චීනයේ සහය ඇතිව ඉදිවන කොළඹ වරාය ව්‍යාපෘතිය මුදල් විශුද්ධිකරණය කරන්නන්ට ආරක්ෂිත ස්ථානයක් නිර්මාණය කළ හැකි බව එක්සත් ජනපද තානාපති අනතුරු අඟවා තිබේ.
බදු සහන, බදු රහිත වැටුප් සහ අක්වෙරළ මූල්‍ය මධ්‍යස්ථානයක් වීමට ඉඩ සලසන කොළඹ වරාය නගර පාලනයට කොමිසමක් සඳහා වන කෙටුම්පත් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.
බදු කාන්දුවීම් මධ්‍යයේ අවසර ලබන මුදල් විශුද්ධිකරණ තෝතැන්නක් ලෙස චීනයේ පිටුබලය ලබන කොළඹ වරාය නගරයේ පහසු ව්‍යාපාරික නීති රීති අනිසි ලෙස භාවිතා කිරීමට උත්සාහ කළ හැකි ‘අශිෂ්ට නළුවන්ගේ’ අනපේක්ෂිත ප්‍රතිවිපාක ගැනද ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපති ඇලයිනා ටෙප්ලිට්ස් අනතුරු ඇඟවීය.
බදු සහන, බදු රහිත වැටුප් සහ අක්වෙරළ මූල්‍ය මධ්‍යස්ථානයක් වීමට ඉඩ සලසන කොළඹ වරාය නගර පාලනයට වෙනම කොමිෂන් සභාවක් සඳහා වන නීති කෙටුම්පත් ශ්‍රී ලංකාව විසින් එළිදක්වා තිබේ.
“වරාය නගරය සම්බන්ධ ඕනෑම නීති සම්පාදනයක් එහි ආර්ථික බලපෑම සඳහා ඉතා පරිස්සමින් සලකා බැලිය යුතුයි” යැයි ටෙප්ලිට්ස් කොළඹ මාධ්‍යවේදීන් අමතමින් මාර්ගගත සාකච්ඡාවකදී පැවසීය.
සාම්ප්‍රදායික අර්ථයෙන් බදු තෝතැන්නක් නොවුවද, වරාය නගරය පවත්වාගෙන යන ඒජන්සියට වසර 40 ක් දක්වා වූ බදු වලින් ව්‍යාපාර නිදහස් කිරීමට පුළුල් බලතල ඇති බව පැවසේ.







