ගණේමුල්ල සංජීව ඝාතනය වූ දිනයේ ඔහුව අධිකරණයට රැගෙන පැමිණි ජේලර්වරයා අත් අඩංගුව ට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව ලබන 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල අද ( 17) නියෝග කළේය.
මෙම සැකකාර ජේලර්වරයා අත් අඩංගුවට නෙ තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසය මගිනි.
ඔහු සිය රාජකාරි වගකීම පැහැර හැරීම හේතුවෙන් මෙම අපරාධය සිදුවූයේදැයි විමර්ශන සිදුකරන බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
වෙඩි තබා පලා ගිය සැකරු අත් අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරියා විසින් කිසිම පියවරක් ගෙන නැති බව ද සිදුකර ඇති විමර්ශන මගින් හෙළි වී තිබේ. සැකකරුගේ ජංගම දුරකථන ඇමතුම් පිළිබඳ විශලේෂණයක් ලබා ගැනීමට ද විමර්ශකයින් විසින් අධිකරණයෙන් ඉල්ලා ඇත.
එම ඉල්ලීම්වලට අවසර දුන් මහේස්ත්රාත්වරයා ප්රකාශ කළේ සැකකරු ලබන 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.







