ලලිත් චාමින්ද –
කොළඹ විශ්වවිද්‍යාලිය පරිගණක අධ්‍යයන ආයතනයේ නිලධාරි 44 දෙනෙකු සදහා ආපදා ණය ගෙවිය හැකි උපරිම සිමාව ඉක්මවා රුපියල් 11,364,433 ක මුදලක් වැඩිපුරගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්වේ.
ආපදාණය ගෙවියහැකි උපරිම සිමාව වු රුපියල් 2.50000ක ඉක්මවා මුලික වැටුප මෙන් දස ගුණයක මුදලක් මෙම නිලධාරින්ට ගෙවා ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
2009 පෙබරවාරි මස 05 දිනැති අංක 2009 /2 දරණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා චක්‍රලේඛය අනුව කටයුතු කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ සම්බන්දව විශ්වවිද්‍යාලිය කළමණාකාරිත්වය විගණනයට ප්‍රකාශ කොට ඇත්තේ ආයතනයේ 195 වැනි කළමණාකරණ මණ්ඩල රැස්විමේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා චක්‍රලේඛන 17/2016 න් කාර්යමණ්ඩල මුලික වැටුප් ඉහළයාම නිසා මුලික වැටුප මෙන් දස ගුණයක මුදලක් ආපදාණය වශයෙන් ලබාදිමට තිරණය කළ බවය.
මේ සදහා අවශ්‍ය සම්පුරණ ප්‍රතිපාදන ආයතනයේ ඉපයු ආදායමෙන් ලබාගැනිමටත් තින්දු කළ බවය.
කොළඹ විශ්වවිද්‍යාලිය පරිගණක අධ්‍යයන ආයතනයේ 2020 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සදහා මුල්‍ය කාර්යසාධන ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම වාර්තාව නිකුත්කොට තිබුණි.