කෝටි 80කට අධික වීදි වටිනාකමක් සහිත හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 580ක් සමග 27 හැවිරිදි පුද්ගලයෙක් කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසකදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාලඹේ පොලිසියට ලැබුණු තොරතුරක් මත මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබු වැල්ලම්පිටිය කොටිකාවත්ත නාගහමුල ප්‍රදේශයේ පිහිටි මෙම නිවස වටලා පරීක්ෂා කිරීමේ දී නිවසේ කාමරයක ගමන් මල්ලක් තුළ සඟවා මෙම මත්ද්‍රව්‍ය තොගය තිබී ඇත.
පොලිසිය පවසන්නේ හෙරෝයින් මත්කුඩු තොගය පාර්සල් 13ක් වශයෙන් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය පාර්සල් 02ක් වශයෙන් තිබූ බවය.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මහර ප්‍රදේශයේ මොරින් නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ නමක් සඳහන් කර තිබේ. ඒ ඔස්සේ විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගන්නා බව පොලීසිය පවසයි.







