දිනසේන රතුගමගේ –
මහවැසි මැද මුලතිව් උඩයාර්කට්ටු මුංගීල් ආරු ප්‍රදේශයේ නිවසකට පැමිණි අඩි හතක් පමණ දිග හැලි කිඹුලකු ගම්වාසීන් විසින් පහර ඊයේ (01) දී මරා දමා තිබේ.
වැසි ජලයත් සමගම නිවසක් තුළට පැමිණ එහි සැඟවී සිටීමට උත්සාහ කළ මෙම කිඹුලාට කඩුවකින් කොටා මරා දමා ඇත.
මුලතිව් පොලීසිය හා වන ජීවී නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.







