සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අභියාචනාධිකරණයටත් “ඔෆීෂියලි” බොරු කළ පොලිසියේ කොළේ ඉරුණු හැටි…

by editor
මාර්තු 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිගම w15 අපරාධයට අදාලව කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 06 දෙනෙක් විමර්ශන අවසන් වනතුරු අත් අඩංගුවට නොගන්නා ලෙස දෙපාර්ශවයේ නීතිඥවරු අභියාචනාධිකරණයේ දී එකඟතාවයක් ඇති කරගෙන ඇති බව ඊයේ (16) පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයේ මුලුමනින්ම අසත්‍යයක් බව අද අභියාචනාධිකරණය විසින් දැන්වූයේය.
.
අදාල නිවේදනය පිළිබඳ අද අධිකරණයේ දැඩි අවධානයට ලක් වන්නේ එය විනිසුරුවරුන් වෙත යොමු කරවමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මතු කළ කරුණුත් සමගය.

ඔහු පැවසුවේ මෙම එකඟතාවය ඇති කරගෙන මාස තුනකට වැඩි කාලයක් ගතවී ඇති බවය.
එසේ තිබිය දී හදිසියේ ඊයේ නිවේදනයක් නිකුත් කිරීම අද අභියාචනාධිකරණ නියෝගයට බලපෑමක් එල්ල කිරීමේ අරමුණින් සිදුකළා ද යන්න පිළිබඳ සැකයක් මතුවන බව අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේය.

පොලිසියේ නිවේදනය විවෘත අධිකරණය හමුවේ අධ්‍යයනය කළ වැඩ බලන සභාපති විනිසුරුවරයා කියා සිටියේ මෙවැනි නියෝගයක් තම අධිකරණය විසින් ලබා දී නොමැති බව ප්‍රකාශ කළේය.

ඒ අනුව කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල දේශබන්දු තෙන්නකෝන් පාර්ශවයෙන් ගොනු කළ මෝසම ඉවත දමමින් සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අභියාචනාධිකරණයෙ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් නියෝගය ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙක් නොව, රටේ පොලිස්පතිවරයා බවය.

RelatedPosts

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

එවැනි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් නීතියට අවනත නොවී දින 18ක් අධිකරණය මග හරිමින් සිටීම බරපතල වරදක් බව විනිසුරුවරයා අවධාරණය කළේය.

පෙත්සම් කරුගේ මෙම ක්‍රියාකලාපය නීතයේ ආධිපත්‍යයට කළ බලවත් නිගරුවක් බව සඳහන් කළ විනිසුරුවරයා නීතිය සුරක්ෂිත කිරීමේ වගකීම ඔහු වෙත පැවරී ඇති බැවින් එවැනි වගකිවයුතු පුද්ගලයෙකු අධිකරණ නියෝග මඟ හරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි ක්‍රියාවක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගණේමුල්ල සංජීව ඝාතනය කළ දිනයේ ඔහුව අධිකරණයට රැගෙන පැමිණි ජේල්ර් රිමාන්ඩ්!

Next Post

ඩියර් මිස්ටර් මනතුංග… ජඩ මාධ්‍යයට එරෙහි වෙන්න… හැබැයි ඊට කලින් ජඩ ප්‍රවෘත්ති මාධ්‍යයට දෙන ජඩ පොලිසිය හදාගන්න…

Related Posts

පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.