති බවටද  කුවිතාන්සි පිළිබඳ දත්ත පරිගණක ගත කිරීමේදී වංචනික   මුදල් අගයන් යොදමින් ව්‍යාජ  ලෙස දත්ත ඇතුළත් කොට ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත.

පෞද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශය ද සතුන් හා සත්ත්ව ආහාර ආනනයේ දී හා අපනයනයේ දී ගෙවීම් සිදුකර මෙම ස්ථානයෙන් වාර්තා ලබා ගැනීම අනිවාර්ය කටයුත්තකි.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙයට අමතරව මධ්‍යම කුකුළු පර්යේෂණායතනයෙන් දිනක් වයසැති කුකුළු පැටවුන් මිලට ගන්නා අවස්ථාවේ දී ද  මුදල් ගෙවීම් සිදුකළ යුතු වන්නේ පශු පර්යේෂණ ආයතනයේ මුදල් අයකැමි වෙත ය.

කුකුළු පැටවුන් අදාළ ස්ථානයෙන් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ මුදල් ගෙවූ බවට මුදල් අයකැමි නිකුත් කරන රිසිට් පත් පෙන්වීමෙන් පසුව ය.

තවද විවිධ රෝග හේතුවෙන් මරණයට පත්වන වන සතුන්, සුරතල් සතුන් සම්බන්ධ පරීක්ෂණ වාර්තා ද නිකුත් කරනු ලබන්නේ මෙම ස්ථානයෙනි.

සුනඛයෙකු සම්බන්ධ පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමට පැමිණි පශු වෛද්‍යවරයෙකු රුපියල් 90000 ක පමණ මුදලක් ඒ සඳහා ගෙවීම් කර තිබෙන අතර අදාළ වාර්තාව අස්ථාන ගතවීම නිසා සුළු කාලයකට පසු ඔහු යළි පැමිණ එහි පිටපතක් ඉල්ලූ අවස්ථාවේ රුපියල් 90000 වෙනුවට ගිණුම්වල රුපියල් 9000 ක් ඇතුළත්ව තිබෙන බව නිරීක්ෂණය වී ඇත.

ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත්තේ පාරිභෝගිකයා වෙත නිකුත් කරන රිසිට් පතේ සඳහන් මිලට වඩා වෙනස් මිල ගණන් පරිගණක ගත කරමින් ඇය මෙම වංචාව කලක පටන් සිදුකර තිබෙන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැතිබැරි කමට වැඩකාරකමට පැමිණි 17 හැවිරිදි තරුණිය වහල් සේවයේ යොදවා ඝාතනය කළ බවට සැකයක්!

Next Post

විගණනයට අභියෝග කළ ශම්මිට විගණකාධිපතිගෙන් කණ පැලෙන උත්තරයක්…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.