රුපියල් කෝටි 22ක් පමණ වටිනාකමකින් යුත් කොකේන් සහ මත්පෙති සමඟ සැකකාරියක් ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයේ දී අද (29) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බොල්ලත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි. ලද විශේෂ තොරතුරක් මත බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකර තිබිණි.
මෙම සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සන්තකයේ තිබී කොකේන් කිලෝග්‍රෑම් 04කට අධික ප්‍රමාණයක් සහ මත්පෙති 3450 කට ආසන්න පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරයි.







