කොළඹ දිස්ත්රික්කය අති විශිෂ්ට ලෙස මාලිමාව ජයගෙන තිබේ. ආසන ගණන 18කි. ආසන 14ක් මාළිමාවටය.
සමගි ජන බලවේගයට ආසන 04ක් ජය ගෙන තිබේ. මෙය සමගි ජන බලවේගය අපේක්ෂා කළ තත්ත්වයක් නොවේ. ඔවුන්ගේ කොළඹ කණ්ඩායම ඉතාම ප්රබල එකකි.
දුක හිතෙන්නේ රනිල්ගේ පලපුරුදු සිලින්ඩරය ගැනය. එක ආසනයක්වත් නැත. පළපුරුදු සාගලත් එළියේ ය.
ජාතික ජන බලවේගය ඡන්ද 788,636කි. සමගි ජන බලවේගය ඡන්ද 208,249කි. රනිල්ගේ පළපුරුදු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ ඡන්ද 51,020කි. ඔහුත් සමග කොළඹ දී පොහොට්ටුවත්, ප්රතික්ෂේප වී ඇත.







