සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩියර් මිස්ටර් මනතුංග… ජඩ මාධ්‍යයට එරෙහි වෙන්න… හැබැයි ඊට කලින් ජඩ ප්‍රවෘත්ති මාධ්‍යයට දෙන ජඩ පොලිසිය හදාගන්න…

by editor
මාර්තු 18, 2025
in පුවත්
dc
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

පොලිස් මාධ්‍ය කොට්ඨාසය   ඊයේ සියලුම මාධ්‍ය ආයතන වෙත අපූරු නිවේදනයක් එව්වේය. එම නිවේදනය එවන්නේ දැඩි අවධාරණයක් කරමිනි.

ප්‍රස්තුතය අනුරාධපුර වෛද්‍යවරියගේ දූෂණ සිද්ධිය ය. ඒ සම්බන්ධව පොලිසිය   උසාවියට ඉදිරිපත් කළ බී වාර්තාවේ සම්පිණ්ඩනයක් මාධ්‍යවල පළ කර වින්දිතයා අපහසුතාවයට පත් කිරීමය. ඇතැම් මාධ්‍ය ආයතන එසේ පළ කළ පළමු අවස්ථාව මෙය නොවන බව ද පොලිසිය අවවාදාත්මකව දන්වන්නේය. මෙම සිද්ධියේ සැකකරුගේ උඩුකය නිරුවත් ඡායාරූප පල කිරීම සම්බන්ධව පොලිසිය දැඩි ලෙස කම්පනය වී ඇත. එසේ පලවීම විමර්ශන කටයුතුවලට අගතියක් වන බව ද එම නිවේදනයේ දැක්වේ.

අනතුරුව දණ්ඩනීති සංග්‍රහයේ වගන්ති මතක් කරමින් වරදට ගොදුරුවන තැනැත්තාගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීම, අධිකරණයට අදාලයම් කරුණක් අධිකරණයට අනුමැතිය නොමැතිව මුද්‍රණය කිරීම, හෝ පල කිරීම, වින්දිතයන්ගේ, සාක්ෂි කරුවන්ගේ හෝ ඔත්තුකරුවන්ගේ අනන්‍යතාවයට අදාල තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම, ඇතුළු සමස්ථ නෛතික තත්ත්වය සහ සදාචාර භාවිතය ගැන අවවාදාත්මකව අන්තර්ගතයක් එම නිවේදනයේ තිබේ. පොලිසිය මාධ්‍යයට සදාචාරාත්මක මාධ්‍ය භාවිතය ගැන සිහිකරමින් අවවාද කරන්නේය.  මේ දිගුවෙන් එම නිවේදනය දැක්වේ. Media on 2025.03.17 පැය 1440 මාධ්‍ය නිවේදනය

පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියන කතාව හරිය. සදාචාරයක් වගකීමක් සහ නිශ්චිත සමාජ ආරක්ෂණ වගවීම් රහිතව මේ රටේ මාධ්‍ය භාවිතයේ කුපාඩිකම සම්බන්ධව බරපතල අවුලක් තිබේ. විවේචනයක් තිබේ. ඒ සම්බන්ධව විවචේනයක් නැත. නිසැක වෙනසක් මේ ක්ෂේත්‍රයට අවශ්‍යය.  ඒත් අපට හිනා යන්නේ මේ මාධ්‍ය භාවිතයේ කුපාඩිකම ගැන මේ රටේ කුපාඩි පොලිසිය නිවේදන නිකුත් කිරීමය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගට මේ ලිපිය ලියා  තබන්නේ මාධ්‍යයට එවූ  මේ නිවේදනයේ පිටපතක් පොලිසියට ඇඩ්‍රස් කර පොලිස්පතිවරයාගේ සිට සෑම පොලිසියකටම යවන ලෙස කියන්නටය.

RelatedPosts

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

මේ ලිපියෙන් පටන් ගනිමු. අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය දූෂණය කළ සිද්ධියේ දූෂකයා අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමට මාධ්‍යකරුවන් කැමරා අරගෙන ආවේ නැත. ඒ අත්අඩංගුවට ගැනීම කරන්නට යන්නේ පොලිසිය සහ එස්ටීඑෆ් එකය. මේ ඡායාරූප සහ වීඩියෝපට මාධ්‍යයට නිකුත් වන්නේ කොතනින්දැයි හොයාගෙන බුද්ධික මනතුංග මේ නිවේදනය අපට එව්වා නම් කදිමය.

