ව්‍යාධි ජනක නොමැති බවට ශ්‍රි ලංකාවේ පර්යේෂණාගාරවලින් තහවුරු වන්නටත් පෙර නැව්ගත කරන ලද ව්‍යාධි ජනක අඩංගු කාබනික පොහොර තොගය සහිත නෞකාව මේ වනවිට තම ගමනාන්තය වෙනස් කර ඇති බව වාර්තා වෙයි.
අදාළ නැව පසුගිය දා චීනයේ ක්වින්ඩාවෝ වරායෙන් පිටත්ව ඇති අතර එය ඔක්තෝබර් මස 06 වැනිදා කොළඹ වරායට සේන්දු වීමට නියමිතව තිබිණි. මේ වනවිට එම නැව සිංගප්පුරුව බලා ගමන් ගන්නා බව එම වාර්තා සඳහන් කරයි.
ඒ අනුව පොහොර තොගය අඩංගු නෞකාව හෙට (02) සිංගප්පූරු වරායට සේන්දු වීමට නියමිත බව ද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.
චීනයේ සමාගමෙන් ගෙන්වන ලද බව කියන මෙම කාබනික පොහොර සහිත මෙම තොගය මෙට්‍රික් ටොන් 15,000ත් 20000ත් අතර පුමාණයක් පවතින බවට ලංකාසරට වාර්තා වූ අතර මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර අවශ්‍යතාව හේතුවෙන් එය ඉක්මනින් නැව්ගත කරන ලද බව වාර්තා වේ.
ශ්‍රි ලංකාවේ සමාගමක් මෙම පොහාර තොගය ගෙන්වීමේ ඒජන්තයා ලෙසින් ක්‍රියා කරයි. මුහුදු පැලෑටි ආශ්රයෙන් නිෂ්පාදනය කරන ලද බවට ප්‍රකාශ වුණු නයිට්රජන් අඩංගු මෙම කාබනික පොහොර සාම්පල දෙවරක්ම පරීක්ෂාවට ලක් කිරීමේදී එහි මෙරට බෝග වගාවන්ට අහිතකර විය හැකි ක්ෂ්‍රදුජීවීන් අන්තර්ගත බවට තහවුරු විය.
එ අනුව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා මෙම පොහොර ලබා ගත නොහැකි බවට ප්‍රකාශ කිරීමෙන් පසුව දැනට නැව්ගත කර ඇති පොහොර තොගය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවිය.
කෙසේ වුවද මේ වනවිට අදාළ නෞකාව සිංගප්පුරුව ආසන්නයට පැමිණ ඇති බව මෙම වාර්තා සඳහන් කරයි







