බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානය හිමිකරුගේ පුතා නිදි ඇඳේ දී වෙඩි තබා ඝාතනය කළ ඝාතකයෙක් කොටු!

by editor
අගෝස්තු 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයක හිමිකරුවෙකුගේ තරුණ පුත්‍රයා  පසුගිය 31 දින අළුයම කොස්ගොඩ දූවේමෝදර ප්‍රදේශයේදී  වෙඩි තබා   ඝාතනය කිරීමට අදාලව ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන  අංශය සැකකරුවෙකු අයිස් මත්දව්‍ය මිලිග්‍රෑම් 5500 ක්ද සමග අද (03) අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු බළපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඉසෙඩ් පී එම් ලියාකාත්   වෙත අද (03) සවස ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මෙසේ  අත් අඩංගුවට ගෙන ඇත්තේ ඛෙත්තාරාම පාර, කෝම්මල, වඩුමුල්ල, බෙන්තොට ලිපිනයේ පදිංචි කළුආරච්චිගේ දේශාන් චතුනික (23) නැමැති තරුණයෙකි.

සැකකරු මෙම ඝාතනයට සම්බන්ධ බවට වැදගත් තොරුතුරු රැසක් අනාවරණය කරගෙන තිබෙන බවත් සැකකරු ඝාතනය සදහා යතුරු පැදිය ධාවනය කර තිබෙන බවට තොරතුරු අනාවරණය වූ බවත් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශණ අංශය කියයි.

සැකකරු සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බවත් වෙඩි තැබීම සිදුකරන ලද අය සහ ටී – 56 ගිනි අවිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවනු ඇති බවට පොලීසිය විශ්වාස කරන බවත් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

වෙඩි තැබූ ස්ථානය…

පසුගිය 31 දින අළුයම 5.15 ට පමණ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ටි – 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කරන ලද තුයියාදුර අරුන් මෙන්ඩිස් ගුණසේකර (23) නැමැති තරුණයාගේ  ඝාතනය සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

ඝාතනයට ලක් වූ අය සිය නිවසේ ජනේලයක් විවෘත කර නිදාගෙන සිට ඇති බවත් ගිනි අවිය ජනේලයෙන් ඇතුළට දමා වෙඩි ප්‍රහාර එල්ල කර තිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.

ඝාතනයට ලක් වූ අයගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පසුගිය 31 දින බළපිටිය මහේස්ත්‍රාත් ආර් ඩී ජනක  විසින් සිදුකරන ලද අතර පශ්චාත් මරණ පරීක්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී පී බී ඩබ්ලිව් ලේල්වල   විසින් සිදුකර තිබේ.

ඝාතනයට ලක් වූ අයගේ ශරීරයේ වෙඩි පහරවල් 11 ක් තිබූ බවත් එම වෙඩි පහරවල් 11 ම සිරුර පසාරු කරගෙන ගොස් තිබූ බවත් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවේ සඳහන් වේ. වෙඩි පහරවලින් පපුව ප්‍රදේශයේ අභ්‍යන්තර ඉන්ද්‍රීයන්ට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුව තිබෙන බවද එම වාර්තාවේ වැඩි දුරටත් සදහන් වේ.

වෙරළ පැත්තේ සිට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර    වෙඩි තැබීමෙන් පසු කැස්බෑ පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රධාන දොරටුවෙන්ම සැකකරුවන් පලාගොස් තිබූ බවත් පොලිස් පරීක්ෂණ වලදි තහවුරු කරගෙන තිබුණි.

වෙඩි තැබීම සිදුකර ලද යතුරු පැදිය එදිනම දහවල් ඉඳුරුව අතුරුවැල්ල පාලම යට සඟවා තිබියදී කොස්ගොඩ පොලීසිය මගින් සොයා ගෙන තිබුණි. මෙම යතුරු පැදිය දැනට කොස්ගොඩ පොලීසිය භාරයේ තිබෙන බව කොස්ගොඩ පොලීසිය කියයි.

ජාත්‍යන්තර පාසැලක අධ්‍යාපනය ලැබූ මියගිය තරුණයා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කරමින් සිට ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

මියගිය අයගේ පියා වන ආයු විරාජ් මෙන්ඩිස් නැමැති අය අගම්පොඩි ශෂී ප්‍රභාත් ද සොයිසා නොහොත් ශෂී නැමැති අය සමග ආරවුලක් ඇතිකර ගෙන තිබෙන බවත් එම ආරවුලෙන් පසු ශෂී නැමැති අය විදේශගතව ඇති බවත් පොලීසිය කියයි.

කප්පම් ලබා ගැනීමකට අදාලව ඇති වූ මෙම ආරවුල හේතුවෙන් ශෂී නැමැති අය විදේශයක සිට මුදල් යොදවා මෙම ඝාතනය සිදුකර තිබෙන බවට පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත. මියගිය අයගේ පියා වන ආයු නැමැති අය පාතාල කල්ලි නායක කොස්ගොඩ සුජීගේ හිතවතෙකු බවත් ශෂී කොස්ගොඩ සුජීට එරෙහි පාර්ශවයක් සමග එකතු වී ඇති බවත් පොලීසිය කියයි.

ආයු නිමැති අය කොස්ගොඩ ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයෙකු වන අතර විදේශිකයෙකු සමගද හවුල් ව්‍යාපාරද පවත්වාගෙන ගොස් තිබේ. ඔහු පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ කොස්ගොඩ ප්‍රදේශයේ හෝටල් දෙකක් මිල දී ගෙන තිබූ බවත් පසුව එක් හෝටලයක් ඉතා අඩු මුදලකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධනට විකුණා තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

ඇල්පිටිය ජේෂ්ඨ පොලිස් අධිකාරි උපදෙස් පරිදි, ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය, ඇල්පිටිය ජීව විද්‍යාත්මක පරීක්ෂණාගාරය සහ කොස්ගොඩ පොලිසිය වැඩිදුර විමර්‌ශන සිදු කරනු ලබයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිමඩ – මීගමුව බස් රථයක් පදවමින් සිටි බීමත් ලංගම රියදුරෙක් අත් අඩංගුවට…

Next Post

වරාතැන්න ග්‍රාමසේවකට   පහර දී කටත්  කපා පලා ගිය පුද්ගලයෙක් සිය දිවි නසාගෙන…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.