බී වාර්තාව සම්පින්ඩනය කරන්නේ පොලිසිය ය. එය ඉදිරිපත් කරන්නේ උසාවියටය. බී වාර්තාව මාධ්‍ය කරුවන් උසාවියෙන් හොරකම් කළේ නැත. පොලිසියේ ඔලුවට පිස්තෝලය තබා අරගත්තේත් නැත. මේ බී වාර්තාව මාධ්‍යයට පැමිණියේ කෙසේදැයි ඒ වාර්තාව සැකසූ පොලිස් කණ්ඩායමෙන් විමසා දැනගන්නා ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසයට දන්වා සිටිය යුතුය.

මෑත කාලයේ දි පොලිසිය විසින් සිදුකළ මෙහෙයුම් මෙහෙයුම්වලට වඩා සමීප වන්නේ චිත්‍රපටවලටය. සැකකරුවන් හඹා යන්නට කැමරා කණ්ඩායම් ද දාගෙන සිදුකළ පොලිස් වික්‍රමයන් නෝන්ඩි වූ ඉතිහාසය පොලිසියට අමතක වුනාට අපට නම් අමතක නැත. එස්ටීඑෆ් එක සිදුකරන සෑම මෙහෙයුමකදීම සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඔවුන් හිටුවා හෝ දණ ගස්සා ඔවුන්ව වීඩියෝ කර අත් අඩංගුවට ගත් නඩු භාණ්ඩත් සමග සෑම මාධ්‍යයකටම එවන පුරුද්ද තවමත් නැවතී නැත.

පොලිස් අත් අඩංගුවට ගත් සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර ඇතුළත් සමස්ථය මාධ්‍යයට ලැබෙන්නේ පොලිසියෙන්ම බව නොදැන බයිලා ගහන්නට බුද්ධික මනතුංග ගේ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ  බබ්බුන් නැති  බව අපට විශ්වාසය.

මෑතක දී රටම දුටු පොලිස් චිත්‍රපටය ගණේමුල්ල සංජීවගේ ඝාතකයා අත් අඩංගුවට ගැනීමය. මාධ්‍ය ආවරණය ගැන පුංචි හෝ අවබෝධයක් ඇති එකෙකුට ඒ චිත්‍රපට පිටපත තේරුම් ගත හැකිය. පොලිසිය හලාවත ප්‍රදේශයේ  මාර්ග බාධකයක්  ක්‍රියාත්මක කර ඇත. මාර්ගයේ යන එන වාහන අතර සුදු පාට කේඩීඑච් වෑන් රථයකට කැමරාව ඉලක්ක වේ. මුලින් වාහනයේ දුර රූපයකි.  රූප රාමුවට හසුවන වෑන් රථය  පොලිසිය විසින් නවතා ගනී. අනතුරුව අප දකින්නේ සමීප දර්ශනය. ඒ පුද්ගලයෙක් හා පොලිසිය කරන සංවාදයකි. අනතුරුව එම පුද්ගලයාගේ සමීප රූප පෙනේ. ඡායාරූප රැසකි. සියලුම තොරතුරු මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ විනාඩි ගණනකිනි. ගණේමුල්ලේ සංජීවගේ ඝාතකයා අත් අඩංගුවට ගෙන තිබේ.”

