අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොළඹට ඕන බෙහෙත් අනුරාධපුරේ වී ගබඩාවක

"ඒක නිවැරදි තීරණයක්"- ඇමති ජයයසුමන පිළිතුරු දෙයි

by Lanka Sara Editor
පෙබරවාරි 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා සංකීරණ ධාරිතාව පුළුල් කිරීම සඳහා විද්‍යානුකූල තාක්ෂණික විමර්ශනයකින් පසු තෝරාගත් වේයන්ගොඩ ගබඩාව ප්‍රතික්ෂේප කරමින් ශාවස්ත්‍රිපුර වී අලෙවි මණ්ඩලයේ ගබඩාවක් ඒ සඳහා තෝරාගැනීමත් සමග වෛද්‍ය සැපයුම් අංශයට බරපතල දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වී ඇතැයි වාර්තා වේ.

වෛද්‍ය සැපයුම් අංශ තාක්ෂණික කමිටුවක් විසින් වේයන්ගොඩ ගබඩාව තොරාගෙන තිබුණේ විශේෂ කාරණා ගණනාවක් සැලකිල්ලට ගනිමිනි. පසුගිය රජය සමයේ වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධාන ගබඩා සංකීර්ණය ස්ථානගත කර තිබුණේ කොටිකාවත්තේය. ඒ වකවානුවේ ගැලූ විශාල ගංවතුර හේතුවෙන් මෙම ගබඩාව යට වී රුපියල් කොටි ගණනක බෙහෙත් විනාශ වී ගියේය. නව ගබඩා සංකීර්ණය පුළුල් කරද්දී මේ අත්දැකීම් ද සැලකිල්ලට ගෙන, ස්වභාවික උවදුරු අවම, කටුනායක ගුවන්තොටුපලට පහසුවෙන් ප්‍රවේශ සපයන, පරිසර හා භූගෝලීය තත්වයන් කළමණාකරණය කරගත හැකි ස්ථානයක් සොයන විට වේයන්ගොඩ ගබඩාව ඊට උචිතම ස්ථානය බව තාක්ෂණික කමිටුව නිර්දේශ කර තිබිණි.

එහෙත් මේ තෝරා ගැනීමට එරෙහි වූ ඖෂධ සැපයුම් සහ නියාමනය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ප්‍රධාන ගබඩා සංකීර්ණය ශාවස්ත්‍රිපුර වී අලෙවි මණ්ඩල ගබඩාවක් වෙත රැගෙන ගොස් ඇති බවට සෞඛ්‍ය අංශ චෝදනා කරයි. ඔවුන් පවසන්නේ එය අනුරාධපුර ප්‍රදේශයට බෙහෙත් ගබඩාවක් රැගෙන එන බවට විශාල පූර්ව ප්‍රචාරයක් ද ලබා දුන් බවය.

“ දැන් කොළඹ වරායෙන්, කටුනායකින් රිලිස් කරන බෙහෙත් තොග මරදානට ගෙනත් මරදානෙන් කෝච්චියෙ පටවලා අනුරාධපුර ශාවස්ත්‍රිපුරට යවනවා… මේක වී අලෙවි මණ්ඩල ගබඩාවක්. මේ ගබඩාව ටකරන් වලින් හදලා තියෙන්නෙ වී පුස් කනවට ඇතුළෙ උෂ්ණත්වය වැඩි වෙන විදිහට. බෙහෙත් ගබඩාවකට කොහෙත්ම සුදුසු නෑ. බෙහෙතක ගුණාත්මක අගය ආරක්ෂා කිරීම සඳහා බෙහෙතක් ප්‍රවාහනය කරනකොට ප්‍රවාහනය කරන උෂ්ණත්වය, ගබඩා කරන උෂ්ණත්වය ගැන අත්‍යාවශ්‍ය නියමන් තියනවා. ඒ මූලික නියමයම මෙතන ඉවරයි. බෙහෙත ගුණාත්මකව මුළුමනින්ම විනාශයි.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

දෙවෙනි කාරණාව දැන් කොළඹ ඉඳන් ශාවස්ත්‍රිපුරට පටවපු බෙහෙත් කොළඹ හොස්පිට්ල් වලට ගන්න කොළඹ ඉඳන් ලොරි ශාවස්ත්‍රිපුරට එනවා… ඒ ලොරිවලින් ආපහු බෙහෙත් කොළඹ අදිනවා… මේ වෙන ප්‍රවාහන වියදම විතරක් ගණන් කරලා බලන්න. “
වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මේ පිළිබඳව ඖෂධ සැපයුම් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන් ද ලංකාසර විමසීය. එහිදී මහාචාර්ය ජයසුමන ප්‍රකාශ කළේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර වී අලෙවි මණ්ඩල ගබඩාවට මෙම ඖෂධ ගබඩා කිරීමට ගත් තීරණය ඉතා නිවැරදි එකක් බවයි. එය අනුරාධපුරයට ගෙන යාම තම පෞද්ගලික තීරණයක් නොවන බවත් එයින් තමාට විශේෂ වාසියක් අත් නොවන බවත් ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙම ගබඩාවේ දැනට විශාල වශයෙන් ගබඩා කරන්නේ සේලයින් සහ වගුකඩු රෝගීන්ගේ පරිතාන කාන්දුකරණ උපකරණ කට්ටල ඇතුළු ඖෂධ බවත් මෙම ඖෂධ එතැන සිට උතුර, උතුරුමැද සහ නැගෙනහිර වැනි පළාත්වලට පහසුවෙන් බෙදා හළ හැකි බවත් ප්‍රකාශ කළේය.

දුම්රියෙන් මෙම දුව්‍ය අඩු වියදමකින් කොළඹ සිට ප්‍රවාහනය කරන අතර යළි ඒවා කොළඹට අනුරාධපුරයේ සිට ප්‍රවාහනය කිරීමක් සිදු නොවන බවත් කොළඹට අවශ්‍ය දුව්‍ය කොළඹ පිහිටි ගබඩාවල තැන්පත් කෙරෙන බව ඔහු ප්‍රකාශ කළේය.

වේයන්ගොඩ ගබඩාවක් තාක්ෂණික කමිටුව විසින් තෝරා ගෙන තිබියදී එය ලබා නොගැනීම පිළිබඳ ව කෙරෙන ප්‍රකාශයට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසූයේ සෞඛ්‍ය අමාත්‍යංශය එවැනි ගබඩාවක් තෝරා ගත්තද එය ඒ වනවිට පෞද්ගලික අංශය වෙත ලබා දී තිබුණු බවය. මේ නිසා එය ආපසු ලබා ගැනීමේ ප්‍රායෝගික අපහසුතාවක් පැවති බව සඳහන් කළ අමාත්‍යවරයා පැවසුයේ එය ලබා ගත්තද එයට රජයෙන් කුලී ගෙවීමක්ද කළ යුතු ව තිබූ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය සරසවි යුද ස්මාරකයේ තබන්නට වෙල්ලමුල්ලිවයික්කාල්වල පස් ගෙනේ..

Next Post

පොලිසියේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.