ඔත්තුවකට අනුව සැකකරුවෙක් අත් අඩංගුවට ගන්නා පොලිස් මෙහෙයුම චිත්‍රපටයක් කර විකාශය කිරීමේ අවසානය වූයේ ඝාතනයට සම්බන්ධ 24 හැවිරිදි සෙව්වන්දි හෝ වෙනත් තීරණාත්මක සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට තිබුණු අවස්ථාව නැතිවීමය. මේ පොලිස් ආතල් එක මොනතරම් දුරකට ගියාද කිවහොත් ඝාතකයාගේ සමීප රූප ඒඅයි තාක්ෂණයෙන් ප්‍රතිනිර්මාණය වූයේය. “ලස්සන කොල්ලාගෙන්” වෙඩි කා මැරෙන්නට ආසා කළ ගෑණුන්ගේ කමෙන්ට් සමාජ මාධ්‍යයේ බේරුනේය. සියලුම සදාචාර සීමාවන් කුඩු කරගෙන ලකුණු සඳහා නිල ඇඳුමෙන් අමුඩය ගසාගෙන කුපාඩි වාර්තාකරණය සඳහා අවශ්‍ය සියලුම යටිතල පහසුකම් සලසන එවැනි  පොලිසියක් දැන් නිවේදන නිකුත් කරමින් සදාචාරාත්ම මාධ්‍ය භාවිතය සම්බන්ධව මාධ්‍යයට උපදෙස් දීම දකින විට දෙකොනින් හිනා යන බව පොලිස්පතිවරයාටත් ලියා දැන්විය යුතුය.

යළිත් කිව යුත්තේ බුද්ධික මනතුංග මාධ්‍යයට එවූ නිවේදනය සම්බන්ධව කිසිම විවේචනයක් නැති බවය. මේ සිහිකිරීම මීට වඩා බරපතල ලෙස සිහිකළ යුතු බවය. අප කියන්නේ මේ කතාව අපට කියන්නට කලින් මාධ්‍යයටත් වඩා අන්ත ජඩ ගොහොරුවක ගිලී ඇති පොලිසියට කිව යුතු බවය.

සමාජයක් ලෙස සෑම ආයතන කලාපයකම පරිවර්තනයක් අවශ්‍යය. ඒ පරිවර්තනය ගැන නෛතික උපදෙස් රටට දෙන්නට පෙර අඩුම තරමින් මානව යුක්ති ධර්මයේ මූලික හරයවත් ආරක්ෂා කරගැනීමේ වගවීම තමන්ට ඇති බව පොලිසිය රටට සහිතකි කළ යුතුය. කිසිම සමාජ යුක්ති ධර්මයක්ට වලංගු නැති මේ පොලිසියේ විලි ලජ්ජා නැති හෙළුව මෑතක දී අප දකින්නේ කොටහේනේ දී පොලිස් අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙක් මෝදර දී වෙඩි තබා ඝාතනය කිරීමත් සමගය. ලෝකයක් ඉදිරියේ රට නිරුවත් කළ මේ නින්දිත පොලිස් දඩයමට ආණ්ඩුව වන්දිගෙවූ ආකාරය ඒ සතියේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මාධ්‍ය ඉදිරියේ දත කට පූට්ටු කරගත් ආකාරයෙන් පැහැදිලි වුනේය.

යළිත් අප කියන්නේ මේ කතා කරන්නේ සදාචාර සීමාවන් සහ නෛතික රාමුව ගැන  මාධ්‍යයට  සිහිකළ පොලිස් සිහි කැඳවීම  ගැන නොවන බවය. සියලුම සදාචාර සීමාවන් බිඳ දමා ලකුණුවලට මීඩියා ගේම් ගහන ඒ පොලිසිය මාධ්‍යයට සදාචාරාත්මක මාධ්‍යකරණයක් ගැන සිහි කරමින් ලිපි එවීම පිළිබඳව.

අපට පොලිසියට කියන්නට ඇත්තේ පොලිස් සංදර්ශන නවත්වා වෘත්තීය භාවයෙන් යුතුව රැකියාව කරන ලෙසය. පොලිසිය වගකිම් රහිත කුපාඩි තොරතුරු මාධ්‍යයට ලබා නොදෙන අවස්ථාවේ සිට මාධ්‍යවල කුපාඩි වාර්තාකරණය ද නවතිනු ඇති බව අපගේ විශ්වාසය ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අභියාචනාධිකරණයටත් “ඔෆීෂියලි” බොරු කළ පොලිසියේ කොළේ ඉරුණු හැටි…

Next Post

නීති විරෝධී පන්න කරන ධීවර මැරයෙකුට එරෙහිව වෙත්තල්කේණි ධීවරයින් මුහුදු යෑම නවතා වර්ජනයක…

Related Posts

පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!
  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.